Office 2019 මෙම වසරේ දෙවන භාගයේ පැමිනෙනු ඇති බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Windows 10 සමග පමනක් ධාවනයට නියමිත නිකුතුවක් වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම සංස්කරනයට mainstream මට්ටමේ සහය Mcrosoft වෙතින් ලැබෙනු ඇත්තේ වසර පහක් පමනක් වනු ඇත. සාමාන්‍යයෙන් Mcrosoft ආයතනය තම Office නිකුතුවට වසර 10ක සහයකාලයක් දෙන මුත්, මෙම සංස්කරනයේදී extended support කාලයද සමග සැලකීමේදී 2025 දී සම්පූර්න සහය කාලය අවසන් වනු ඇත. ඇතුලත් වන අංග ලෙසට Word, Excel, PowerPoint, Outlook, Skype for Business සැලකෙන අතර OneNote, Access, හා Publisher අංග නොවන බවටයි පෙනෙන්නට ඇත්තේ. Click-to-Run installation technology ආකාරයට එනම් ස්ථාපනයේදී බාගතවන ස්වභාවයේ නිකුතුවක් වන මෙහිදී, සමහර අංග සදහා Office 365 භාවිතය අවශ්‍ය වනු ඇති බවටත් ඇගවෙමින් තිබෙනවා.
