Back to Top

Category: News

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය

ජෝන් අමරතුංග මහතා – සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි අමාත්‍ය

ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා – බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය

මංගල සමරවීර මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

රාවුෆ් හකීම් මහතා – නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය

තිලක් මාරපන මහතා – විදේශ කටයුතු අමාත්‍ය

රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

රවී කරුණානායක මහතා – විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය

වජිර අබේවර්ධන මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

රිෂාඩ් බදියුදීන් මහතා – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

පාඨලී චම්පික රණවක මහතා – මහනගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය

නවීන් දිසානායක මහතා – වැවිලි කාර්මාන්ත අමාත්‍ය

පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

කබීර් හෂීම් මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

රංජිත් මද්දුම බණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය

ගයන්ත කරුණාතිලක මහතා – ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය

සජිත් ප්‍රේමදාස මහතා – නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

අර්ජුන රණතුංග මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය

පී දිගම්බරන් මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය – ළමා හා කාන්තා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය

තලතා අතුකෝරල මහත්මිය – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

අකිල විරාජ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍ය

අබ්දුල් හලීම් මහතා – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

සාගල රත්නායක මහතා – වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් , විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය

මනෝ ගනේෂන් මහතා – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

දයා ගමගේ මහතා – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය

මලික් සමරවික්‍රම මහතා – සංවර්ධන, උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

Posted in Breaking News, News |

භාවිතාකරන්නන්ගේ දත්ත අයිතිය නැවත තහවුරුවට අවධානය…

වෙබ් අවකශයේ නිර්මාතෲ (Sir Tim Berners-Lee) පවසන්නේ තමන් හා කන්ඩායමක් එකතුව වඩාත් සාධාරන වෙබ් අවකාශයක් සදහා කටයුතු කරමින් සිටින බවකි. ඔහු පැහැදිලි කරන්නේ ක්‍රමයෙන් වෙබ් අවකාශයේ ගැවැන දත්ත වල අයිතිය ක්‍රමයෙන් වඩාත් බලවත් අයතනයන් සතුවෙමින් තිබීම තමන් නිරීක්ශනය කරමින් සිටින බවයි. එතුමන් යෝජනා කරන්නේ භාවිතාකරන්නන් හට වඩාත් සධාරන ලෙසට තමන් ගේ දත්ත සමග කටයුතු කිරීමේ අයිතිය නැවත තහවුරු කරගන්නට අවශ්‍යවන කාලය පැමිනෙමින් ඇති බවයි. තමන් Massachusetts Institute of Technology (MIT) සමග කටයුතු කරමින් දැනටමත් මෙම නව ප්‍රවනතාවය තහවුරු කරන open-source project “Solid” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බවට පවසනවා.
ලොව පුරා හදාරන්නන් විසින් පෙනවා දෙමින් සිටින්නේ වේගයෙන් දත්ත වල පෞද්ගලික අයිතිය පුදගල අර්ථයෙන් බැහැර වෙමින් ඒකාධිකාරීන් වෙතට අත්වෙමින් තිබන අතර විටක ඒවායේ සාධාරන අයිතියට එරෙහිව පවා පහසුවෙන් ඒවා භාවිතා කිරීමේ හැකියාව නිර්මාණය වෙමින් තිබෙන බවයි. විවිධ ඇප් මෙන්ම වෙබ් අඩවි විසින් මෙම ප්‍රවනතාවය පෙන්වමින් සිටින බවට ඔවුන් පැහැදිලි කරනවා.   – Pubudu Siriwansa

බෙල්ජියමයද Google Map සමග ආරවුලකට…

බෙල්ජියම ආරක්ශක අංශ පවසන්නේ Google Map සමග තම රටේ ආරක්ශක හමුදා භූමීන් අපහැදිලි ( blur out images of military sites ) කර දමන්නට අසමත්වීම හේතු කොට ගෙන එම සමාගමට එරෙහිව නීතිමය පියවරකට සූදානම් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google සමාගම චේතනාන්විතවම තම රටේ ආරක්ශක ස්ථාන නිරාවරනයට කටයුතු කර ඇති බවයි. ලොව පුරා විශාල අවධානයක් හා භාවිතවක් ලබා ගන්නා Street View feature පහසුව ඇගයීමට ලක්වෙන අතරම ගැටළු සහගත වන අවස්ථාද නැතිවාම නොවේ. ඉන්දීය රජයද වසර කිහිපයකට පෙර මෙම Street View feature පහසුව අවහිර කර දමන්නට කටයුතු කරන ලද්දේද තම අභ්‍යන්තර ආරක්ෂාවට එය අභියෝගයක් ලෙසට සලකමිනි. – Pubudu Siriwansa

