Back to Top

Category: Nature

Bamboo Palm බැම්බු පාම්

මෙක්සිකෝව හා මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත් මේ ශාකය අඩි 5කට වඩා උස නොයයි. දීප්තිමත් ආලෝකය හා තෙත මනය ප්‍රිය කරන එය බෙන්සීන් හා ට්‍රයික්ලෝරෝතිලීන් උරා ගැනිමට සමත් හෙයින් අප සමීපයේ තබා ගැනීමට සුදුසු විසිතුරු ශාකයකි.

ඩ්‍රැසීනා (Red- edged dracaena)

ඩ්‍රැසීනා වර්ග රාශියක් වන අතර අප මෙතැනදී පවසන්නේ තම ප්ත්‍ර අයිනේ රිබන් පටියක මෙන් රතු ධාරයක් සහිත වර්ගය බව සැලකිය යුතුය. සයිලීන්, ට්‍රයික්ලෝරෝඑතිලීන්, ෆෝමැල්ඩිහයිඩ් වැනි හානිකර දෑ උරා ගැනීමේ ඉහල හැකියාව ඇති ශාක මිත්‍රයෙකු ලෙසට අපගේ පරිසරය සමබරව පවත්වාගෙන යාමට සහය වන මෙම විසිතුරු පැලෑටිය අඩු සැලකිලි පරිසරයක් යටතේ උවත් වැවෙමින් තම පරිසරයට මහත් චමත්කාර පෙනුමක්ද එක් කරන්නකි. මෙම ඩ්‍රැසීනා වල වර්ග රාශියක් වන අතර මෙම ප්‍රථිපල සදහා නම් පෙරකී වර්ගයේ පත්‍ර සහිත විශේෂය තොරා ගැනීම වැදගත් වනු ඇත.
-පොත පත ඇසුරෙනි.

ජර්බෙරා ඩේසි gerbera-daisy

වර්ථමානයේ ඉතා ජනංප්‍රිය අලංකාර මල් වර්ගයක් වන මෙය ඔබේ නිවස හා ගෙවත්තට අතිසුන්දරත්වයක් එක්කරන්නක් බව නොරහසකි. එහෙත් මෙහි ඉන් එහාට ගිය වැදගත් බවක් ඇත. එය ට්‍රයික්ලෝරෝඑතිලින් උර ගැනීමේ ශක්තියෙන් ඉහල ශාකයකි. මේ රසායනිකය සුලබව පවතින්නේ ඩ්‍රයික්ලීන් කරන ලද රෙදි පිලි ආශ්‍රිතවයි. මේ නිසා ජර්බෙරා යනු ඔබේ නිදන කාබරයේ හෝ ඇදුම් තබන ස්ථානයේ පමනක් නොව ලොන්ඩරි වැනි රෙදි පිරිසිදු කරන මධ්‍යස්ථන වලද තැබීමට ඉතා යෝග්‍ය මල් පැලයකි.
-පොත පත ඇසුරෙනි

Spider Plant නම් විසිතුරු පැලෑටිය..

විසිතුරු පිහිටීම නිසාම මෙම පැලෑටි විශේෂයට එම නම භාවිතා වනවා විය යුතුය. Spider Plant ලෙසට භාවිතාවුවද මෙහි උද්භිත නාමය Cholorophytum Comosun ලෙසට දැක්වේ. සම්, රබර් හා මුද්‍රන කර්මාන්ත කෙරෙන ස්ථාන අශ්‍රිතව වාතයේ ‍රැස්වන අහිතකර ද්‍රව්‍ය වන බෙන්සීන්, ෆෝමැල්හයිඩ , සයිලීන් හැරුනු කොට කාබන් මොනොක්සයිඩ් අවශෝෂනය කර ගැනීමේ හැකියාවෙන් මේ පෑලෑටිය අනූනය. එය පහසුවෙන් වගා කල හැකි පැලෑටියකි. එසේම එය එතරම් උනුසුමක් නැති නිවෙස් වල ඉතා හොඳින් වැඩෙන අතර වියලි පස ප්‍රියකරන්නකි.
– පත පොත ඇසුරිනි.

