මේ වන විට හෙලි වෙමින් ඇත්තේ October 2018 Update යනු Windows 10 සදහා නිකුත් වූ වඩාත් ගැටලු සහිත යාවත්කාලීනය ලෙසට සලකන්නට වන බවය. මේ වන විට Microsoft ආයතනය මෙම යාවත්කාලීනය නිකුත් කිරීම තාවකාලීනව අත්හිටවා ඇති අතර එල්ලවන ප්‍රධාන චෝදනාවක් වන්නේ දත්ත මැකීයාම පිලිබඳවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Documents folder වල වන ගොනු මැකීයාමක් වාර්ථාවෙමින් ඇති අතර ලැබැන උපදෙස වන්නේ වහාම එම ෆෝල්ඩරයේ වූ ගොනු පිලිබඳව විමසා බලන ලෙසත් යම් හෙයකින් ගොනු මැකීමක් සිදුව නැත්නම් වාසනාවත්න තත්වයක් වන බවත් යම් හෙයකින් ගොනු මැකීයාකමක් සිදුව ඇත්නම් කිසිදු වෙනසකට පෙර Microsoft සහය සේවා වල සහය පතන ලෙසත්ය. ඔවුන් තවදුරටත් පැහැදිලි කරන්නේ එසේ මැකීයමක් සිදුව ඇත්නම් තව දුරටත් ගොනු move හෝ overwrite කිරීමකට උත්සාහ නොකර Recuva වැනි recover මෘදුකාංගයක සහය පතන ලෙසත්ය. ගැටලුව සදහා ස්තීර විසඳුමක් එල බෙන සතියට නියමිත Patch Tuesday සමග බලා පොරොත්තු විය හැකි බවටත් පැහැදිලි කරනවා. – Pubudu Siriwansa