Back to Top

Category: Nature

Seethawaka Odyssey

‘Seethawaka Odyssey’ යනු Colombo Fort වල සිට Waga Railway Station දක්වා Saturdays සහ Sundays වලදී ධාවනය වන luxury train service එකකි. එය Kelani Valley (KV) දුම්රියමාර්ගය ඔස්සේ පැමිනෙන්න අතර එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගත් එකක් වන අතර එය මුලදී Sundays වලට පමනක් සීමාවී තිබූ සේවාවකි. මෙය Seethawakapura අසිරිය දැකබලා ගන්නට හා එක් දින සංචාරයක් ඔස්සේ සොබා දහම සමග සතු‍ටුවන්නට හා සැහැල්ලුව සදහා කලබලකාරී කගර වැසියන්ට මහගු අවස්ථාවක් වනු ඇත.

Posted in Nature |
KumariElla, kunari ella falls

Kumari Ella Falls

      පුවක්පිටිය නගරයෙන් හැරී තුම්මෝදර මාවත දීගේ කිලෝ මීටර තුනක් පමන යන විට අඹන්ගම ඔය ගල්කුලකින් ඇද හැලෙමින් නිර්මාණය කරන කුමාරි ඇල්ල කොළඹ දිස්ත්‍රික්කයේදී හමුවන විසිතුරුම තවත් ස්වාභාවික සම්පතක් බව හදාරන්නන්ගේ අදහසයි. උසින් අඩි පහලොවක පමන වන මෙම දිය ඇල්ලේ දිය පහර ඇස්වත්තෙදී කැළණි ගඟට එක්වන අතර සීතාවක රාජසිංහ සමයේදී මෙම කුමාරි ඇල්ල ස්ථානය රජ කුමාරියන් දිය කෙලිය සදහා භාවිතාවූ ස්ථානයක් ලෙසට පිලිගැනේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ සීතාවක රාජසිංහ රජිදුන්ගේ දූකුමාරිය නමින් මෙම ඇල්ල නම්වන බවත් පුවක් පිටිය අවට වන Pittukanda හා Dukkalahelena කඳු දෙක ඔස්සේ පැමිනෙන ජල පහර දෙකක් ප්‍රධානව එක්විමෙන් මෙම ඇල්ල නිර්මානය වන බවකි.  මෙතැන් සිට පුවක් පිටිය නගරය ආසන්න වන තෙක්ම ගල් පර අතරින් ඇදහැලෙමින් විසිතුරු රටා මවමින් ගලා බසින මෙම දිය දහර සමග දෙපසින් වන ඉවුරු වල වන මීවන ඇතුලු ශාකයන්ගෙන් ගැවසී ඇති අතර පැමිනෙන්නන් වෙතට වඩාත් නෙත්කලු බවක් ගෙන දේ. නගරය ආසන්නයේ වීම සමග නිතර නරබන්නන්ගෙන් ගැවසගත් ස්ථානයක් ලෙසට මෙම ස්වභාවික ස්ථනය හඳුනවා දිය හැකි අතර නොසැලකිලිමත් නරබන්නන් අතින් නිතර අපවිත්‍රවන තැනක් ලෙසටද හඳුන්වා දෙන්නට සිදුවේ.

