Back to Top

Category: Phone

OnePlus සදහා OxygenOS නම් Android ROM එකක්!!

OnePlus ගෙවී ගිය වසරේ මහත් අවධානයක් ලබාගත් නිකුතුවක් විය. තම පිවිසුම් කාලයේම වඩාත් අවධානයක් ලබන්නට සමත්වූ උපාංග අතර OnePlus වෙතට හිමිවූයේ ඉහල පිලිගැනීමකි. ඔවුන්ගේ දෙවන නිකුතුව පිලිබදව අවධානයෙන් සිටින ලෝලයින් වෙතට පසුගිය දිනවල සතු‍ටුදායක පුවතක් පැමිනියේ ආයතනය් ඒ සදහා සූදානම් වෙමින් සිටින බව පවසමිනි. මේ වන විට ආයතනය පැහැදිලි කරන්නේ තමන් OxygenOS ලෙසට නම් වන Android ROM එකක් නිවේදනය කිරීමකටද සූදානම් වන බවකි. custom Android-based ROM ආකාරයේ මෙම නිකුතුව පෙබරවාරි 12 සිදුවනු ඇති බවටයි නිවේදනය වන්නේ. පසුගිය දෙසැම්බරය අවසාන භාගයේදී පලමුවෙන්ම “early community preview” එකක් ලෙසට unnamed ROM එකක් නිවේදනයක් කල අතර එය Android Open Source වලට වඩාත් සමීප බවක් ප්‍රකට කල මුත් OxygenOS වල දී එය මනා අනන්‍යතාවයක් හිමි නිකුතුවක් වනු ඇති බවට දැනටමත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.

Posted in Android, Phone |

Windows phones සදහා වන VLC media player බීටාවට දැන් අයදුම් කල හැක…

  VLC media playerය භාවිතාකරන්නන් අතර වඩාත් සිත්ගත් මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. x86 devices අතර වඩාත් භාවිතා වෙමින් ඇති මෙහි windows 8 සදහා වඩාත් අපූර්ව සංස්කරනයක් “modern” style app එකක් ලෙසට පැමින තිබුනු. ARM devices මට්ටම මේ භාවිතාකරන්නන් සදහා පැමිනෙන සංස්කරනයක් පිලිබද විටින් විට නිල නොවන තොරතුරු පලවෙමින් තිබුනු මුත් මේ වන විට එහි නිපැයුම් කරුවන් Windows Phone සදහා වන VLC Media Player සංස්කරනයේ beta test සදහා සහභාගී වන්නට කැමති අය සදහා අයදුම් කරන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. අයඩ්ගුම් කරන්නන් මතක තබා ගත යුත්තක් වන්නේ මෙම සංස්කරනය පෙර අත්හදා බැලීමේ මට්ටමේ එකක වන බැවින් bugs මෙන්ම broken ගැටලු සදහා සූදානම්ව එය ස්ථාපනයට සූදානම් විය යුතු බවයි. ඒ සදහා පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිස අදාල Formය ඔස්සේ අයදුම් කල හැකි වනු ඇත.