නිවසේ විස නසන විසිතුරු ශාක -2 කොමාරිකා (Aloe Vera)

මේ පැලෑටිය ගැන අද බොහෝ දෙනා කථාකරන්නේ රූපලාවන්‍ය කටයුතු හා සම්බන්ද කරමිනි. එහෙත් නිවසේ ආලේප කරන තීන්ත හා පිරිසිදු කිරීම් සදහා යොදා ගැනෙන දේ වලින් පරිසරයට නුකුත් කෙරෙන ෆෝමැල්ඩිහයිඩ හා බෙන්සීන් වැනි රසායනිකයන් උරා ගැනීමේ හැකියාව ඊට ඇති බව ඔබ දෑන සිටියාද? මේ හැර චිකිත්සීය ගුනාංග ‍රැසක්ද මේ පැලෑටිය සතු බව විද්‍යාංඥයෝ පවසති. වසර හයදාහකටත් එපිට අතීතයේ පටන් පෙර දිග මිනිසුන් සමේ සෞඛ්‍ය ‍රැක ගැනිම, තුවාල සුවපත් කිරීම ඉක්මන් කිරීම වැනි කරුනු සදහා පමනක් නොව තවත් ප්‍රයෝජන රාශියක් සදහා භාවිතා කර ඇති කෝමාරිකා වලට දේශීය වෛද්‍ය ක්‍රමයේ නම් තවමත් හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි.
පත පොතින් උපුටා ගන්නා ලදී.

නිවසේ විස නසන විසිතුරු ශාක -1

ස්වාභාවික පරිසරය තවමත් මිනිසාගේ ප්‍රධාන හිතවතාය. තම ගෙවත්තේ පමනක් නොව නිවසේ පවා තවමත් ගස්වැල් වලට ඉඩක් හිමිවන්නේ එබැවිනි. හදාරන්නන් පවසන්නේ ආහාරය, ඖෂධීය, විසිතුරු බවට පමනක් නොව තම ජීවී මිත්‍ර පරිසරය සදහාද තවමත් මේවායින් වන සේවය අසම සම බවයි. නිවසේ වන විස පරිසරයක් බොහෝ හේතු සාධක මත නිර්මාණය විය හැක. නිවාසයට ආලේප කරන සායම්, දැව ආරක්ෂන ආලේප, සේදුම් ද්‍රව්‍ය හා පවිත්‍රකාරක විෂබීජ නාශක, ඇලවීම් සදහා ගන්න ගම් වැග, තීන්ත හා තවම බොහෝ රසායන ද්‍රව්‍ය නිසා අප අවට වායු ගෝලයට අහිතකර අංශූන් එක්වීමට ඉඩ ඇත. මේවා නිසා කැස්ස, කිවිසුම් යෑම, කෑසීම, පළු දැමීම, ශ්වසන රෝග වැනි ක්ශනික මෙන්ම දිගුකාලීන අසාත්මිකතාත් ඇතිවිය හැකි බව පවසන ඔවුන් මීට පිලියමක් ලෙසට භාවිතාකල හැකි ශාක වර්ග බොහොමයක් යෝජනා කරන්නට කැමති වෙති. වසර 4000කට පමන පෙර කාලයේදී පවා චීනුන් ගෘහ අලංකරනය සදහා කුඩා තැටිමත ශාක හා පැලෑටි වගාකල බවට සාක්ෂි ඇත. ක්‍රි.පූ 610 දී තිබීයැයි සැලකෙන බෑබිලේනියාවේ එල්ලෙන උද්‍යානය ඊට තවත් නිදසුනකි. නාසා අයතනය පවා 1980 දශකයේ සිට ගෘහස්ථ පැල පිලිබඳව තම අවධානය යොමුකර ඇත්තේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානවලදී වාතය පිරිසිදුව තබා ගැනීම සදහා මේවා සාර්ථකම පිලියමක් ලෙසට පිලිගන්නා බැවිනි. පරිසරයේ ඇති වාෂ්පශීලී කාබනික අපද්‍රව්‍ය උරා ගැනීමෙ අහැකියාව ඇති පෑලෑටි ‍රැසක් හඳුනා ගන්නට කටයුතු කොට ඇත. මේවා අතර කෝමාරිකා, ඉස්පයිඩර් ප්ලාන්ට්, ජර්බෙරා ඩේසි, ස්නේක් ප්ලාන්ටි, ඩ්‍රැසීනා …වැනි බොහොමයකි. මේවා පිලිබඳ තොරතුරු බාලාපොලොත්තු වන්න.
පත පොත ඇසුරිනි.

