Back to Top

Category: Office

Hybrid workplace

කොරෝනාව විසින් සංශෝධනය කරන ලද නව ලෝකයේ හැඩය වෙනස් බව හදාරන්නන්ගේ පැසසුමට ලක්වන ලක්ෂණවලින්ද පිරී නැතුවාම නොවේ. Hybrid workplace මේ අතර වැඩිම අවධානයක් දිනා ගන්නා බව පෙනෙන්නට ඇත. පසුගිය දෑවසර තුල මේ සදහා නෙක ආකාරවලින් නව අවකාශ බිහිවෙමින් පහසුකම් සලසමින් තිබේ. බොහෝ විධිමත් සමාජ යාන්ත්‍රන සදහා වැදගත් වන workflow, project planning, හා communication වැනි තීරනාත්මක ක්‍රියාකාරකම් සදහා පැමින ඇති සහය ටූලයන් විසින් සාර්ථකව පැරණි සාම්ප්‍රධායික අවකාශ වල තැන අත්පත්කරගනිමින් සිටින බව හැම අතින්ම දැකිය හැකිය.
තවත් අතකින් තත්වය පැහැදිලි කෙරෙන්නේ “office-centric” වල සිට “human-centric” දක්වා තත්වය වෙනස් වෙමින් වීම ලෙසටය. ලොව පුරා වන නව වැඩ කරන රටා පිලිබඳ හදෑරීම් පවසමින් සිටින්නේ බොහෝ අවස්ථාවලදී තත්වය ධනාත්මක බවයි. නැතිනම් වර්ධනාත්මක බවයි. ඔවුන් පෙනවා දෙන්නේ නව ආකෘතිය වඩාත් මිනිස් සංක්‍යතාවයක් නිදහස් කරවන්නට සමත්ව තිබෙන බවයි. සාර්ථක අසාර්ථක අවස්තා හදාරන ඔවුන් බොහෝ දෙනා පවසන්නේ කෙසේ වෙතත් දෑ වසරකට පෙර අත්විඳි සමාජ ආකෘති ගොහොමයක් නැවත නොපැමිනෙන බවට සහතික බවයි.
Pubudu Siriwansa

Office Insider program පැමිනේ!!

                 Microsoft සමාගම මේ වන විට  Office Insider වැඩසටහනද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ windows වලදී මෙන් නොව Office 365 subscription පදනම්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ Home, Personal නැතිනම් University plans සංස්කරන භාවිතාකරන්නන් සදහා මෙම early builds ස්ථාපනය කර ගැනීම ඔස්සේ පැමිනීමට නියමිත නව Office අංගයන් අත්විඳීමේ අවස්ථාව හිමි වෙනවා. Office 365 subscription පදනම්ව පැමිනෙන මෙම අවස්ථාව ඔස්සේ Windows PC හා Android applications වෙතට දැනට විවෘතව පැමිනෙන මෙම පහසුව සමග පැමිනෙන්නට නියමිත •Excel•Word•PowerPoint•OneNote•Outlook•Access අංගයන් භවිතාකරන්නන් වෙතට විවෘත වනු ඇති. – Pubudu Siriwansa