Posted in Google, News |

රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය

රජයේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (25 ) සිදු කෙරිණි. නව කැබිනට් සංශෝධනය ජනාධිපති මාධ්‍ය ඒකකයේ ට්විටර් (twitter/PMDNews ) අඩවිය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීතිය හා සාමය අමාත්‍ය ධූරය දී තිබේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය කබීර් හෂීම් මහතා- උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය

රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා- තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අමාත්‍ය රවින්ද්‍ර සමරවික්‍රම මහතා -වනජීවී හ තිරසර සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා – ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

අමාත්‍ය සාගල රත්නායක මහතා – තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා- බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී. අලවතුවල මහතා – ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස පත්වීම් සිදු කර තිබේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවයේ සිදුවන ඇමැති සංශෝධන සති දෙකකින් සිදුකරන බව පැවසේ.

නව මැතිවරණ සංස්කෘතියකට රට පිවිසෙමින් තිබෙන බවට….

සියලුම මාධ්‍යයන් පාහේ වාර්ථාකරන්නේ අද දින ශ්‍රීලාංකාව පුරා පැවැත්වෙන ඡන්ඳය සාමකාමී බවක් ගෙන ඇති බවටයි. 2018 පලාත්පාලන ඡන්ඳය ලංකාවේ මැතිවරන ඉතිහාසයේ ඓතිහාසික සටහනක් වනු ඇත්තේ නිවැරදි විනයකින්, ඉතා අවම පරිසර හා සමාජ මනසට වන හානි මට්ටමකින් පවත්වා ගන්නට ලක් රජය සමත්වීම බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. රට පුරාම සැලකීමේදී වූවද ඉතාම අවම මට්ටම කින් ගැටලු වාර්ථාවූ මැතිවරනයක් ලෙසට මෙන්ම කාන්තාවන්ට නිසි නියෝජනයකට අවස්ථාව සලසන, කොට්ඨාශ මට්ටමින් මෙන්ම අනුපාත මට්ටමින් නියෝජිතයන් කැඳවන, සමකාමී ඡන්ඳ සංස්කෘතියක් කරා රට යොමුකරවන අවස්ථාවක් බවට හැම දෙසින්ම පෙන්නුම් කරමින් සිටිනවා.

Dr Dharmasena Pathiraja

ලාංකීය සිනමාවේ ප්‍රතිරාජයා අද උදෑසන මිය ගියේ ය. ලාංකීය සිනමාවේ රාජයා  ආචාර්ය ධර්මසේන පතිරාජාම මිස අන් කවරෙකු හෝ නොවේ.  පතිරාජා ගේ ආචාර්ය උපාධිය “ නිදහස් බෙංගාලි සිනමාවේ ජාතිය සහ ආගම අතර දයලෙක්තිකය“ ගැන බෙංගාලි විශිෂ්ඨ සිනමා කරුවන් වූ සත්‍යජිත් රායි, මිර්නාල් සෙන් සහ රික්වික් ඝටක් තිදෙනාගේ සිනමා කෘති අධ්‍යයනයෙන් ලියන ලද නිබන්ධනයට හිමි වූවකි. එය පිරිනැමුවේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය මගිනි. ඒ අතින් සලකා බලන කල සිනමාව පිලිබඳ විධිමත් ආයතනික පශ්චාත් අධ්‍යාපනය මගින්ද සිනමාවට සහ රුපවාහිනියට දායාද කළ විශිෂ්ඨ නිර්මාණ මගින්ද ශ්‍රී ලංකාවට සිටි ‘එකම රාජයා‘ ධර්මසේන පතිරාජාම වන්නේ ය. (ලංකා ඊ නිව්ස් – 2018.ජන.28, ප.ව‍‍‍‍‍‍‍‍‍‍.8.10)