Participate to the VLC for WP Beta

OnePlus 3 ජූනියේ පැමිනේවි…

OnePlus 3 භාවිතාකරන්නන් අතර මහත් අවධානයක් ලබා ගත් ස්මාර්ට් දුරකථන පෙලක තෙවන නිකුතුව වන අතර එහි co-founde වරයෙකු වන Carl Pei පවසා සිටින්නේ එලබෙන ජූනියේ එම නිකුතුව සිදුවන්නට සූදානම් බවකි. පසුගිය ජූලියේ OnePlus 2 නිකුතුවට කටයුතු කල අතර ඔහු පවසා සිටින්නේ නව නිකුතුව පලමු නිකුතුවේ නිමැවුමට බොහෝ සෙයින් සමාන වන්නට නියමිත බවකි. තවමත් වැඩි විස්තර නිකුත්ව නැති මෙම පැමිනීම පිලිබදව වන අනෙකුත් තොරතුර වන්නේ දැනට භාවිත වෙමින් තිබූ invite-only ආකාරයට වූ අලවි ක්‍රම වේදයන් බැහැරව සාමානය් වෙළඳ පොල ආකාරයට මිළඳී ගැනීමේ හැකියාව සහිතව පැමිනීමට නියමිත බවයි.  එහිදී ඔහු පැහැදිලි කර සිටියේ තම නිෂ්පාදනය වඩා වැඩි භාවිතාකරන්නන් පිරිසක් අතට පත්වීම දකින්නට කැමති බවත් ඒ නිසාම පැවති අලවි ක්‍රම වේදයේ වූ බාදක බව ඉක්මවා යන්නට බලාපොරොත්තු වන බවකි.

Posted in Phone |

Desktop PC හැකියාව අත්පත් කරගනිමින් සිටින Mobile දුරකථනය…..

       මොබයිල් තොරතුරු උපාංග සදහා ප්‍රධානතම ඉලක්ක අවකාශය වන්නේ වඩ වඩාත් පුලුල් ගනන හැකියාවක් ඔස්සේ PC පරිගණක අවකාශය වෙතට පිවිසීමය. Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී පැවති හමුවේදී තම උපාංග වල ඉදිරි ගමන් මග පැහැදිලි කරමින් තම mobile phones ඔස්සේ  Continuum  වැනි ඩෙස්ටොප් හැකියාවන් සංයුත්තවන බවට පැහැදිලි කරන්නට කටයුතු කරන ලදී. ඔවුන්ට අවශ්‍යවූ එක් පැහැදිලි කිරීමක් වූවේ වඩාත් බලවත් වෙමින් ඇති මොබයිල් උපාංගයේ තිරයේ සීමිත බව පහසුවෙන් පසුකරමින් larger screen වෙතට පහසුවෙන් සම්බන්ඳ වෙමින් එය ගෙනෙන Pc හැකියාවන් පහසුවෙන් භුක්ති විඳින්නට භාවිතාකරන්නා හට හැකි වනු ඇති බවයි. වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ Phoneය USB connector ඔස්සේ සම්බන්ද වෙමින් Universal Apps සමග පහසුවෙන් desktop layout වෙතට පැමිනෙන්න හැකි වනු ඇති බවය. උදාහරන දක්වමින් Lumia 950 ගොනුවේ දුරකථනයක් සමග PowerPoint හා Word ගොනු  large screen  වෙතට ගෙන Start Menu වැනි භාවිතාවන්ද සමග desktop මට්ටමේ අත්විඳීමක් ගෙනෙන්නට කටයුතු කරන ලදී. තවදුරටත් පැහැදිලි කරමින් connectorයේ වන HDMI output  හැකියාවත් external USB storage සම්බන්ද වීමේ හැකියාවත් පෙන්වා දෙමින් පවසා සිටියේ ජමංගම දුරකථන හැකියාව වේගයෙන්  desktop PC මට්ටම අත්පත්කර ගනිමින් සිටින බවකි.