Posted in Microsoft, Office |

PowerPoint Designer හා Morph සමග Office 2016

      Microsoft සමාගම පසුගිය කාලය සැලකීමේදී තම Office  මෘදුකාංග ගොනුව වෙතට වෙනස්කම් රාශියක් ගෙනෙන්නට  කටයුතු කර ඇත.  ඒවා අතර  Word, Excel වලදී handwriting පහසුවෙන් equation බවට පත්කර ගැනීමෙ හැකියාව, පූර්න ලෙසට touch පහසුව පැමිනීම ඇතුලු බොහොමයක් වේ. Microsoft ආයතනය නිවේදනය කරන්නේ තමන් තම Office ගොනුව වෙතට අලුතින් PowerPoint Designer හා Morph ලෙසට වන multi-media presentations වඩාත් වර්ණවත් අපූර්ව කරවන අංගයන් එක් කිරීමට සූදානම් බවය. මෙහිදී ක්ලවුඩ් මූලික ආකාරයට ක්‍රියාත්මක වන පහසුකම් සමග slides හා presentations වඩාත් සිතගන්නා සුලු ආකාරයට ස්වංක්‍රීයව සකසා ගන්නට හැකි වනවා පමනක් නොව graph හෝ chart වල වන data වඩාත් සංප්‍රානික ආකාරයට දැක්වීමටද හැකි වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ දැනට මෙම හැකියාව premium පහසුවක් ලෙසට Office 365 subscribers සදහා ලබා ගන්නට හැකි වන අතර ඉදිරි සති කිහිපයේදී Office 2016 භාවිතාකරන්නන් වෙතටද පැමිනෙනු ඇති බවය.

Posted in Microsoft, Office |

https://office.live.com වැඩි දියුනු කර ඇත..

    Microsoft සමාගම පවසන්නේ තම Office Online සේවාව වඩාත් සාර්ථක සේවාවක් ගෙන ඒම සදහා update කර ඇති බවකි. Word, PowerPoint, Excel හා OneNote යන අංග එක් කොට ගෙනෙන ඔවුනගේ productivity suite හි web versionය ලෙසට ගැනෙන මෙම පහසුව Office.com වෙතට පිවිසීමෙන් ලබා ගන්නට හැකි වනවා. ලොව බහුලතම මෙන්ම Microsoft හි දෙවන ප්‍රධානතම මෘදුකාංගය ලෙසට පිලිගැනෙන desktop productivity suite වල light version වන මෙය සමග භාවිතාකරන්නෙකුගේ සරල අවශ්‍යතා සදහා නිමවෙන අතර අලුතින් Skype integration, ‘Insights for Office'(machine learning for locating valuable content) එකතුකිරීම් සමග වඩාත් පහසු භාවිතාවක් ගෙනෙන බවටයි දැක්වෙන්නේ.

https://office.live.com

Posted in Microsoft, Office |

Office 16 තොරතුරු බිඳක්!!

    Office 2016 මෘදුකාංග ගොනුව Microsoft වෙතින් මීලගට බලාපොරොත්තුවන ප්‍රධානතම පැමිනීමක් වේ. මේ වන විටත් එහි small private beta වක් තොරා ගත් පිරිසක් අතර අත්හදා බැලෙමින් ඇති බවටයි හෙලිවෙමින් ඇත්තේ. නවාංග එකතුවීම් හා වැඩි දියුනු කිරීම් රාශියකින් සමන්විතව මෙම පැමිනීම බලාපොරොත්තු වෙමින් සිටින අතට දැනට හෙලිවන තොරතුරු අනූව Forecasting Functions නම් අංගය කැපී පෙනෙන අනන්‍යතාවයක් දක්වන බව පෙනේ. දැනට සතුවන දත්ත අනූව predict future හැකියාවක් එහි වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. පහත දැක්වෙන්නේ එම දැනට හෙලිවන පැමිනෙන්නට නියමිත අංග කිහිපයකි.
Forecasting Functions
Time Grouping for Model Based Pivot Tables
PowerView over an OLAP connection
Data model PivotTable Automatic Relationships Detection
BI in Excel – BI features discoverability
Updated Backstage UI
Rename Tables, Columns and Measures in Power Pivot and Adjustments of the PivotTables
Data Cards
Skype for Business

      වඩාත් බුද්ධි හැකියාවෙන් මෙන්ම විශ්ලේෂණ හැකියාවකින් යුත් නිකුතුවක් බලාපොරොත්තුවීම පිලිබදව දැනටමත් Office 16 පිලිබදව හදාරන්නන්ගෙන් බලාපොරොත්තු පලව තිබෙනවා.

Posted in Microsoft, Office |