Seethawaka Wet Zone Botanic Garden

තෙත්කලාපීය පලමු උද්භිත උද්‍යානයක් ලෙසට 2008දී පමන සීතාවක තෙත්කලාපීය උත්භිත උද්‍යානය හෙක්ටයාර 43 නැතිනමක්කර 106ක භූමිභාගයක ස්ථාපනය කිරීම අරබන ලදී. අවිස්සාවෙල්ල කොලඹ මාර්ගයේ පුවක්පිටිය නගර අසන්නයෙන් මෙන්ම කළුඅග්ගල මංසංඳියෙන්ද පිවිස ඉලුක්ඔවිට දෙසට ගමන් කිරීමෙන් මේ අපූර්ව භූමිභාගයට පිවිසෙන්නට හැකිය. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උද්භිත උද්‍යානය පිහිටවීමේදී වැඩි අවධානයක් යොමුකරන ලද්දේ පහල තෙත් කලාපීය ව තිබෙන වඳවීමේ අනතුරටලක්ව ඇති ශාක ආරක්ශාව සදහා බවයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අධික ජනගහනය මෙන්ම කාර්මිකකරනයත් සමග 2%ක් තරම් අවම ප්‍රදේශයකට සීමාවී ඇති මෙම වන සම්පත තෙත්කලාපීයව සැලකීමේදී 9.6කට සීමව ඇති බවයි. මීට අමතරව ecotourism වැනි ඉලක්ක මෙන්ම ප්‍රදේශයේ දියුනුවට සහය වීම , ඖෂධීය වටිනාකම් ඇති ශාක කෙරෙහි අවධානය යොමු කිරීම මෙන්ම අධ්‍යාපනික අවස්ථාවන් සැලසීම හා පුහුනු අවස්ථා සැලසීම වැනි ඉලක්ක බොහොමයක් මෙම උද්භිත උද්‍යානය පිහිටවීමේදී අරමුනු කරගන්නා ලද බවයි.

පිවිසුම 

රූ පෙල

Address: Thummodera – Puwakpitiya Road
Hours: Open today · 7:30AM–6PM
Phone: 036 3 79529

Posted in Nature | Leave a reply

ආශ්‍රමයේ හිමිදිරි උදෑසන ..

ආශ්‍රමයේ හිමිදිරි උදෑසන මහත් ජීවයෙන් පිරී යන්නකි. ඈත නැගෙනහිර කඳු පෙල පරදවන උදෑසන පලමු හිරු කිරන පොදිය මෙහිවන අපමන ජීව අනන්‍යතා අවදිකරවන්නේ මහා ප්‍රබෝධයකිනි. ජිවය පිලිබඳ සියලු කථාන්දර එකට ගොනු කරවා ඇති සේය. සියත් අවදිවන්නන්ගේ මෙන්ම අවදිකරවන්නන්ගේ නාදය, චලන රටා අපමනකින් හාත්පස පිරී ඉතිරී යයි. එය කවරදාකවත් කියවා ඉවරකල නොහැකි පරිච්ඡේදයක් වැනිය.
Pubudu Siriwansa

Posted in Lifestyle, Nature |

තුම්මෝදර රන්මුදු ඇල්ල…

     තුන්මෝදර ප්‍රදේශයේ වන පාරිසරික අපූරු ස්ථාන අතර සරන ඔබට හමුවන තවත් විසිතුරු දිය ඇල්ලක් වන්නේ තුමෝදර රන්මුදු ඇල්ලය.ලබුගම කල‍ටුවාව රක්ෂිතයෙන් ඇරබෙන බිසෝවක ඇලෙන් පණ ගැන්වෙන මෙම දිය ඇල්ලේ විසිතුරුම දසුනක් ගෙන එයි. ගල්තලා මතින් ඇදීයන මෙම ජල කඳ අවසානයේ කැළණි ගග වෙතට එක්වේ. රබර් වතු යායක් මැද පිහිටි මෙම ඇල්ලේන් එන ජලධාරාව ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතාවන් සදහා මහත් සේවයක් කරමින් ගලා යමින් සිටී. ශාක හා සත්ව විවිධත්වයටද තවමත් හිතකර පරිසරයක් අඩු වැඩි වශයෙන් සලසමින් තිබෙන මෙහි අවට වන ස්වාභාවික බව ‍රැක ගැනීම වැදගත් වනු ඇත.