Posted in News, Social | Leave a reply

ransom ආකාරයේ නව පහරදීමක්…

2017-06-28 / 5.51 A.M- ransom ආකාරයේ නව පහරදීමක් සයිබර් අවකාශය පුරා සිදුවෙමින් ඇති බවට අනතුරු ඇඟවෙනවා. පසුගියදා ලොවපුරා පරිගණක පද්ධතිවලට බරපතල අභියෝගයක් වූ ආකාරයේ පහරදිමක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නා මෙම නව පහර දීම WannaCry වලට සමන ලක්ෂන පෙන්වමින් සිටින බවටයි පැහැදිලි වෙන්නේ. Ukraine හා Russia වලින් මුලින්ම වාර්ථාවීම ඇරබුනු මෙම නව හානිකරය පිලිබඳ තොරතුරු ක්‍රමයෙන් ලොවපුරා පරිගණක පද්ධතිවලින් වාර්ථාවෙමින් ඇති බවත්, සුපුරුදු ලෙස Bitcoine වලින් ගෙවීම් ඉල්ලමින් සිටින බවත් වාර්ථා වෙනවා. තවත් හෑරීම් වාර්ථාවක් පවසන්නේ ආරක්ෂක මෘදුකාංග 61ක් ඇසුරින් සැලකීමේදී නව ransomware හානිකරය හඳුනා ගැනීම ආරක්ෂක මෘදුකාංග 4 කට පමනක් සාර්ථකව ඉ‍ටුකරන්නට හැකිවූ බවයි. බැංකු, නිෂ්පාදන ආයතන ඇතුලු ලොව පුරා ප්‍රධාන පෙලේ ආයතන තත්වය සමග ධනාත්මකව කටයුතු කරන්නට උත්සාහ කරමින් සිටිනබවටද වාර්ථා වෙමින් තිබෙනවා. සමස්තයක් ලෙසට සැලකීමේදී ලොවපුරා පරිගණක පද්ධති දස දහසක් දැනටමත් අනාරක්ශිතව ඇති බවටයි සටහන් වන්නේ.

Posted in News, Tech | Leave a reply

London වල මොටර් රථයක් පදිකයන් වෙතට කඩා වැදීමක්!!!

London වලින් වාර්ථාවන පුවතක් පවසන්නේ Seven Sisters Road ආසන්නයේදී රථයක් මගී ගමන් මගකට කඩා වැදී ඇති බවකි. දැනට පැහැදිලි වන ආකාරයට එක් අයෙක් අත්වඩංගුවට පත්ව ඇති බවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවටත් වාර්ථා වනවා. මධ්‍යම රාතිය පසුව කෙටි වෙලාවකින් වාර්ථවන මෙම සිදුවීම පිලිබඳ තොරතුරු ප්‍රකාශයට පත්ව නොමැත. මුස්ලිම්වරුන් ගේ ආගමිකස්ථානයක් ආසන්නයේ සිදුව ඇති මෙම සිදුවීම පිලිබඳව තවමත් නිල නිවේදනයක් නිකුත්ව නොමැත.

Posted in News | Leave a reply

West London වල නිවාස සංකීර්නයක විශාල ගින්නක් !!!

West London වල මහල් 27 කින් යුත් නිවාස සංකීර්නයක විශාල ගින්නක් වෙලාගෙන තිබෙනවා. ගිනි නිවන භටයන් මේ වන විටත් තත්ව්යා පාලනයට කටයුතු කරමින් සිටින නමුත් දරුනු හානියක් පෙනෙන්නට තිබෙනවා. උදෑසන 1.50 ට පමන හටගන්නට ඇති බවට සැලකෙන ගිනි දළු උදෑසන 5.00 පමන වන මේ වන විටත් සම්පූර්නයෙන් පාලනයට අසමත්ව තිබෙනවා. ඇසින් දු‍ටු වාර්ථා පවසන්නේ ඉහල මහල් වල කවුලු වලින් පිටතට පනින මිනිසුන් දැක ඇති බව වන අතර තවමත් හානියෙන් වූ ජීවිත හානීන් හෝ තුවාල කරුවන් පිලිබඳ තොරතුරු නිකුත්ව නැහැ. දෙවන මහලේ සිට සිට ඉහලට මෙම ගින්න පැතිර යන්නට ඇති බවටයි දැනට පැහැදිලි වන්නේ.

මීටර 100 කින් උස් මෙම ගොඩනැගිල්ලේ නිවස්න 120 පමන තිබෙන බවට සැලකෙන අතර දැනට දෙදෙනෙකුට පමන ප්‍රථිකාර ලබා දී ඇති බවට වාර්ථ වෙනවා. ගිනිනිවන භටයන් 200 කින් යුත් බලකායක් තත්වය පාලනයට කටයුතු කරමින් සිටින අතර ලන්ඩන් වල නගර ප්‍රධානියා මේ වන විටත් සිදුවීම ප්‍රධාන ගනයේ සිදුවීමක් ලෙසට නම් කර ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. ආරක්ශන පද්ධති ක්‍රියත්මක නොවීමක් පිලිබඳව මත පලවෙමින් තිබෙන අතර පිරිසක් තවමත් ඉහල මහල් වම සිරව් අසිටිනවා විය යුතු බවටයි සැක කෙරෙන්නේ.