Posted in Nature, Your Garden | Tagged | Leave a reply

Dahanwaka

     මෙහි ඇත්තේ සිත දැහැන් ගන්වන සොඳුරු ස්වභාවික පිහිටීමකි. ඒ නිසාමදෝ මෙම ස්ථානය හැදින්වෙන්නේද දැහැන්වක නමිනි. පුරානයේ සීතාවක රාජසිංහ රජතුමන් ප්‍රමුක මාලිගාවේ බොහෝ පිරිස් ආ ගොස් ඇති බව පිලිගැනීමයි. දෙහිඔවිට සිට ඇහැලියගොඩට පනාවල හරහා දිවෙන මාර්ගයේ දෙහිඔවිට සිට කි.මී.4ක් පමන ගිය විට මෙම ස්ථානයට පිවිසෙන නාමපුවරුව දැක ගත හැකි වනු ඇත. සීතාවක ගග හා ගොමල ඔය එහි නෙක යාවන මෙම ස්ථානය විශාල තටාකයක හැඩය ගන්නා අතර සුදු වැලිතලාව, මෙන්ම ඔබ්බෙන් වන ගල්පර මතින් ඇද හැලෙන දිය ඇල්ලත් මවන විසිතුරු බව හමුවේ සිත දැහැගත නොවන්නේනම් පුදුමයකි. මෙම ස්ථානය සදහා මෙම නාමය නිර්මාණය වන්නට ඇති ආකාරය ගැන වන තවත් අර්ථකථනයක් යෝජනා කරන්නේ පෙර කී ගංගා දෙක එක් වන වක්වීමට දෙගන්වක වී පසුව දැහැන්වක වූවාද වීමට ඉඩ ඇති බවකි. ප්‍රවාදයන් වලට අනූව ගෝමල ඔය ඉවුරේ වන විශාල කොස්ගසක් රජතුමන්ගේ මගුල් ඇතා බැඳැමීමට භාවිතාකල බවත් එය ඇතා බැඳි කොස්ගස ලෙසට අතීතයේ විවහාර වූ බවටත් සඳහන්වේ.විසිතුරු බව සේම නොසැලකිලිමත් කමින් මෙහිදී අහිමිවූ ජීවිතගනන බොහොමයක් වන බැවින් පැමිනෙන්නන් කල්පනාකාරීවීම වැදගත් අවවාදයක් වනු ඇත.

