යටියන්තොට ප්‍රදේශයේ ආසන්නව පිහිටි මස්කාන්ත දිය ඇල්ලක් ලෙසට ඔලු ඇල්ල නම් කල හැක. ප්‍රදේශීය ITN රූපවාහිනී කුලුනක් පිහිටි වේවැල්වත්තට ආසන්නව පිහිටි මෙම දිය ඇල්ල විසිරුනු ස්වභාවයකින් ඇද හැලෙන නිසාම හා පිරිසිදු ජලධාරාව මවන සුදෝසුදු වර්ණය නිසාම මෙම නම ලබන්නට ඇති බවටයි පැවසෙන්නේ. ඉතා දරුනු වියලි කාලවලදී පවා අකංඩව ඇද හැලෙන්නට සමත් මෙම ඔලු ඇල්ල වෙතට යටියන්තොර සිට පෙලෙම්පිටිය මාර්ගය ඔස්සේ පැමින 16 වන සැතපුම් කනුව ආසන්නයේදී පිවිසෙන්නට හැක.