Back to Top

Category: OS

2025 Oct. 14 windows 10 සමුගනු ඇත.

දැනටමත් Microsoft ආයතනය එලබෙන 24 දාට හමුවක් කැදවා ඇති අතර එහිදී windows වල නව සංස්කරනය පිලිබඳ තොරතුරු මුදා හරිනු ඇති බවට බලා පොරොත්තු වෙනවා. මේ වන විට Microsoft ආයතනය තම windows 10 සදහා සහය කාලය 2025 ඔක්තෝබර 14 දායින් අවසන් වන්නට නියමිත බවට පවසා සිටිනවා. ඒ අනූව windows 10 වල HOME, PRO, ENTERPRISE හා EDUCATION සංස්කරන සදහා එම ආයතනය විසින් නිකුත් කරන ආරක්ශක හා වැඩි දියුනු කිරීම් සහිත යාවත්කාලීන නවතිනු ඇත. 2015 දී Microsoft ආයතනය තම windows 10 හඳුන්වා දෙමින් පවසා සිටියේ windows සදහා වන අවසන් නිකුතුව windows 10 වනු ඇති බවටයි. විචාරනය වන්නේ බොහෝ විට Microsoft ආයතනය වඩාත් නවතම හා නවීන භාවිතාවක් ‍රැගත් නව මෙහෙයුම් පද්ධතියක් සදහා සූදානම් වෙමින් සිටින මුත් windows 10 භාවිතාකරන්නන් සදහා මිත්‍ර ක්‍රම වේදයක් සමග නම්‍ය පිලිවෙලක් අනු ගමනය කරනු ඇති බවයි.
Pubudu Siriwansa

Posted in Microsoft, OS, Windows, Windows 10 |

Windows 10 මීලග ප්‍රධාන සංස්කරනයේ පැමිනීම …

Microsoft ආයතනයේ CEO වරයා පවසන්නේ මෙමස 24 නියමිත virtual event වලදී තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රවනතා හඳුන්වා දෙන්නට නියමිත බවයි. Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය හැඩයේ සිට එහි වඩාත් සුනම්‍ය ක්‍රියාකාරීතවය මෙන්ම වඩාත් පුලුල් වන හැකියා වපසරිය දක්වා දියුනු කිරීම් රාශියක් මෙම නව පැමිනීම තුල සමන්විත වන්නට සූදානම් බවටයි ඔහු පවසන්නේ. 2021 දේවන භාගයේදී පමන Windows 10 වල මීලග ප්‍රධාන සංස්කරනයක පැමිනීම නියමිත අතර Sun Valley සංකේථ නාමය යටතේ එහි මූලික සංස්කරනයන් ආයතනය තුල අංවර්ධය වෙමින් පවතින බවටයි නොනිල ආරන්චි පවසා සිටින්නේ. හදාරන්නන්ගේ අවධානය දිනාගත් Windows 10X ව්‍යාපෘතිය මේ වන විට Microsoft ආයතනය නවතා දමා ඇති අතර එහි වූ විශේෂිතතා ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග සමන්විතව පැමිනෙන්නට නියමිත බවටයි බලා පොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa

HarmonyOS ඉදිරියට…

“Huawei” ආයතනය පවසන්නේ තම HarmonyOS මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් උපාංග ecosystem එක සදහාම සූදානම් බවයි. අද පැවති හමුවකදී ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ තම දියුනු කරන ලද නව සංස්කරනය smartphones, wearables, smart TVs ඇතුළු සමස්ථ ස්මාර්ට් උපාංග අවකාශය සදහා වඩාත් නම්‍යව සුදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ 128KB RAM තරම් සරල මට්ටමකදී පවා භාවිතයට සූදානම් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම නව මෙහෙයුම් පද්ධති පරිසරයේදී ස්මාර්ට් උපාංග එකිනෙක සම්බන්ද වෙමින් වඩාත් සුමට භාවිතාවක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් වැඩි දුරටත් පවසනවා මෙහෙයුම් පද්ධති අනන්‍යතා සීමාවල් හඳුන්වා දෙන ඇප් හරහා ඉක්මවා යන්නට මෙන්ම සාම්ප්‍රධායික උපාංග සීමාව ඉක්මවමින් smart ovens , fridges වනි තලයන් සදහාද සූදානම් බවයි.

