Back to Top

Category: Politics

අදේශපාලණික මනස

වඩ වඩාත් අදේශපාලණික මනස සදහා වඩ වඩාත් ඉල්ලුමක් ප්‍රායෝගික දේශපාලණය තුල නිර්මානය වීම පසු නූතන යුගයේ කැපී පෙනෙන ලක්ශනයකි. ක්‍රමයෙන් ජීවිතය අවට වන බොහෝ දෑ සේම ජීවිතය අදාල මහා පොදු ගුනාකාරය වන දේශපාලණයද තම තාක්ෂණික සංස්කරනය සදහා පිවිසෙමින් තිබීම දැනිය හැක. තවමත් කලා තුරකින් සමහර රටවල් වල සංකේතීයව නඩත්තු කරන රාජකීය පරම්පරා සේම දේශපාලකයාද සංකේතීය නියෝජිතයෙකු වීම එලබෙන යුගයේ අනිවාර්ය වනු ඇත. වේගයෙන් මතවාදී දේශපාලණය තුල ස්ථාවර වෙමින් පවතින හිස්බව මේ සදහා පෙර සලකුණු වෙමින් තිබේ.

  • Pubudu Siriwansa
Posted in Politics |

එක් අතකින් තත්වය පැහැදිලි වන්නේ දේශපලනය මිය යමින් තිබෙන බවකි.

එක් අතකින් තත්වය පැහැදිලි වන්නේ දේශපලනය මිය යමින් තිබෙන බවකි. සාම්ප්‍රධායික දේශපාලන මනස තව දුරටත් වලංගු නොවන යථර්තය කෙමෙන් ස්ථාවර වෙමින් ඇති අතර, නව වාතාවරනය මත හොඳින් ගැලෙපෙන්නට නොහැකි වන මිනිස් පරිසරයන් සමහර විටක ලැගුම් ගන්නේ ඉතා යල් පැන ගිය ආගමික ස්වභාවයට වැඩියෙන් මිත්‍රවන පරිසරයන් මත වීම වේදනාකාරී අත්දැකීමකි. “ඔබේ පසිඳුරන් අප අප්ඩේට් කරමින් සිටී.” පැමිනෙන යුගය කෑගසා කියන පනිවිඩය එය බව හදාරන්නන් බොහොමයකගේ මතය වෙමින් ඇත. ඔබ සහ ඔබගේ වර්චුවල් “ඔබ” අතර පරතරය සාධාරන සීමව ඉක්මවීම පුද්ගල මට්ටමින් මෙන්ම සමාජ මට්ටමින්ද දරුනු වේදනාවක් නිර්මාණය කරමින් සිටී. අද ලෝකයේ මධ්‍ය ලක්ෂය තමන් යැයි විස්වාශ කරමින් සිටි ඇමරිකානු “මෑත දේශපාලන සමාජ අත්දැකීම” පවා මේ බවට සාක්ෂි පවසයි.
සමහර විටකදි අපගේ ඇල්ගෝරිතමයන් අපගේ පාලනයෙන් ගිලිහෙන්නේ තාක්ෂනිකම පමන් නොවීම ප්‍රධාන පෙලේ තොරතුරු සේවා ආයතන පවා පිලිගනිමින් තිබේ. ඔවුන්ගේ ඇගෝරිතමයන් ගේ හැසිරීම් පිලිබඳව කරන පසු කියවීම් වලදී ඔවුන් ඉතා අසරන වීම් ද කෙමෙන් බහුල වෙමින් ඇත. සමහර විටක ඒවා ඉතා තාර්කික ආකෘතියක් මත ඉදිවන අද්භූත කාරන ලෙසට පමනක් නම් කර බැහැර වන්නට හදාරන්නන් පෙලබවනු දැකිය හැක.
– Pubudu Siriwansa

