ගෙවී ගිය සතියේදී Microsoft සමාගම Windows 10 Technical Preview for phones නිකුත්කරන්නට යෙදිනි. ඔවුනගේ ස්මාර්ට් දුරකථන සදහා වන මීලග මෙහෙයුම් පද්ධතියේ නිල පැමිනීම මෙම වසර දෙවන භාගයට නියමිතව තිබෙන බවටයි මේ වන විට කරුනු හෙලි වන්නේ. මේ අතර දැනට භාවිතාවන Windows Phone 8.1 සදහාද තවත් ප්‍රධාන යාවත්කාලීන නිකුතුවක් පිලිබදවද තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ‘Windows Phone 8.1 GDR2’ ලෙසට දැනට නම්ව ඇති මෙම නිකුතුව විස්තර වන්නේ ‘General Distribution Release 2’ ලෙසට වන අතර 2014 අග භාගයේ නිකුත්වන්නට සැලසුම්ව තිබූ නිකුතුවක් ලෙසටයි තොරතුරු හෙලි වන්නේ. මෙම සංස්කරනය සමග

Video over LTE: New customization options and settings for carriers
Restore Start tile layout: “Append the OEM-defined Start screen layout to the bottom of the user’s backed up Start screen layout when the user restores their device from a backup.”
Additional phone languages: Bangla; Khmer; Kiswahili; Lao
PolicyManager configuration service provider: New policies added
VPN configuration service provider: Settings changes

                                          වැනි වෙනස්කම් කිහිපයක්ම වනු ඇති බවටයි විස්තර කෙරෙන්නේ. මෙයත් සමග පැමිනෙන නව consumer-facing features පිලිබදව ඉදිරියේදී තොරතුරු හෙලි වනු ඇති බවට බලපොරොත්තු වෙනවා.