Microsoft ආයතනය නිවේදනය කරන්නේ තම Office Online වෙතට ‘Insights for Office’ නමින් වන නව අංග එකතුවක් ඔස්සේ Bing හි සෙයුම් හැකියාව ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි. එනම් Office Ribbon වලට එකවන search box එකක් ඔස්සේ Office document වෙතට අවශ්‍ය වන සෙයුම් ප්‍රථිපලයක් වඩාත් එම decument වලට ගැලපෙන ආකාරයට සොයා ගන්නට මෙම අංගය සහය වනු ඇති බවට පැහැදිලි කෙරෙනවා. Word මත right-clicking සමග එන මෙනුවෙන් insight ඔස්සේ ද ඇරබිය හැකි මෙම bing සෙයුම් බව more accurate ලෙසින් එම ලිපියට අදාලව සිදුවන විටදී Bing යාන්ත්‍රනයට එම Decument හදාරන්නට අවස්ථාවල ලැබීම පිලිබදවද අදහස් දක්වන මුත් වෙළඳ දැන්වීම් වැනි අමතර අංගවලින් තොරව ක්‍රියාත්මක වන මෙම අංගය නිසා භාවිතාකරන්නා හට වඩාත් අර්ථවත් දෑ අඩංගු ලිපියක් වෙතට යන්නට අවස්ථාව ලැබෙන බව පෙන්වා දෙනවා. Microsoft ආයතනය පසුගිය දිනවලදී Bing සෙයුම් බව ඔස්සේ images සොයා ගන්නටද සහය වන ලෙසට පුලුල් කරන ලද අතර මෙම නව හැකියාව ඉදිරි Office සංස්කරනයකදී non-online apps සදහාද අඩංගු කරන්නට කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.