Posted in Microsoft, Phone |

Win 10 දුරකථනය Pc එකක් කරන Continuum

Windows 10 Mobile සමග ඔබගේ දුරකථනය Pc භාවිතාවට බොහෝ සෙයින්ලංවනු ඇති බවට අනාවැකි පලවුනේ Windows 10 Continuum අංගය සමගනි. windows 10 වල මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නිකුතුවට ආසන්න වෙමින් පවතින මේ වන විට Microsoft සමාගම මෙම හැකියාව පිලිබදව වැඩි දුරටත් තොරතුරු හෙලි කරමින් සිටිනවා. Windows Store apps වල්ට පමනක් සීමාවන මෙම භාවිතාව ඔස්සේ අයෙකුට තම වින්ඩෝස් දුරකතනය සමග mouse, keyboard සමග external display එකකට සම්බන්ද වන්නට හැකි වන අතර මෙම Continuum හැකියාව wired නැතිනම් wireless ආකාරයට යොදා ගත අහෙකි බවටයි පැහැදිලි කරන්නේ. යම් විටක භාවිතාකරන්න හට mouse එකක් නැති විටකදී තම Phoneය touchpad එකක් ලෙසට භාවිතාකරමින් කර්සරය හසුරවන්නටද හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. මෙම භාහිර තිරය ‘Second display’ එකක් ලෙසට භාවිතාවන අතර එසේ භාවිතාවන අතර දුරකථනය වෙතට එන call හෝ text සබදතාද ගැටලුවකින් තොරව පවත්ගෙන යන්නට හැකි වනු ඇති බවට පැහැදිලි කෙරෙනවා.

iPhone 6S හා iPhone 6S Plus නිවේදනය වේ….

     Apple ආයතනය මේ වන විට iPhone 6S හා iPhone 6S Plus නිල ලෙසට නිවේදනය කොට ඇත. ඊයේ සිදුවූ මෙම නිකුතුවේ වන ප්‍රධානතම සිත්ගන්නා සුලු අංගයක් වන්නේ එය multi-touch gesture technology එනම් ‘3D Touch’ display එකකින් සමන්විතව පැමින තිබීමය. 2007 වන විට ඇපල් ආයතනය තම iPhone සමග Multi touch මුලින්ම ගෙනෙන ලද අතර අදව විට එය ජංගම දුරකථන අතර අනිවාර්ය අංගයක් තරමට ප්‍රචලිතව භාවිතාවේ. එම භාවිතාවට නව මානයක් ගෙනෙන ‘Peek’ හා’Pop’ හැසිරවීම සමග iOS 9 භාවිතාකරන්නගේ තිරය සමග කටයුතු කිරීම වඩාත් පහසු නව ආරක් ‍රැගෙන විත් තිබේ. මෙහිදී භාවිතාකරන්නා app ක්‍රියාකාරකමක් විවෘත කරන ආකාරය හා එය සමග අන්තර්ක්‍රියා කරන ආකාරය වඩා පහසු සරල කර තිබේ.
ඔවුන්ගේ ‘Force Touch’ technology සමග තිරය මතට යෙදෙන පීඩනය අනූව ලැබෙන වැඩි ක්‍රියාකාරකමක් ගෙනවිත් ඇති අතර උදාහරන ලෙසට පෙන්වා දෙන්නේ long press එකක් සමග අදාල app එක සමග වන අනු ක්‍රියාකාරකම් වලට shortcuts ලැබෙන අතර deep මෙහෙය වීමක් සමග එවායේ වන specific features වෙතට ඉක්මන් පිවිසීමක් ලබා ගත හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පවසන්නේ app සංවර්ධකයින් සදහා මෙම නව gestures හා pressure inputs සමග තම app සදහා වඩාත් පහසු හැසිරවීම් එක් කරන්නට හැකි වන බවයි. එසේම නව දුරකතනය සමග පැමිනෙන iSight camera ඔස්සේ 12-megapixel sensor හැකියාව නිසා 4K resolution වීඩියෝවන් හා panoramic images වඩාත් පුලුල් ආකාරයකට ලබා ගන්නට හැකි වනු ඇති බවකි.

Posted in Apple, iOS, Phone |

Lumia 640 හා Lumia 640 XL

  මෙවර මොබයිල් හමුවේදී බලාපොරොත්තු නොතැබූ සිදුවීමක් Microsoft වෙතින් පැමිනින. එනම් Lumia 640 හා Lumia 640 XL නිවේදනය වීමයි.නිල නොවන තොරතුරු හෙලිකරන්නේ Lumia 640 යනු 5-inch device එකක වන අතර එය 1GB RAM හා 8GB of storage, ප්‍රොසෙසර් බල ගැන්වුම Qualcomm’s Snapdragon 400 processor (1.2GHz) සමගද වනු ඇති බවයි. එසේම පසු කැමරාව 8-megapixel හා පෙර කැමරාව 1-megapixel නිමැවුමකින් පැමිනෙනු ඇති බවයි. සාමාන්‍ය මිළ දුරකථන ලෙසට නම් වන මෙම නිකුතුව $211 (3G) හා $244 (LTE) ලෙසට මිලැතිව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වනවා.