Posted in Nature | Leave a reply

මානියම්ගම බෙලිලෙන – Maniyamgama Belilena

       ඉස්මාලයේ කඳු වැටිය පිහිටන්නේ පනාවල මාර්ගයේ බෝමලුවට මංසන්ඳියට යාබදවය. මෙම කඳු වැටියේ දුෂ්කර ගමනකින් පිවිසිය හැකි තරමක විශාල ගල් ලෙනක් පිහිටා ඇත. පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව මගින් 70 දශකයේ සිදුකල කැනීම් මගින් අතීත මානවකයන් භාවිතාකල ගල ආයුද මෙවලම් සමග ආහාරයට ගත් සත්ත කොටස් හමුව ඇති බවට වාර්ථා වේ. මේ අවටින් බහුලව බෙලි ක‍ටු බහුලව හමුවන නිසාම ප්‍රදේශවාසීන් මානියම්ගම බෙලි ලෙන ලෙසට මෙම ස්ථානය හඳුන්වන්නට කැමති වෙති. අඩි 10x16x30 ප්‍රමානයේ මෙම ලෙන ආශ්‍රිතවම ගලා ගෙන යන සිත් කලු ජල පහරක්ද වනා තර බොහෝවිට අතීත මානවයන්ගේ ජල අවශ්‍යතාවය සපුරා ලන්නට එය භාවිතාවනට ඇතැයි සිතිය හැක. මෙම ස්ථානය ආශ්‍රිතව වසර දස දහසකට පෙර අතීත මුතුන් මිත්තන් සිටින්නට ඇති බව පිලිගැනේ.

එය නුදුරු අනාගතයේ දිනයක උදෑසනක විය.

…………….එය නුදුරු අනාගතයේ දිනයක උදෑසනක විය. නිවස පිහිටි මද උස් කඳුබෑවුමෙන් නැගනහිරින් වන කෙටි තැනිතලාව මදින් ගලා යන සංගාවේ දියරල පෙල මතට ඈතින් වන කදු වලල්ලෙන් මෝදුවන හිරු කිරන යාන්තමින් ඉහිරෙන තවත් ප්‍රොබෝදමත් දවසක් ඇරබෙමින් තිබිනි.නිවසේ ප්‍රධාන පරිගණකය විසින් නිවසේ කාල ගනකය හා දවසේ කාලසටහන මෙන්ම සිරුරේ ක්‍රියාකාරීතය පමනක් නොව දවසේ වැඩ කටයුතු සටහනෙහි වන මද දුරින් වන නගරයේ මාවත්වල තදබදය අදී සියල්ල ගනනය කොට අවදිවීමට කාලය එය බව තීර්නය කලාය.නිදන කාබරය නිමවී ඇති ඝන වීදුරුමය බිත්තිවල වූ පාරදෘශ්‍ය බව ක්‍රමයෙන් මතුවන්නට පටන් ගති. ඇදෙහි මෙට්ටයට සම්බන්දව ඇති සම්බාහන පද්දතිය ක්‍රමයෙන් අවදිව සිරුරට ප්‍රබොදමත් අවදියක් සහතික කරනුවස් ක්‍රියාකරන්නට විය.
පසුගිය සංචාරයේදී නවා තැන්ගත් අපූරු නිවාඩු නිකේතනයේ අවට වූ සුන්දර දසුන් වලින් පරිගනකය තොරාගත් දසුන් කිහිපයකින් කාබරයේ බිත්ති සැරසෙන්නේ මේ මොහොතේ අවට සැබෑ පරිසරයේ අපූරත්වයද නොසගවමින්ය.සමාන්තරව ක්‍රියාත්මකවන නිවසේ හඬ පද්ධතිය මා මහත් සේ ප්‍රියකරන ස්වාභාවික කුරුළු හඬ කිහිපයක් සමග උදැසන ප්‍රබෝදය හගවන එලියෙන් වන සැබෑ පරිසරයේ නෙක ස්වාභාවික හඬ රටා ගෙනෙන්නට විය.නිවසේ වායු පලනයද ප්‍රධාන පරිගණකයේ අන පරිදි ක්‍රමයෙන් එලියෙන් වන ස්වභාවික සුලං පොද ක්‍රමයෙන් කාබරයට පමනක් නොව මුලු නිවස තුලටම ගෙනෙන්නට පටන් ගත්තාය………..
– Pubudu Siriwansa

Posted in Nature, Tech | Leave a reply

ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද?