Pubudu Siriwansa

Android Wear ගැන තොරතුරු කිහිපයක්…

    Android Wear පැමිනෙන්නේ Google විසින් Wearable උපාංග සදහාම සැලසුම් වන ලද අඩු බ‍රැති මෙන්ම Android 4.3 එනම් Jelly Bean වලින් ඉහල වන Android මෙහෙයුම් පද්ධති සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ව එන මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. නව පරම්පරාවේ උපාංග වල ප්‍රධාන ඉලක්කයක් ලෙසට සැලකෙන අඩු බල වැය වන සරල නිමැවුමක් ඇති සහය උපංගයකට අවශය නිමැවුම මෙම මෙහෙයුම් පද්ධතිය ගෙනෙන බවටයි පෙනෙන්නට ඇත්තේ. සරලව ඔවුන් තම මෙහෙයුම් පද්ධතිය පැහැදිලි කරමින් දැක්වුවේ තම Android ස්මාර්ට් දුරකථනය පිටතට නොගෙන notifications , Caller ID හඳුනා ගැනීම වැනි කාරනා සදහා මෙම මෙහෙයුම් පද්ධතිය සහය දක්වනු ඇති බවය. කෙලින්ම අන්තර්ජාලය වෙතට සම්බන්ද නොවීම හා Bluetooth සරල සබඳතාවයක් සමග ක්‍රියාත්මක වීම ඔස්සේ ක්‍රියාත්මක වීම ඔස්සේද මෙම සහයක බව ප්‍රමුක නිමැවුම පැහැදිලිව දැකිය හැක.
හැසිර වීම සඳහා සරල ඇගිලි හැසිරවීමක් පමනක් සෑහෙන මෙම නිමැවුම සමග Google වල Voice Recognition සමග පහසුවෙන් උපාංගය හැසිරවීමේ සිට මිතුරෙකු වෙතට Text පනිවිඬයක් යැවීම, පසුව පැමිනිය යුතු මත්කයන් ගබඩා කොට තැබීම වැනි කාරනාවල සිට පැමින ඇති මෙන්ම පැමිනෙන app සමග බොහෝ කාරනා සදහා විවෘත වීමේ හැකියාවද එයට වේ. Basic fitness තොරතුරු සදහ සහය දක්වන pedometer සමග දවසේ භාවිතාකරන්නා තබන පියවර සංක්‍යාව ගනනය වීම , Heart rate ගනනය වීම වැනි අදාල උපාංගයේ දෘඩාංග මට්ටම සහ දක්වන්නේ නම් ලබා ගත හැකි අමතර පහසුකම් සදහාද මෙම මෙහෙයුම් පද්ධතිය සහයට පැමිනෙන්නට සූදානම් බව කියවේ. මෙම මෙහෙයුම් පද්ධතිය ස්ථාපිතව එන සමහර දෘඩාංග මට්ටම් සමග GPS වැනි පහසුකම් ඇති විට වඩාත් ස්වාධීනව කටයුතු කරන්නට මෙම මෙහෙයුම් පද්ධතියට හැකි බවටයි විස්තර වන්නේ. වැඩි දියුනු විය යුතු Music Player වැනි අමතර පහසුකම්ද සමන්විත මෙහි ස්වංක්‍රීයව ඔබගේ අවධානයෙන් තොරවන විටදී අඩු බලවැය ක්‍රියාත්මක වීමකට පිවිසෙන්නත් පැලඳ ඇති අත ඔසවීම වැනි සරල චලනයක් හදුනා ගෙන නැවත අවදි වීමකට කැදවන්නටත් මෙම මෙහෙයුම් පද්ධතිය සහය වනු ඇත. තවමත් පලමු පරම්පරාවේ පවතිනමෙම මෙහෙයුම් පද්ධතියේ අනාගත සංස්කරන ඔස්සේ වඩාත් දියුනු සරල මුත් සංකීර්න ක්‍රියාත්මක බවක් ගෙනෙන නිමැවුමක් බලාපොරොත්තු විය හැකි බවටයි විචාරක මතය වන්නේ. – Pubudu Siriwansa

Windows 10 හි Technical Preview පෙල පැමිනෙන්නේ වඩාත් ක්‍රමවත්වය….