වහල්බව

එක් දෙසකින් විග්‍රහ කිරීමේදී මේ සිදුවීම ලාංකික දේශපාලනයේ සැබෑව හොඳින්ම පැහැදිලි කර දෙන්නක්. සිංහල බෞද්ධ අනන්‍යතාවයක්, රටේ බහුතර ක‍ටුක ජීවිත වටපිටාවකට සිට ඉහලට පැමිනෙන්නෙක්, අඩ සිය වසරකට කාලයක් ඔස්සේ දේශපාලනය සමග සංක්‍රීයව හැසිරෙමින් වූ පරිනත භාවයක්, රටේ ඉහලම දේශපාලන බල ව්‍යුහයට ඇතුලුව වසර කිහිපයක අත්දැකීම් ලද්දෙක්. ස්වදේශික වාදියාගේ සිට නව ලිබරල් වදියා දක්වා මහ ලොකු වෙනසක් නැතිව දේශපාලන මතවාදී මෙන්ම භාවිතවේදී සංවිඥානික මෙන්ම අවිංඥානික දිළිදු බව නම් හොඳට පැහැදිලි කර දී තිබෙනවා. ධනවාදයේ මෙන්ම සමාජවාදයේ මෙන්ම ස්වදේශිකවාදයේ වහල් බව අපව කොතරම් භ්‍යානක ලෙසට පාලනය කරමින් සිටිනවාද????

Posted in Politics |

ලාංකිකත්වය සංකීරනයකි.

ලාංකිකත්වය සංකීරනයකි. එක් දෙසකින් වසර දස දහස් ගනනක අතීතයකි. විටක එය පැහැදිලි කෙරෙන්නේ අද ශිෂ්ඨයැයි සිතනා මිනිසුන් කෑලෑ අතු අඳින කාලයේදී පවා නිර්මාණය කරගත් රෙදි කැබැල්ලකින් විලි වසා ගන්නට අප දියුනුව සිටි ජාතියක් ලෙසටය. ගම පංසල වැව දාගැබ ලෙසට ගොනු වුන උදාර සංස්කෘතික ගොඩ නැගීමක අප හිමි කරුවන්ව සිටි බවය. එක් අතකින් දූපත් හුදකලා මනස ලෙසට මෙන්ම තවත් විටක දූපතක් වීම නිසාම අපරිමිතව ලෝකයට විවෘත වීමද හඳුනා ගත හැකි ලක්ෂන දෙකකි. ඒ නිසාමදෝ නිබදවම බාහිර සංස්කෘතිකයන්ගේ ආභාශයට අප නිරන්තරයෙන් විවෘත වූබවද හඳුනා ගත ගැක. ඒ නිසාමදෝ විටින් විට “බාහිර ජාන” පරම් පරාවලට හිමි වෙමින් නිදහස් වෙමින් සිටි අපි අවසානයේ යටත් විජිතයක් ලෙසට ශත වර්ෂයක් ඔබ්බට දරුනු සංස්කරනයක් පසු කරන්නටද සිදු විනි.
සමහර විටක ලාංකික සමාජ මනසේ විංඥානික හා අවිංඥානික ද්විතීකයේ පරතරයේ පුලුල් බව විශාල කරවන්නට මේ සංස්කරනය හේතු වූවා විය යුතුය. ප්‍රථිපලය වී ඇත්තේ අප එකවර දියුනු ප්‍රජත්‍රන්ත්‍රවාදී සමාජවාදී ලක්ෂනයන් ගෙන් සුසැදි සමාජ පරිසරයකට ආදරය කරන අතරදීම සැගවුනු සමාජ මනසින් නිවැරදි ලෙසට ඛන්ඩනය නොවුනු රාජකීය ස්වභාවයන්ට ආශාකරමින් සිටින්නෙමු. ගැටළුව වඩාත් සංකීර්න වන්නේ එතැනිනි. යටත් විජිතයන් විසින් ඔවුගේ කටයුතු සදහා වුවද නිර්මාණය කල අධ්‍යාපණ රටාවන් වල ආභාශය අමාරුවෙන් ටයි කෝට් ඇඳ නඩත්තු කලද සැබෑ ග්‍රාම්‍ය ස්වබාවයේ “වසඟය” මූලික මෙහෙය වීමකට නිරන්තරයෙන් ආදරය කරමින් සිටී.
– Pubudu Siriwansa