     “ප්‍රතිභාව යනු සාමාන්‍ය තත්වය ඉක්මවා මනස සුසරවීමද? සමහර විට ඔහුට නැතිනම් ඇයට පවා නැවතත් තම ජීවිතකාලයතුලදී කවරදාකවත් ඇතුලු විය නොහැකි මානසික අවකාශයකට ඇතුලුවීමද? ආශ්‍රම භූමියේ බටහිර බෑවුම පහලට වන්නට පැතිර ඇති තන බිම් කරා ගවයන් ‍රැගෙන එන ගම්වාසීන අතර සිටින අයෙකු සමහර දිනවල තම වස්දඬුව හඩවන නාදය මගේ කුටියෙහි බටහිර දෙසටවන්නට පිහිටි කවුලුවෙන් හොදින් ඇසෙන්නට පටන් ගනී. සීමිත ස්වර සමූහයක් අපූරුවට සංයෝජනය කරමින් ඔහු මනස පතුලටම ආමන්ත්‍රනය කරන්නාක්සේ දැනේ. බොහෝ විට ගබඩා භාරකරු හරහා ඔහු නිහඩකිරීමට ඉල්ලීමක් කල හැකිවනු ඇත. නමුත් තව අතකින් බලන විට මිහිරි හඩ නගන අපමනක්වූ සියතුන් ඔහුට නිහඩ කරන්නට නොහැකි වනු ඇත. කන්කලුව හඩ නගන සියතොන් හා වස්දඩු හඩ අතර පරතරය තේරුම් ගත නොහැකි තරම් නම් කලබල වන්නට තරම් කාරනාවක් මට නම් නොපෙනේ.”  – Pubudu Siriwansa

මිනිස් කථාන්දරයේ මීල පරිච්ඡේදය…

විශ්වය දෙසින් කථන්දරය කියවීමේදී වඩාත් අපූරු බවක් ගෙනෙනවා. හිතන්න, ප්‍රාථමික තරු අළු සෙලවුමකට අපමනක් අසමත්වීම් වලින් පසුව හැකි වෙනවා සොබා දහමෙන් වියුත්ත වන්නට. යම් ස්වධීනත්වයකට පත් වෙන්නට. තම ප්‍රාථමික ස්වභාවයන් වන කනබොන, අඳින පලඳින , ඉන්න හිටින හා කරන කියන කාරනා වටා ඔවුන් නිර්මාණය කරගන්නා අපූරු හා වඩාත් ආරක්ශිත මෙන්ම කාර්යක්ෂම සාධක වල මීලග තීරනාත්මක යුගය වන්නේ තම පසිදුරන්ගෙන් වියුත්ත දැනුමක් ඔවුන් වටා ‍රැස්කර ගැනීම විය යුතුය. කථන්දරය විදුලි වේගයෙන් සංස්කරනය වීම ආරම්භය මීලගට විය යුතුයි. එනම් කෘතීම බුද්ධියේ ආධිපත්‍ය ක්‍රමයෙන් පැමිනෙන්නට පටන් ගැනීමයි. ජීව ඉන්ජිනේරු විද්‍යාව ඔහුව ඇතුලතින් සංස්කරනය අරබනවා සේම කෘතීම බුද්ධි තාක්ෂනය ඔහු අවට ලෝකය වේගයෙන් විශ්ලේෂනය කිරීම අරබනවා.සමහර විටක එලබෙන දශක කිහිපය පෘතිවිය මත නිර්මාණය වූ පෙර කී සෙලවෙන තරු අළු සෙලවුම තව දුරටත් පෘතුවියට දැරිය නොහැකි තරම්ම අත්පත්කර ගැනීම් හා සංස්කරනය කර ගැනීම් වලට යාවි. පෘතුවිය මත නිර්මාණය වුනු මේ අපූරු සෙලවුම ඉදිරි ශතවර්ෂය තුල දී වත් ඔවුන්ව වසා ගෙන සිටින වලාකුළු ඉක්මවමින් තම ප්‍රධාන බැඳීම ඉක්මවා යාම මේ ප්‍රාථමික තරු අළු සෙලවුමක කථාන්දරයේ තවත් ප්‍රධාන පරිච්ඡේදයක ඇරබුම වේවි.
– Pubudu Siriwansa

