October 2018 Update යනු Windows 10 වල මීලග ප්‍රධාන යාවත්කාලීනය ලෙසට නම් වෙනු ඇති බවට මේ වන විට තහවුරු වෙමින් තිබෙනවා. Redstone 5 සංඛේත නාමයෙන් සංවර්ධනය වෙමින් ඇති මෙහි ප්‍රධාන ඉලක්කය ලෙසට හඳුනා ගැනෙමින් ඇත්තේ වඩාත් ස්ථාවර මෙහෙයුම් පද්ධතියක් ලෙසට වුවත් නවාංග කිහිපයකින්ම සමන්විත වනු ඇති බවටත් විස්වාසය පල වෙමින් තිබෙනවා. Your Phone ඉන් එකකි. එහිදී මෙම ඇප් එක ආධාරයෙන් ඔබගේ දුරකථනයේ SMS සමග කටයුතු කිරීමේ හැකියාව මෙන්ම දුරකථනයේ photo gallery සමග කටයුතු කිරීමෙ හැකියාවද රැගෙන එනු ඇත. දැනටමත් පෙර හඳුන්වාදීම කර ඇති “Sets” අංගය ඔස්සේ tabs හරහා මුළු මෙහෙයුම් පද්ධතිය පුරාම web pages, apps, folders ආදිය හමුවීමෙ හැකියාව පැමිනෙන අතර මෙම මීලග ප්‍රධාන නිකුතුවට එය සංයුත්ත නොවුනු ඇති බවටයි දක්නට ලැබෙන්නේ. දැනට Windows 10 භාවිතාව මිලියන 700 ආසන්නව පවතින බවට ගනනය වෙමින් තිබෙනවා.
– Pubudu Siriwansa