  Microsoft ආයතනය තම Windows 10 සමග වඩාත් සමීප හා සියුම් හැදෑරීමක නිරතව සිටී. තවමත් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන පෙර සංස්කරනයක සදහා නොපැමින ඇති එම නිකුතූන් පෙල ප්‍රධාන ලෙසින් ආයතනෛක මට්ටමින් වන භාවිතාවන් සදහා වඩා ඉලක්ක සහගතව Technical Preview ආකාරයේ සංස්කරනයන් නිකුතුවක තිබේ. මෙම Technical Preview නිකුතූන්පෙල තුලද වඩාත් සංවේධීව කටයුතු කරන ඔවුන් ‘slow’ හා ‘fast’ release cadence ලෙසින් වන ලෙසට වඩාත් අලුත් සංස්කරනයක් වඩාත් Risk මට්ටමක වුවත් අත්හදා බලන්නන් සදහා fast ලෙසටද වඩාත් ස්ථාවර සංස්කරනය අත්හදා බලන්නට කැමති වන්නන් සදහා slow කන්ඩාමට අයත්ව ප්‍රාථමික මට්ටමට වඩා stable තත්වයේ නිකුතූන් අත්හදා බලන්නට අවස්ථාව ලබා දෙමින් ද සිටී. පෙරකී fast මට්ටමේ වූ 9879 සංස්කරනය සමග පසුගිය සතියේ වාර්ථ වූ BSOD දුර්වලතාවය පිලිසකර කර ක්‍රමයෙන් slow කන්ඩායමේ අත්හදා බැලීමේ සංස්කරනයක් ලෙසට නිකුත් කරන්නට කටයුතු කරමින් සිටී. එසේම සංස්කරනයෙන් සංස්කරනයට upgrade ආකාරයට යාමට අකමැති වන්නන් සදහා එක වර පූර්න සංස්කරනයක් එනම් iOS ගොනුවක් ලෙසටත් දැන් 9879 ලබා ගත හැකි බවටත් නිවේදනය කර සිටිනවා.

http://windows.microsoft.com/en-us/windows/preview-iso

Posted in OS | Leave a reply

Windows XP support ගාස්තු මෙම වසරේ සිට දෙගුන වන හැඬ…

  වසර 13 ක දීර්ග සේවයකින් පසුව Windows XP වෙතට Microsoft වෙතින් පැමිනෙන සහය පසුගිය වසරේදී අවසන් වන ලදී. ඉන්පසුව මුදල් ගෙවා ආරක්ශක යවත්කාලීනයන් ලබ අගැනීමෙ අහැකියාව ඇරබුනු අතර ඒ යටතේ වසරකට ඩොලර් 200ක මුදලක් අයකරන්නට Microsoft ආයතනය කටයුතු කරන ලදී. එක් Pc යන්ත්‍රයක් සදහා වූ එම වාර්ෂික අයකිරීම මෙම වසරේ අප්‍රේල් වල සිට වාර්ෂිකව ඩොලර් 400ක් දක්වා ඉහල යෑමට නියමිත වෙනු ඇති බවටයි තොරතුරු පලවෙමින් ඇත්තේ. බහිර ආයතන වාර්ථාවකර අනූව තවමත් ලොවපුරා Pc වලින් 16%ක් XP බාවිතා වෙමින් ඇති බවට වාර්ථා වන අතර ආයතනය නව මෙහෙයුම් පද්ධතියවන Windows 10 වෙතට තම භාවිතාකරන්නන් කැඳවා ගැනීමේ උත්සාහය වඩාත් ව්‍යාප්ත කරමින් winndows 7,8,8.1 වල සිට නොමිළේ වන බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා. එසේම බාහිර ආරක්ශක මෘදුකාංග ආයතනයන්ද තම සහය XP වලට වීම එහි නිල විශ්‍රාම කාලයේ සිට වසර තුනක් දක්වා ඉදිරියට කරන්නට බලපොරොත්තු වන බවක් ඔවුන්ගෙන් සමහරක් පවසා සිටියා.