Posted in Nature | Leave a reply

සීතාවක අවට වන ඓතිහාසික වටිනා කමින් යුත් සෞන්දර්යාත්මක ස්ථාන…

1. හංවැල්ල ඓතිහාසික දිය අගල – හංවැල්ල
2. ලෙනවර රජ මහා විහාරය – සාලාව
3. ලෙව්කේ මැතිඳු පිලිරුව – වනහාගොඩ
4. රන්මුදු ඇල්ල -තුම්මෝදර
5. හඬා වැටෙන ඇල්ල – තුම්මොදර
6 එළුවාගල කන්ද – පල්ලේවාසල
7. කොඩිකන්ද
8. විජේසුන්දර වලව්ව – කොස්ගල
9. බොරළුගොඩ වලව්ව බොරළුගොඩ
10 පොන්නම්බලම් වලව්ව -සිරිනිවාස වත්ත
11. ලන්සියාගල කන්ද – දිග්දෙනිය
12. අයර්වත්තේ ගල්ලෙන් බංගලව
13. උඩගම් කන්ද
14. උඩගම ජලාශය
15 මඩකඩ ඇඳවල දොල
16 ලබුගම් කන්ද
17. බිසව් නාපු දොල
18 කිරිමැට්ට කන්ද

ලෙනවර රජ මහා විහාරය අකරවිට

අවිස්සාවෙල්ල කොලඹ මර්ගයේ කොස්ගම-ශලාව යුධ හමුදා කඳවුර අසලින් වන අකරවිට අර්ගයේ කොලෝ මීටර දෙකක් පමන ගිය විට හමුවන සුන්දර කඳුගැටයක් මත මෙම විහාරය පිහිටා ඇත. විශාල ධර්ම ශාලාවක් අසලින් වැටී ඇති පියගැට සියයක පෙලක් ඔස්සේ ඉහලට ගිය විට විහාර මළුවට පීඉසෙන්නට හැකිය. එසේ විහාර මළුවට පිවිසීමේදී මෑතක දී ඉදිකරන ලද වාහල්කඩින්ද විහාරස්ථානයේ විසිතුරු බව තවද වැඩිකරන අතර හමුවන බෝධිමළුවේ ඔබ්බෙන් වන නයි පෙනයක හැඩය ගත් විශාල ගල් ලෙනක විහාරය ඉදිකරා එත. මෙම ලෙනෙහි කටාරම්ද කොටා තිබෙනු දැකිය හැකිය.
විහාර ගෙය තුල රියන් 10 ක පමන සැතපෙන පිලිමයකි. එම පිලිමයෙහි හිස පැත්තෙන් අඩි දහයක පමන හිටි පිලිමයක්ද වේ. පාමුල දෙසින්ද අඩි හයක පමන සමධි බුද්ධ ප්‍රතිමාවක්ද වේ. මීට අමතරව විෂ්නු ප්‍රතිමවක්ද වේ. බුදුන් වහන්සේ දෙව්ලොවින් සංකස්ස පුරයට වැඩම කිරීමද නෙලා ඇත. ප්‍රතිසංස්කරනය කර ඇති මුත් නුවර යුගයේ ලක්ෂන දැකිය හැකි බවට හදාරන්නන් මේවා පැහැදිලි කරයි. බිත්ති මත මහරහතන් වහන්සේලාගේ සිතුවම් ඇඳ වියත අලංකාර මෝස්තරවලින් හැඩ කොට ඇත. විහාරගෙය කෙලවර පංචමහ දේවාලද ඉදිකර ඇත. ඝංථාකර අඩි 30 පමන උසැති චෛත්‍ය මෙම බිමෙහි වන සුන්දරත්වය තවත් වැඩිකරවන සුලුය.
විකාර ගෙය අසලින් ඉහලට නැගීමේදි අතීත භික්ෂූන් වහන්සේලා පරිහරනය කල කටාරම් කෙටූ හා කටාරම් නොකෙටූ ගල් ලෙන් හමුවන අතර එම ගල් ත්ලාව මත ස්වාභාවිකව නිමවූ පොකුනු පහක් පමන දැකිය හැකිය. ප්‍රමානයෙන් විශාල නොවුනද මෙම පොකුනු එකිනෙක උමං මගින් සම්බන්ද කර ඇති ගැබුරින් වැඩි ඒවා හැටියට හදාරන්නන් පෙන්වා දෙනා අතර ඔවුන් පෙන්වාදෙන්නේ පායන කාල වලදී වුවත් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ජලය ලබා දෙන්නට මෙවා උපකර වෙන්නට ඇති බවයි. මෙම ගල්තලාවේ මුදුනත හේවිසිගල ලෙසට නම් වන අතර විහාරයේ ආගමික වතාවත් වලදී ගල මුදුනේ සිට හේවිසි වැයීමේදී හේවාගම් කෝරලයේ මෙන්ම සියනෑ කෝරලයේ ආවරනය වන විශාල ප්‍රමානයකට තේවා හඬ ඇසෙන්නට ඇති බවට උපකල්පනය කල හැක. හදාරන්නන් වැඩි දුරටත් පවසන්නේ මෙම ලෙන් විහාරය අනුරාධපුර යුගයේ වලගම්බා රජ දවස දක්වා ඉතිහාසයක් ඇති බවට මතවාද පවතින මුත් ඒවා සදහා පැහැදිලි ශාක්ෂි නොමැති බවයි. කෝට්ටේ, සීතාවක මෙන්ම නුවර යුගවලදී මෙම පුන්‍ය භූමිය හොඳ දියුනු තතය තිබෙන්නට ඇති බවටයි විස්වාසය වන්නේ,
මෙම විහාරස්ථානය අසලම ලෙනදොර ඇත්ගාලද පිහිටා ඇති අතර ගලර්වතය ස්වාභාවිකවම දෙපලුව එක් දෙසකින් පහසුවෙන් අලියෙකුට රොංගායමය හැකිවන ලෙසට හා අනෙක් කෙරවලීදී කො‍ටුවන ස්වභාවයක් ගන්න බව දැකිය හැකිය. අතීඉතයේ සිටම අලි ඇතුන් මෙම ගාලට කො‍ටුකර ගත් බවට. ජනංප්‍රවද පවතින අතර සීතාවක ඇත් හමුදාවට අවශ්‍ය අලි ඇතුන් මෙම ස්ථානයෙන්ද අල්ලා ගන්නට ඇත.