Posted in Microsoft, Phone |

Phone 8.1 GDR2 (‘Update 2’) නිකුතුවක්ද වීමට නියමිතය….

      ගෙවී ගිය සතියේදී Microsoft සමාගම Windows 10 Technical Preview for phones නිකුත්කරන්නට යෙදිනි. ඔවුනගේ ස්මාර්ට් දුරකථන සදහා වන මීලග මෙහෙයුම් පද්ධතියේ නිල පැමිනීම මෙම වසර දෙවන භාගයට නියමිතව තිබෙන බවටයි මේ වන විට කරුනු හෙලි වන්නේ. මේ අතර දැනට භාවිතාවන Windows Phone 8.1 සදහාද තවත් ප්‍රධාන යාවත්කාලීන නිකුතුවක් පිලිබදවද තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ‘Windows Phone 8.1 GDR2’ ලෙසට දැනට නම්ව ඇති මෙම නිකුතුව විස්තර වන්නේ ‘General Distribution Release 2’ ලෙසට වන අතර 2014 අග භාගයේ නිකුත්වන්නට සැලසුම්ව තිබූ නිකුතුවක් ලෙසටයි තොරතුරු හෙලි වන්නේ. මෙම සංස්කරනය සමග

Video over LTE: New customization options and settings for carriers
Restore Start tile layout: “Append the OEM-defined Start screen layout to the bottom of the user’s backed up Start screen layout when the user restores their device from a backup.”
Additional phone languages: Bangla; Khmer; Kiswahili; Lao
PolicyManager configuration service provider: New policies added
VPN configuration service provider: Settings changes

                                          වැනි වෙනස්කම් කිහිපයක්ම වනු ඇති බවටයි විස්තර කෙරෙන්නේ. මෙයත් සමග පැමිනෙන නව consumer-facing features පිලිබදව ඉදිරියේදී තොරතුරු හෙලි වනු ඇති බවට බලපොරොත්තු වෙනවා.

Posted in Microsoft, Phone |

Windows 10 for phones නිකුත්වේ………

Microsoft සමාගම නිවේදනය කරසිටින්නේ Windows 10 for phones හි පලමු පෙර සංස්කරනය අදදින සිට ලබාගන්නට හැකි බවයි. එ සදහා Windows Insider වැඩසටහනේහි ලියා පදිංචිවීමෙන් අනතුරුව නොමිලේ බාගතකර ගැනීම කල හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පහැදිලි කරනවා සීමිත උපාංගසංස්ක්‍යාවකට පමනක් මෙම නිකුතුව සීමාවන බව. එනම්
Lumia 630
Lumia 635
Lumia 636
Lumia 638
Lumia 730
Lumia 830 යන උපාංග සදහා පමනක් මෙම නිකුතුව සීමා වන බවටයි නිවේදනය කෙරෙන්නෙ, වඩාත් පෙර මට්ටමේ නිකුතුවක් නිසාම මෙම මෙම සංස්කරනය සමග bugs හමුවිමේ වැනි අවස්ථාවන් ගැන සඳහන් කරන ආයතනය ඉදිරි සංස්කරන සාමාන්‍ය භාවිතාකරන්නෙකුට වඩාත් පහසු වෙනු ඇති බවට යෝජනා කර සිටිනවා. පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ පිවිසීමෙන් මෙම නිකුතුව ලබා ගන්නට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

http://www.windowsphone.com

Posted in Microsoft, Phone |

Galaxy S6 මීලග පැමිනීම සමග Galaxy S6 Edge වැනි විවිධත්වයක්ද සමග වනු ඇත….