Posted in Microsoft, OS |

Windows 10 Mobile නිකුතුව ජන. 12??

       භාවිතාකරන්නන් අතර Windows 10 Mobile නිකුතුව පිලිබදව ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. දැනටමත් Phone 8.1 මොබයිල් මට්ටමේ උපාංග භාවිතාකරන්නන් අතරට නොමිලේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය වැඩි නවාංග සමග දියුනු මට්ටමක මොබයිල් මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් මේ වන විට පොරොන්දුව තිබෙනවා. පසිගිය වසර අවසාන භාගයේ මෙහි නිකුතුවක් පිලිබදව බලාපොරොත්තුවක් පැවතියද මේ වන විට පැමිනෙන නවතම තොරතුරු පවසන්නේ මෙම මස 12 දා පමන වන විට එම නිකුතුව සිදුවීමට බොහෙවින් ඉඩ ඇති බවයි. උපාංග නිෂ්පාදකයා මත නො‍රැදී කෙලින්ම Microsoft වෙතින් පැනෙන new updates යක් ලෙසට මෙම නිකුතුව සිදුවන්නේ ද යන්න තවමත් පැහැදිලි නොමැති බවටයි හෙලි වන්නේ.

Posted in OS, Windows, Windows 10 |

Windows 10 event අදට නියමිතය….

       Windows 10 ඉලක්ක ගතව තිබූ විශාල උපාංග වපසරිය  servers, desktop PCs, laptops, tablets, phones, connected devices ( Internet of Things) ලෙසට සැලකීමේදී තම සාර්තකත්වය මේ වන විට හොඳින් සටහන් කර තබන්නට සමත්ව ඇති බව බොහෝ හදාරන්නන්ගේ මතයය. September 30, 2014 වන විට තම පලමු නිවේදනය කල windows 10 හි පලමු නිල නිකුතුව July 29, 2015 දිනට නියමිත විනි. සාර්ථකව පලමු වසර පසු කරමින් windows 7 හා windows 8.1 සදහා නොමිලේ එම වසර පුරාම windows 10 වෙතට නොමිලේම පිවිසෙන්නට අවසථාවක්ද ලබා දෙන්නට Microsoft ආයතනය කටයුතු කල අතර ආයතනය බලපොරොත්තු තැබූ ඉහලම ඉලක්කයන් කෙසේ මුත් සැහෙන සාර්ථකත්වයක් ලබා ගන්නට සමත්ව තිබෙන බවටයි මධ්‍යස්ථ හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. Windows 10 for Phones වල පෙර සංස්කරනයක් February 12, 2015 වල දී පැමිනි අතර මේ වන විට බාවිතාකරන්නන තර ප්‍රසාදයක් ලබමින් භාවිතයට පැමිනෙමින් ඇති බවත් දක්නට හැක. windows XP, windows 7 ලෙසට වන ප්‍රසාදයක් දින ගත් microsoft මෙහෙයුම් පද්ධති සටහනේ මීලග ස්ථානය සටහන් කර ගන්නට windows 10 සමත් වෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇත.
අදට නියමිත Windows 10 event  වලදී Windows 10 වල මීලග දිගහැරුම් පිලිබඳව තොරතුරු බලාපොරොත්තු පලවෙමින් ඇති අතර  “Redstone 2”  ලෙසට නම් වෙමින් මීලග පැමිනෙනු ඇති බවට වන ප්‍රධාන යවත්කාලීනය ගැන පැහැදිලි විමක් ප්‍රධාන වේ. 2017 මාර්තුවේදී නිකුතුවක් සිදුවනු ඇති බවට බලාපොරොත්තු වන මෙහිදී HomeHub, HoloShell, UWP File Explorer වැනි නවාංග පිලිබදව දැනටමත් කථා බස්වෙමින් ඇත.