ආරාධනාකන්ද හා පැනිවරකාව ( Aradhana Kanda )

අවිස්සාවේල්ලේ සිට රත්නපුර දෙසට යන විට අවිස්සාවේල්ල පොලිස් ස්ථානය අසලින් වැටී ඇති මාවතක් යොමුවන්නේ ආරාධනා කන්ද නම් කුඩා කඳු ගැටයක් වෙතටයි. හදාරන්නන් පවසන්නේ අතීතයේ මෙම පෙදෙසේයි බෞද්ධ ආරාමයක්, ගැබුරු ළිඳක් හා ශෛලමය ඔරුවක් මෙම පෙදෙසෙහි තිබී ඇති බවයි. වරක් මේ අවට ගෙපලක් කැපී මේදී හමුවූ බුදු පිලිම කිහිපයක් දැදිගම කෞතුකාගාරයේ තැන්පත්ව තිබෙනවා. මෙම ස්ථානයේ අදද බෝධීන්වහන්සේ නමක් ආරෝපනය කර අදද ප්‍රදේශවාසීහු ආගමික වතාවත් කරන බවට දැකිය හැකියි.
මෙම ආරාධනා කන්ඳට මදක් දුරින් වන ගැටහැති ඇල ආසන්නයෙන් වැටී තිබූ සබරගමුව මාර්ගයට දෙපසින් වන කොස් ගස් අතරින් තවමත් දක්නට ලැබෙන අති රසැති පැනි වරකා ගසක් පිලිබදවද සටහන් වෙනවා. රජමාලිගාව සදහාද වරාකා ලබා ගන්නට මෙම ගස භාවිතාව ඇති බවටයි විස්වාශය වන්නේ. සාමන්‍ය උසෙන් යුත් බෙන සහිත පැරනි මෙම වරකා ගස තවමත් හොඳින් පවතිබ බවටත් එය ආරක්ශා කර ගත යුතු බවටත් හදාරන්නන් පෙන්වා දෙනවා.