Posted in News | Leave a reply

ගංවතුර අවදානම්!!!!!

2017.05.28 දින 1200 පැයට නිකුත් කරනු ලැබු තත්ව වාර්තාව අනුව ආපදා තත්ත්වය
2017.05.28 දින 1200 පැයට නිකුත් කරනු ලැබු විශේෂ තත්ව වාර්තාව අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා නිසා පුද්ගලයන් 146 දෙනෙකු මියගොස් 112 දෙනෙකු අතුරුදන්ව ඇත. පීඩාවට පත් වූ සංඛ්‍යාව 442,299 ඉක්මවා ඇත. ආරක්ෂිත ස්ථාන 319 පුද්ගලයන් 101,638 පමණ රැදි සිටි.

(2017-05-26 5.20PM)කැළණි ගඟ පිටාර ගැලීමේ අවධානම වඩාත් ඉහල යමින් තිබෙන බවට අවවාද කෙරෙමින් පවතී. ජල බලාගාර ආශ්‍රිත  ජලාශවල වාන් දොර‍ටු විවෘත කිරීමත් සමග තත්වය වඩත් බලාපොරොත්තු වියයුතු  බවටයි නිවේදනය වන්නේ.

නැවත ගංවතුර අවධානමක් ඇති වෙමින් පවතී.සුදානමින් සිටින්න
රාජ්‍ය නිවේදන,ෆේස්බුක් දැන්වීම් වෙනත් ආකාරයේ දැනුවත් කිරීම් ගැන අවධානය යොමු කරන්න ..
තමාගේ ආරක්ෂාව සලසගැනීමේ යුතුකම අප සැම සතුව ඇත.
1.ෆෝන් එක චාර්ජ් කර තබාගන්න
2.අතවශ්‍ය ලියකියවිලි ගෙන යාමට පහසු ලෙස තබාගන්න
3.ගමන් බිමන් යාමෙන් වලකින්න
4.අනෙක් අය දැනුවත් කරන්න

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක හා අදාල ප්‍රදේශය භාර නිලධාරීන්ගේ විස්තර මෙසේය
Dilan Ranuka
01 I.K.A. Nandasiri Colombo +94 11 2325511
+94 11 2437242
+94778819389

02 A. Sedara Galle +94 91 2247175
+94 91 2247175
+94 77 1761692

03 Kusumsiri Gampaha +94 33 2234142
+94 33 2222900
+94 77 4342786

04 Krishan Kaluthara +94 77 6368763

05 Widanage Matara +94 41 2222284
+94 41 2222234
+94 71 8245180

06 K.Kumara Rathnapura +94 45 2222233
+94 45 2222140
+94 71 4408835

නාය යෑමේ අවදානම පවතින ප්‍රදේශ –
ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, යක්කලමුල්ල, නාගොඩ
කෑගල්ල දිස්ත්‍රික්කය – බුළත්කොහුපිටිය, දෙහිඕවිට
රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පෙ, අයගම, කහවත්ත…..
කැළණි ගං මිටියාවතද පෙරද පරිදිම අවදානම් සහිතය …
පෙර වතාවට වඩා සුදානමින් සිටිමු…

මේ සියල්ල fb පොස්ට් එකතු කිරීමකි …..ඔබේ අවධානයෙන් සිටීම තවත් අය බේරාගැනීමට හේතු විය හැක …