Posted in History, Nature, Politics |

Yakahatuwa Kanda-Maniyamgama

    අවිස්සාවෙල්ලේ සිට මෙන්ම කෑගලු මාර්ගය ඔස්සේ යනෙන්නෙකුට දිස්වන මනරම් කඳුපෙලක් ලෙසට මානියම්ගම කඳුපෙල දැකිය හැක. විසිතුරු මෙන්ම ඓතිහාසික පසුබිම්ක් ඇති මෙම කඳුපෙල අතරවන උසැති,අ කඳු මුදුනත යකහ‍ටුවාව වේ. එහි උස අඩි 1410ක් ලෙසට පිලිගැනෙන මේ වෙතට පිවිසෙන්නට මානියම්ගම රජමහා විහාරය පි‍ටුපසින් වන මාර්ගය ඔස්සේ මෙන්ම ගලබලන කන්ද හරහාත් හැකිය. එසේම බෝමලුව හංඳියේ සිට යක්දෙහි කන්ද දක්වාත්, යක්දෙහි කන්දේ සිට යකහ‍ටුව කන්දුමුදුනතට නැගීමට ආරක්ෂිත වැටක්ද සමග පිය ගැටපෙලක්ද ඉදිකර ඇති බවට වාර්ථා වේ. හදාරන්නන් යෝජනා කරන්නේ මානියම්ගම කඳු වැටියේ කරන සංචාරයේදී වඩාත්ම විසිතුරු අත්දැකීමක් ගෙනෙන්නේ කොබෝතුරා කඳු වැටියේ අහස්තල්ල මත සිට යකහ‍ටුව කඳු මුදුනත කරා ගමන් කිරීම බවයි. රක්ෂිත වන බිමක් වන මෙහි වඳුරන්, රිළවුන්, දඬුලේනන් ආදී සතුන් මෙන්ම පතොක් ආදි ගස්වැලින්ද විසිතුරුව පවතීයි.තවත් විටක තිඹිරිපොල රන්පත්ගල රජ ලෙන දෙසින් ගමන් අරබා යකහ‍ටුව කඳ ඔස්සේ මානියම්ගම රජමහා විහාරය වෙතටද අනතුරුව සීතාවක රජමාලිගාව, බැ‍රැන්ඩි කෝවිළ ආදිය නැරබීම එක් දිනකින් නිමකල හැකි අපූරු සංචාරයක් වනු ඇත.

Posted in Nature | Leave a reply

Olu Ella (Waterfall) – Yatiyanthota

        යටියන්තොට ප්‍රදේශයේ ආසන්නව පිහිටි මස්කාන්ත දිය ඇල්ලක් ලෙසට ඔලු ඇල්ල නම් කල හැක. ප්‍රදේශීය ITN රූපවාහිනී කුලුනක් පිහිටි වේවැල්වත්තට ආසන්නව පිහිටි මෙම දිය ඇල්ල විසිරුනු ස්වභාවයකින් ඇද හැලෙන නිසාම හා පිරිසිදු ජලධාරාව මවන සුදෝසුදු වර්ණය නිසාම මෙම නම ලබන්නට ඇති බවටයි පැවසෙන්නේ. ඉතා දරුනු වියලි කාලවලදී පවා අකංඩව ඇද හැලෙන්නට සමත් මෙම ඔලු ඇල්ල වෙතට යටියන්තොර සිට පෙලෙම්පිටිය මාර්ගය ඔස්සේ පැමින 16 වන සැතපුම් කනුව ආසන්නයේදී පිවිසෙන්නට හැක.

Posted in Nature | Leave a reply

Peace Lily පීස් ලිලී

ෆෝමැල්ඩිහයිඩර්. බෙන්සීන් හා ට්‍රයිලෝඑතලීන් උරා ගැනීමේ ඇති ශාක අතර ඉහලින්ම සදහන් වන වර්ගය මෙයයි. මෙහි උද්භිතවිද්‍යාත්මක නාමය spathiphyllum ලෙසට හැඳින්වේ. අපට ජලය නොමැතිව දින කිහිපයක් සිටිය හැකි උවත් වාතය නොමැතිව මිනිත්තු කිහිපයක්වත් සිටිය නොහැකිය. එක් පුද්ගලයෙකු දිනකට වාතය ගැළුම් 3000කට වඩා ආස්වාස කරන බව පැවසේ. එසේනම් අප අවට වාතය පිරිපහඳු කල හැකි පැලෑටියක් වෙනු වෙන් ගෙතුල ඉඩක් වෙන් කල හැකිනම් එය පවුලේම නිරෝගී බවට හේතුවනු ඇත.
-පොත පත ඇසුරෙනි.