පෙතන්ගොඩ උයන…

කන්ද උඩරට මාර්ගයේ අගුරුවැල්ල නගරයට ආසන්නව ප්තන්ගොඩ උයන පිහිටා ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ අතීතයෙදී අක්කර ගනනවක් පුරා තුරුලතාවන්, මල්ගොමු වලින් ගැවස ගත් දියදහරින් අලංකාර වූ බිම්පෙදෙසක් ලෙසට මේ ඉඩකඩ පවතින්නට ඇති බවය. අද කුඩා සීමාවක් ගෙන ඇති මෙම ප්‍රදේශය අතීතයේදී කුඩා වැව කින්ද අලංකාරව තිබුනු බවටයි විස්වාසය වන්නේ. එදා බලන සටනින් පැරදි පලා එමින් සිටි රාජසිංහ රජතුමාට මාරාන්තික ආකාරයේ තුවාලයක් ලැබුවේ මෙම උයනේදී බවටයි පිලිගැනෙන්නේ.
රුසුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උන ක‍ටුව පතුලේ ඇනුනාය
එක්ව සිටි සැවොම වටවී මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුනාය
ජන කවිය එදා සිදුවූ මෙම පුවත විස්තර කරන ප්‍රකට භාවිතවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ රාජසිංහ රජතුමන්ගේ මෙම හදිස්සි අභාවය පිලිබදව ප්‍රබල ජනප්‍රවද 3ක් දක්නට හැකි බවකි.

1) අදද පෙතන්ගොඩ උයනේ දැකිය හැකි ක‍ටු උන පඳුරු විශේෂයෙ වන තියුනු ක‍ටුවක් ඇනීමෙන් ඇතිවූ තුවාලයත් ඒ මතට දෙඩම්පේ ගනිතයාගේ හූනුයම් කර විෂ බැඳිම් නිසාත් මෙම මරනය සිදු වෙන්නට ඇති බවය. පොකුරු වශයෙන් වන මෙම විෂ උනක‍ටු සහිත පඳුර අදද ආරක්ශා කර තිබෙනු මෙහි යන එන අයෙකුට දැකිය හැකිය.

2) තවත් යෝජානාවකට අනූව පැහැදිලි කරන්නේ එදා රජතුමන් මෙම පෙතන්ගොඩ උයනේ කටූ උන පදුර ආසන්නයේ සිටින කල රාජසූරිය කුමාරයන්ගේ හිතවතුන් තුවාලයක් සිදුකල බවත් පේදුරු සිඥෝ ප්‍රධාන කුමන්ත්‍රන කරුවන් විසින් අස් බෙටි, ඇත් බෙටි, ගව බෙටි තල තෙලි කකාරා තුවාලයට දැමූ බවත් ඉන් රජතුමන්ට පිටගැස්ම රෝගය ඇතිවී මරනයට පත්වූ බවත්ය. සීතාවක රාජසිංහ රාජ්ජ කාලය කතුවරයා මෙන්ම ශෛලේන්ද්‍රසිංහ වෙදරාල ලිපියකින් මේ බව තහවුරු වන බවට ඔවුන් පෙන්වා දේ.

3) තවත් ජනප්‍රවාදයකට අනූව මෙම සිදුවීම පැහැදිලි කරන්නේ මෙසේය. මෙම උනක‍ටු පඳුරු ප්‍රදේශය නාගයන්ගෙන්ද බහුල ව තිබූ අතර පැමිනි රාජ සිංහ රජතුමන්ගේ පාදයකට දෂ්ට කරන ලද්දේ එවන් විෂකුරු සර්පයෙකු බවත් පැමින සිටි පරිවාර වෛද්‍යවරුන් විසින් මෙතුමන් බේරා ගැනීමට උත්සාහ කලද අසමත්වූ බවත්ය. අනතුරුව මහනුවර ප්‍රදේශයේ වන දක්ෂ සර්ප වෛද්‍යවරයෙක් කැඳවා ගෙන එන්නට දූතයන් යැවූ මුත් ඔහු එන විට රජතුමන් මිය ගොස්ව තිබූ බවත්ය. නුවර වෙද ගෙදර පෙතන්ගොඩ යුයනට පැමිනියේ මෙලෙස බවටත් එම මතය පෙන්වා දෙන හදාරන්නන් යොජනා කර සිටිනවා.