Posted in OS, Windows 10 |

Win 7(Service Pack 1) සදහා වන මූලික සහය කාලය මෙම 13දා අවසන්…

  Microsoft සමාගම Windows 7 වල Service Pack 1 සදහා වන සහය කාලය ජනවාරි 13 වන විට අවසාන වන්නට නියමිත අතර ඉන් පසුව එලබෙන්නේ ‘extended suppor’ කාලය බවට මේ වන විට සැලසුම්ව තිබෙනවා. එම කාල වකවානුවද January 14, 2020 වන විට අවසන් වන්නට දැනට සැලසුම්ව තිබෙනවා. Desktop භාවිතාවෙන් වැඩිම ප්‍රථිශතයක් මේ වන විට Windows 7 විසින් අත්පත්කරගෙන ඇති අතර XP භාවිතාව ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. Microsoft ක්‍රමවේදයට අනූව මෙම කාලසීමාව ඉක්මවීම යනු භාවිතාකරන්නන සදහා ප්‍රධාන මට්ටමේ ගැටලුවක් නොවන්නේ ඉදිරි වසර පහ තුලද patching මට්ටමේ යාවත්කාලීන නිකුත් වන මුත් නවාංග හා වැඩි දියුනු කිරීම් පැමිනීම පමනක් අවසන් වීමය.
මේ වන විට Windows 10 පැමිනීම මෙම වසරේ දෙවන භාගයට සැලසුම් ව ඇති අතර පෙර සංස්කරන මට්ටමේ සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුවක් මෙම මාසයේ අවසන් භාගයට මේ වන විටත් නියමිතව තිබෙනවා. දැනට හෙලිව ඇති නිල නොවන තොරතුරු පවසන්නේ දැනට Windows 7 භාවිතාකරන්නන් සදහා යම් ගෙවීමක් ඔස්සේ Windows 10 සදහා භාවිතාවට පිවිසෙන්නට හැකිවන අතර Windows 8.x භාවිතාකරන්නන් සදහා එය නොමිළේම වන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි. හදාරන්නන් යෝජනා කරන්නේ වැඩි දියුනු කරමින් තිබෙන web browser, Cortana වැනි Windows 10 සමග එන්නට නියමිත නව අංගයන් එම නව මෙහෙයුම් පද්ධතිය වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමේදී ප්‍රධාන හේතුවක් වනු ඇති බවකි.

Posted in Microsoft, OS |

එලබෙන අගෝස්තු අග වන විට Windows 10 පැමිනේවි??

   එලබෙන අගෝස්තු 25 වන විට Windows 95 නිකුත්ව වසර 20ක් සපිරෙනු ඇත. බොහෝ විට Windows 10 පැමිනීම මෙම වකවානුවේ සුදු වන්නට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. ජූනි පමන වන විට මෙහෙයුම් පද්ධතියේ developer preview පැමිනීමත් සමග මෙම මෙහෙයුම් පද්ධතිය හා භාවිතාකරන්නා අතර වන හැදෑරුම් කාලය අවසන් වීම දැනට වන සැලසුම ලෙසටයි දක්නට ලැබෙන්නේ. ආයතනය දෙසින් Windows 10 පිලිබදව වඩාත් පූර්න පැහැදිලි කිරීමක් BUILD 2015 වලදී බලාපොරොත්තුවිය හැකි බවටයි මෙම තොරතුරු පැහැදිලි කර සිටින්නේ. වසරේ අප්‍රේල් කාලයේ පැවත්වීමට නියමිත මෙම developer event ආයතනයේ ප්‍රධානතම හමුවක් වනවා.
Windows 10 වඩාත් සමබර භාවිතාකරන්නන්ගේ සිත් දිනා ගන්නා මෙහෙයුම් පද්ධතියක් බවට පත්වන්නට බෙහෙවින් ඉඩ ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇති අතර windows 8 නිකුතුව සමග සිදුවූ ඩෙස්ක්ටොප් මග හැරෙන ස්වභාවය සමනය වන මෙන්ම මොබයිල් ප්‍රවනතාවයන්ද (Cortana වැනි) කැටිව එන මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවට දැටටමත් එහි නිකුත්ව ඇති පෙර සංස්කරන සලකුනු පහල කරමින් ඇති බවටයි පිලිගැනිම්ම වන්නේ.