   Samsung වෙතින් දුරකථන ලෝලයින් බලාපොරොත්තුවන මීලග පැමිනීම foldable phones ආකාරයේ දුරකථනයක් වුවද දැනට පලවන තොරතුරු පවසන්නේ ඔවුනගේ මීලග පැමිනීම curved displays සහිත දැනට පැමින ඇති දුරකථනය වැඩි දියුනු කෙරෙන “Edge” display technology සහිත එකක් වනු ඇති බවකි. Galaxy S6 ලෙසට නම්වනුඅ එති බවට බලාපොරොත්තුවන මෙම 5.6″ display සහිත මෙම නිකුතුව තුල S6 ‘Edge’ ලෙසට වන විවිධත්වයක්ද වනු ඇති බවට බලාපොරොත්‍ටුවනවා. Edge variant නිකුතූන් තොරාගත් වෙළඳ පොලවල් වෙත්ට පමනක් පලමුව පැමිනීම සුදුවනු ඇති බවට බලාපොරොත්තුව පලවෙමින් තිබෙනවා.තවමත් නිල නිවේදනයක් සිදුව නැති මෙම නිකුතූන් පිලිබද වැඩි තොරතුරු අනුමානය වෙමින් ඇත්තේ Quad HD display , 16-20 මෙගාපික්සල පසු කැමරාව, මෙගා පික්සල 5ක ඉදිරි කැමරාව, 32/64/128GB ප්‍රමානයේ මතක ගබඩා හැකියාවක් සමග 64-bit processor හැකියාවක් සහිත වනු ඇති බවටයි. එලබෙන වසරේ මේවායේ පැමිනීමක් සිදුවනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.

Posted in Phone, Samsung |

මීලග iPhone නිකුතුව සමග sapphire display එනු ඇත…

   Apple දුරකථන ලෝලයින් අතර වූ බලපොරොත්තුවක් වූවේ iPhone 6 හා 6 Plus සමග sapphire crystal ආකාරයේ display එනු ඇති බවටය. එය එසේ සිදු නොවුනු මුත් පලවන නවතම නිල නොවන තොරතුරු බලාපොරොත්තු පල කරමින් සිටින්නේ Apple ආයතනය තම මිලග iPhone නිකුතුව සමග sapphire display සමන්විත කරවන්නේ සැලසුම් කරමින් සිටින බවක්ය. Foxconn ආයතනය 300 acre ඉඩ ප්‍රමානයක ඉදිකෙරෙමින් පවතින නව කර්මාන්තශාලාව මෙම sapphire crystal displays නිෂ්පාදනය ඉලක්ක කරගෙන වනු ඇති බවටයි එම තොරතුරු පැහැදිලි කරමින් සිටින්නේ. iPhone 6 හා 6 Plus සමග මෙම පැමිනීමට සැලසුම්ව තිබුනද මතුවූ ගැටලුකාරී බවක් එය පසු නිකුතුවක් වෙතට පසුබැස දමන්නට හේතුවූ බවටයි පසුව කියවුනේ. වඩාත් නව උපාංගයක භාවිතාව තම භාවිතාකරන්නන් වෙතට ගෙන ඒම Apple ආයතනය හැම විටකම උත්සාහ වීම ඔවුන්ගේ සම්ප්‍රධායක් වන අතර ඔවුනගේ ලොලයන් මීලග නිකුතුවක් වෙනු වෙන් ප්‍රදර්ශනාගාර ඉදිරියේ දින ගනන් බලාසිටින්නට පෙලබීමෙන් එම අනන්‍යතාවය කොතරම් සාර්ථකව ස්ථාවර කර ගෙන ඇද්දැයි යන බවට හොඳම සාධකයක්ව තිබේ.