යකහ‍ටුවාකන්ඳ, කොබෝතුරාව හා තුන්කෝරලේ කොඩිය.

හදාරන්නන් පෙන්වා දෙන්නේ මානියම්ගම කඳු වැටියේ උසම ස්ථානය අඩි 1410ක් පමන බවය. ජනංප්‍රවාදවල අනූව රාවණා රජුගේ යුධසෙනවියෙකුගේ දේහයක් කොබෝතුරා කන්දේ සඟවා ගල් කුලකින් වසා දැමු බවට පැවසේ. එම දේහය සහිත ගල් පර්වතය යකහ‍ටුවාව වූවා වෙන්නට පුලුවන. තවත් විටකදි යක්+හතුව යකහ‍ටුව වූ බවකි. මෙම කඳු මුදුනට සතර දිශාවම හොඳින් නිරීක්ෂනය කල හැකිවීම නිසාම රජ දවස ප්‍රධාන නිරීක්ෂන මුර පොලක් ලෙසට භාවිතා වූ බවට පිලිගැනේ. යකහ‍ටුවාව ආසන්නයේම වන අනෙකුත් පර්වත පංතිය කොබෝතුරාව වේ. මෙම කොබෝතුරාව සම්බන්ද පැවතෙන එක් රසවත් ජන කථාවකට අනූව මෙසේ කියවේ.යකහ‍ටුව මුරපොලේ සිට රජවාසල වෙතට එන සෙබලෙකුට කඳු පාමුලදී හිස සුන් විශාල මාලුවෙකුගේ සිරුරක් හමුව එය මාලිගෙය වෙතට ගෙන ආ බවත් හා දින කිහිපයක්ම මෙම සිදුවීම එලෙසම සිදුවූ බවත්, මෙසේ මාළුවෙකුගේ සිරුරක් කඳු පාමුලට වැටෙන ආකාරය සොයන්නට සෙබලුන් යොදවන්නට රාජ සිංහ රජතුමා කටයුතු කල අතර ඔවුන් නිරීක්ශනය කර ඇත්තේ කොබෝතුරා ගල් බෙනයක වන විශාල ලිහිනියෙකු මුහුදෙන් විශාල මාලුන් ‍රැගෙන විත් හිස කොටස පැටවුන්ට දී ඉතිරිය පහලට දමන බවකි. මේ බව දැන ගත් රජතුමාගේ අන පරිදි එම ලිහිනි පැටවෙකු අල්ලගෙන රජවාසලේ ඇති කරන්නට වූ අතර, එම ලිහිනි පැටවා රජතුමන් සමග ගමන් කරන්නට පුරුදු වූ බවත් වරක් මෙසේ යන එන අතර දු‍ටු මුවෙකුට පහර දීමට කටයුතු කිරීමේදී එක් පාදයක් මුවා මතත් අනෙක් පාදය ගසකත් ‍රැඳ වූ විට එම කුරුල්ලා දෙපලුව ගිය බවත් කියවේ. මෙම සිදුවීමෙන් කනගා‍ටුවට පත්වන රජතුමන්ගේ අනින් අටලුගම්- පනාවල් හා දෙහිගම්පල් කෝරල තුන සදහ වන කොඩියේ ලිහිණි රුව අයත් භේරුන්ඩ කොඩිය නම් කල බවත් කියවේ.