Posted in News | Leave a reply

England වල Manchester Arena හි පුපුරා යමක්

( 2017-05-23 7.15 AM- Srilanka-)   England වල Manchester Arena වලින් වාර්ථා වෙමින් ඇති පුපුරා යමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයද 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවටද සටහන් වනවා. එහි පැවති concert එකකදී මෙම සිදුවීම සිදුව ඇති අතර ආරක්ශක අංශ සිදුවීම විමසීමල ලක් කරමින් සිටින බවටයි වාර්ථාවෙන්නේ. ආරක්ෂක අංශ සැකකරමින් සිටින්නේ ත්‍රස්ථවාදී  ක්‍රියාවක් විය හැකි බවකි.  තරුන වයසේ දරු දැරියන් විශාල ප්‍රමානයක් සහභගී වෙමින් සිටි අවස්ථාවක් ලෙසටයි සිදුවීම විස්තර වෙන්නේ. බොහෝ විට මෙම සිදුවිම පසු පස සියදිවි නසාගැනීමක ආකාරයේ පුපුරව ගැනීමක් සිය හැකි බවටයි සැක කෙරෙමින් පවතින්නේ. සිදුවීමට අදාල ස්ථානයේ ආරක්ශක නිලධාරීන් විසින් පුපුරා යාමට සුලු මොහොතකට පෙර “වහා ඉවත්වන්නට ” කටයුතු කරන ලෙසට මහ හඩින් උපදෙස් දෙමින් සිටි බවටයි සිදුවීමට මුහුන දුන්නන් පවසා සිටින්නේ. පුපුරා යාම දෙකක් සිදුවූ බවට වාර්ථාවෙමින් ඇති අතර…..

 ( 2017-05-23 11.30 AM- Srilanka-) සිදුවීමේ නවතම තොරතුරු පවසන්නේ පැවති ප්‍රංගය අවසානයේ ප්‍රේක්ෂකයන් “මතක සටහන් මිලදී ගැනීමට” අවධානය යොමුකරමින් සිටීනා අතර තුර විවෘත වූ දොර‍ටුවෙන් ඇතුලු වූ අයෙකු තම සිවිදිවි නිසාගැනීමේ මෙහෙයුම සංක්‍රිය කරන්නට ඇති බවයි. සමාජජාලා ඇසුරෙන් සිදුවීමට මුහුන දුන් අයගේ අදහස් වලට අනූව පිපිරීමත් සමග වීදුරු කැබිලි මෙන්ම යකඩ කොටස් ඔබ මොබ විසිර යාමක් සිදුවුන බවටයි හෙලි වන්නේ. පොලිස් වාර්ථා වලට අනූව 50 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර මිය ගිය ප්‍රමානය 22ක් ලෙසට සදහන් වනවා. එක් අයෙක් මෙම පිපුරුමට මුලව ඇති බවටයි සැකකෙරෙන්නේ. ප්‍රසංගයේ ප්‍රධාන තරුව වූ Ariana Grande තම බලවත් කනගා‍ටුව මේ වන විට පලකොට තිබෙනවා.

Posted in News | Leave a reply

නොකල වරදකට විසි වසරකට පසු සිර දිවියෙන් නිදහස ලබයි

Marco Contreras නම් අයෙකු පසුගියදා Los Angeles වල අධිකරනයෙන් නිදහස ලබන්නේ 20 වසරක් තිස්සේ තමන් නොකල අපරාධමය වරදකට දඩුවම් ලබමින් සිටය. පලවන වාර්ථා පවසන්නේ 41 හැවරිදි මොහු Los Angeles අධිකරනයෙන් එසේ නොකල වරදකට දඩුවම් ලබමින් සිටින නිවැරදි අයෙකු බව පිලිගෙන පසුගිය සති දෙක තුල අධිකරනය විසින් නිදහස් කරන ලැබූ දෙවැන්නාද වන බවකි. පසුගිය දිනවලදී Andrew Wilson නම් අයෙක්ද තමන් විසින් නොකල වරදකට නිදහස ලැබූ වේ 32 වසරකට පසුවය. මෙම දෙදෙනාම සදහා නිදහස ගෙනෙ එන්නට සහය වූවේ Loyola Law School වල ව්‍යාපෘතියක් යටතේ නව සාක්ෂි සමග කල නව අධිකරන ක්‍රියාවලියක් යටතේය.
පෙර කී Mr Contreras නැමැත්තා මිනීමැරීම් හා පැහැරගැනීම් යනා වරදවල් යටතේ 1996 දී ජීවිතාන්තය දක්වා දඩුවම් ලැබූ අයෙක් වූ අතර අදාල නව අධිකරන ක්‍රියාවලියෙන් අනතුරුව සැබෑ අපරාධකරු හඳුනාගෙන ඇති බවටයි විස්තර කෙරෙන්නේ. නිදහසින් අනතුරුව ඔහු පවසා සිට ඇත්තේ තමන් එම කාලය තුලදී අධ්‍යාත්මික, ධනාත්මක හා සහයෝගයෙන් කටයුතු කරන්නට පෙලබි බවයි.

Posted in News, Social | Leave a reply