තමන් අවට වන තොරතුරු ඉලෙක්ට්‍රොනික ගතවීම මූලික කරගත් යුගය ආරම්භයේම අවධාරනය වූ සංකල්පයක් වූවේ “කඩදාසි භාවිතාවෙන්” තොර සමාජයක් පැමිනෙමින් ඇති බවයි. විශාල මට්ටමේ ආයතනවල අධිවියදම් සහිත තාක්ෂණික භාවිතාවන් ලෙසට පැමිනි මේ නව යුගය අද වන විට සරල මුදලකට අත්පත් කරගත හැකි කුඩා ස්මාට් දුරකථනයක් වැනි උපාංගයක් සමග පවා පහසුවෙන් සංයුත්තව පැමිනෙන යුගයක අප සිටින්නෙමු. සත්‍යනම් පුද්ගල මට්ටමේ සිට රාජ්‍ය මට්ටම දක්වා ආයතන වල දෛනිව ඔබ මොබ චලනය වූ ටොන් ගනනක් වන වන අපමන ලිපි ද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික ස්වරූපයක් ගනිමින් ඒවා ඔබ මොබ චලනය කර වීම සදහා ලොව පුරා දෛනිකව භාවිතා වූ අපමන මිනිස් ශ්‍රමයක්ද ඉතිරිකරමින් සමාජයේ විශාල ද්‍රව්‍යමය හා ශ්‍රම ප්‍රමානයක් ඉතිරිකර ඇති බවය.
මෙතෙක් පැවති මාධ්‍ය භාවිතාව මේ ඉලෙක්ට්‍රොනික නව රටාව විසින් වෙනස් කර ඇත්තේ ක්‍රම වේදයක් ලෙසටම පමනක් නොව වසර සිය ගනනක් පැවති එහි මූලික ආකෘතියද වෙනස් කරමිනි. හොදම උදාහරණය නම් දශක කිහිපයකට පෙර CNN, BBC වැනි මාධ්‍ය පතාකයින් සතුව තුබූ ලොව පුරා විසිරුනු මාධ්‍යය ශක්‍යතාවය අන්තර්ජාලය තුලදී සරල භාවිතාකරන්නෙකුද සතුවීම ගත හැක.
“Tharu Minisa”
Pubudu Siriwansa