Posted in OS, Windows, Windows 10 |

Windows 10 සදහා Explorer වල නිතර හමුවන crash දුර්වලතාවයකට නව පිලිසකරයක් පැමිනේ…

   දැනට පිලි ගැනෙන්නේ Windows 10 සදහා එලබෙන වසරේ පැමිනෙන consumer preview සංස්කරනය අතර නව සංස්කරනයක් පැමිනීමට බෙහෙවින් ඉඩක් නැති බවකි. එය බොහෝ විට එලබෙන ජනවාරියේ සිදුවනු ඇති බවට බලපොරොත්තුවේ. මේ අතර Windows 10 build 9879 සදහා එම ආයතනය restart අවශ්‍ය වන මට්ටමේ යාවත්කාලීනයක් නැවතත් නිකුත්කරන්නට කටයුතු කර ඇති අතර එය Explorer නිතර සිදුවෙමින් පවතින crash දුර්වලතාවයක් ඉලක්ක කර ගනිමින් පැමින ඇති බවටයි වාර්ථාවන්නේ. ආයතනය මීට පෙරද හඳුනා ගෙන තිබූ මෙවැනි දුරවලතාවයක් සදහාද යාවත්කාලීනයක් නිකුත්කරන්නට කටයුතු කෙරිනි. බොහෝ විට මෙම මෙහෙයුම් පද්ධති සංස්කරනය සදහා මීලග නිකුතුවට පෙර යාවත්කාලීනයක්ද නොපැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. සාමාන්‍ය නිකුතුවක් නොවූ ගෙවී ගිය දිනයේ නොනිල ලෙසට අන්ත්ර්ජාලයට මුදා හැර ඇති 9879 සංස්කරනය සමග වන නව අංග ලෙසට ක්‍රමයෙන් control panel වෙනුවට PC Settings ඉදිරියට පැමිනීමක් දක්නට ලැබෙන බවට දක්වා සිටිනවා

Posted in OS, Windows |

Android නව සංස්කරනය භාවිතාවට පැමිනීම ඉතා සෙමින් සිදුවෙමින් පවතී…

  ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ගැනෙන Android වල දැනට නිකුත්ව ඇති අවසාන සංස්කරනය වන Android Lollipop භාවිතාකරන්නා වෙතට පැමිනීම බොහෝ සෙයින්සේමින් සිදුවෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ ඔවුන් පෙන්වා දෙන්නේ හැදෑරුම් charts වල පෙන්නුම් කරන තරමක නියෝජනයක් හිමිකර ගන්නටවත් එම භාවිතා ප්‍රමානය සමත්ව නැති බවකි. සාමාන්‍යයෙන් Android වල මෙම ප්‍රවනතාවය දක්නට ලැබීම සිදුවන අතර එයට ප්‍රධාන හේතුවක වන්නේ බොහෝ නිෂ්පාදකයින් ප්‍රමානයක් අතරින් තම නිෂ්පාදනය සදහා අදාලව එම නව සංස්කරනයන් නිකුත්කිරීමට ගන්නා කාලයෙහි වැඩි වීම නිසා බවයි පිලි ගැනෙන්නේ. එම හෑදෑරුම් වාර්ථා පවසන්නේ Android Jelly Bean නම් මෙම Android නිකුතුවට පරම්පරා දෙකක් පසුපසින් සිටින මෙහෙයුම් පද්ධතිය මේ වන සමස්ථ භාවිතාවෙන් 50%ක් හිමිකරගෙන සිටින අතර මීට පෙර සංස්කරනය වන Kit Kat 34%ක භාවිතාවක් ලබා ගෙන සිටින බවකි. හදාරන්නන් පෙන්නුම් කර දෙන්නේ සමාන කාල පරාසයන් සැලකීමේ iOS 8 එහි සමස්ථ භාවිතාවෙන් 47%ක් හිමිකර ගන්නටත් .ඊට පෙර සංස්කරනය වූ iOS 7 සදහා එම සමාන කාල පරා සයක් සැලකීමේ 60%ක භාවිතාවක් අත්පත්කර ගන්නට සමත් වූ බවකි.

Posted in Android, OS |