Back to Top

Category: Multimedia

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට..

                      Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා උෂ්නත්වය දැරීමේ හැකියාව ද්ක්වන අතර සාමාන්‍ය කාඹර උෂ්නත්වයේදී අපමන කාලයක් තම දත්ත නිරුපද්‍රිතව තබා ගැනීමෙ හැකියාව සදහන් කරනවා.  23.5 GB (single layer) ක දත්ත ගබඩා හැකියාව සමග වසර 7ක් දක්වා වූ අයුකාලයක් ‍රැගෙන එන Blu-ray discs සමග සැසදීමේදී මෙය විශාල ඉදිරි පියවරක් ලෙසට හඳුන්වා දෙනවා. එම හදාරන්නන් කන්ඩායමේ ප්‍රධානියා වැඩි දුරටත් පවසන්නේ 5D storage unit එකක් පෙනුමෙන් මෙන්ම භාවිතාවෙන්ද CDs, DVDs, නැතිනම් Blu-ray තැටියකට වඩා කැපී පෙනෙන වෙනස් කමක් නොගෙනෙනු ඇති බවයි. සමස්ථ මිනිස් වර්ගයාගෙ කථාන්දරයම අඩංගුකල හැකි 360 terabytes (per disc) ගබඩා හැකියාවක් ගෙනෙන මෙම තැටිය glass නිමැවුමකින් යුත්ත වන බවටයි පැහැදිලි කරන්නේ.

Posted in Multimedia, New Technology |

VLC Player ය windows 10 සදහා සූදානම්ය..

         windows 10 සදහා ඔවුනගේ මීඩියා ප්ලේයරය පැමිනෙන්නේ සීමිත සංස්කරන සදහා පමනී. මේ හේතුවෙන් windows 10 සමග තම තොරතුරු ජීවිතය අරබන ඔබට බාහිර ප්ලේයර මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නට සිදුවීම අනිවාර්යය. නොමිලේ ලබා ගත හැකි ප්ලේයරයන් අතර VLC වෙතට ඇත්තේ වැඩි අවධානයක් වන අතර පහසුවෙන් වැඩි ආකාරයක වීඩියෝවන් ධාවනයට සූදානම්ව එය පැමින තිබීම මෙම ආකර්ශනය අතර ප්‍රදාන හේතුවක් ගනී. VLC වෙතින් නිකුත්වන නිවේදනයක් පවසන්නේ මේ වන විට තම ප්ලේයර මෘදුකාංගය windows 10 සදහා වඩාත් සූදානම්ව Windows Store වල තිබෙන බවකි. හඳුනාගෙන තිබූ දුර්වලතා පිලිසකරව නවාංගද කිහිපයක් සමග පැමිනෙන මෙම නව සංස්කරනය සමග mini player  වැනි භාවිතාකරන්නන් හට වඩා පහසු කරවන අංග පැමින ඇත.

Posted in Multimedia |

Windows 10 සමග FLAC ගොනු සදහාද සහය එනු ඇත….

  ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක සමග ඒ ඒ ගොනු වර්ග සදහා සහය දක්වන default විවෘතකරනයන් නොපැමිනීම විවිද ගැටලු ඇති කරවන්නකි. පලමුවෙන්ම භාවිතාකරන්නා හට විකල්ප මෘදුකාංගයක සහය සොයන්නට සිදුවේ. බොහෝ විට මෙසේ පැමිනෙන මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය සමග මුල් ස්වභාවයෙන් එන මෘදුකාංග මෙන් නොව විවිධ ගැටලු නොසැසදීම් සිදුවන අවස්ථා නිතර දැකිය හැක. මේනිසාම හදාරන්නන් නිතරම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග එන මෘදුකාංග වැඩි ගොනු වර්ග සදහ සහයක් දැක්වීම සහිතව පැමිනිම අගයනු දැකිය හැක. මේ ආකාරයේ මෘදුකංග අතර Wndows media Playerය කැපී පෙනෙන්නේ මොන ආකාරයක භාවිතාකරන්නෙකු හට වුවද media player අදාල වන නිසා වෙනි. මෙම මෘදුකාංගය සමග වැඩි ගොනු වර්ග ප්‍රමානයකට සහය දක්වන ස්වභාවයෙන් පැමිනීම සියල්ලන්ගේ හිත සුව පිනිස වනු ඇත.
හෙලි වන තොරතුරු වලට අනූව Windows 10 සමග එන මීඩියා ප්ලේයරය FLAC(‘Free Lossless Audio Codec’) ආකාරයේ ගොනු සදහා ද සහය දක්වන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවට කියවේ. මෙම codec ඔස්සේ මුල් ගොනුව 50-60% කට අකුලනු ලදුව අවශ්‍ය විටදී නැවත යතා ප්‍රමානයට ගෙනෙන්නට සහය වන තාක්ශනයක් වන අතර මීට පෙර කියවුනේ windows 10 සමග MKV ලෙසින් නම් වන තවත් ජනංප්‍රිය ගොනු වර්ගයකට සහය දැක්වීමද පැමිනෙන්නට නියමිත බවකි.