Posted in Politics, Social |

අර්බුධය

මේ සිද්ධිදාමයට අදාලව විධායකයේ පලමු ප්‍රසිද්ධ ප්‍රකාශයෙන්ම පැහැදිලිවම පවසා සිටියේ තමන් වෙතට නිසි අවධානය නොලැබීමේ වේදනාවට මෙලෙස ප්‍රතික්‍රියා කල බවයි. දියුනු පරිසරයකදි නම් තත්වය විග්‍රහ විය යුත්තේ සමාජ සමස්ථය මේ ආකාරයට අර්බුධයට යන ආකාරයට වඩා අදාල පුද්ගල පෞර්ෂ ගැටළුව පැහැදිලි කරගත යුතු දෙසට වුවත් එය බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙහිදීත් මග හැරුනා. නිතර නිතර හමුවන දෙවන පුරවැසියා අර්බුධයක් වීමේ ගැටළුව නැවතත් උඩට පැමින තිබෙනවා. සුපුරුදු ලෙස සමාජ පරිසරය යාවත්කාලීන වෙනවා වෙනුවට කැඳවන්නාව අභියෝගයට ලක් කරමින් සිටිනවා.   – Pubudu Siriwansa

Posted in Politics |

ගැටලුව සැබවින්ම එන්නේ ව්‍යවස්ථාව දෙසින් නොවීම අප පිලිගත යුතුව ඇත.

ගැටලුව සැබවින්ම එන්නේ ව්‍යවස්ථාව දෙසින් නොවීම අප පිලිගත යුතුව ඇත. සංස්කෘතික දේශපාලන යුගය විසින් ප්‍රමානාත්මකව අපව ශිෂ්ටගැන්වීමට නොහැකි වීමේ අඩුපාඩුව මග හැරිය නොහැකි ලෙසට නැවත නැවත නැවතත් අපව හමු වීම මග හැරිය නොහැකි වී ඇත. ඒ අපේ අසමත් විම නිසාම පසුව හමුවූ අපූරු රුසියානු ගුරුවරිය අපට මග හැරුනා විය යුතුය. කොපමන සැරයක් නැවත නැවත කියෙව්වද අර්ධ අම්මා කෙනෙකු නැවත නැවත හමුවන්නේ මුත් විසල් වේදනාවක් ආත්මයේ සැගව ගෙන පෙලෙන වංකා කෙනෙකුගේ ආත්මය සමස්ථ සමාජයේ ආත්මය ලෙසට විඳීමට පමනක් සිදුව ඇත.
පාට ලකුනු වටා කල්ලි ගැසීම හා ඒවා වටා නිරන්තරයෙන් කැරකැවෙමින් සිටීම දේශපාලනය ලෙසට වටහා ගැනීමේ ඓතිහාසික වරද පුරවැසි ආත්මකයක සිට සමස්ථ සමාජ ආත්මය දක්වාම පිලිලයක් ලෙසට වඩවා ගෙන තිඹිරිගෙහි සිට අළුකරවන යන්ත්‍රය දක්වාම විලාපයක් නිර්මාණය කර ඇත. සැබෑ වී ඇත්තේ විප්ලවයේ සිට ලිබරල් අර්ථය දක්වාම වඩාත් විකාර රූපී විගඩමක් පමනක් ඉතිරිව තිබීමය. අවසානයේ කියන්නට ඉතිරිව ඇත්තේ ඔබ ටයි කෝට් පැලඳ අර්ථ දැක්වුවද, ‍රැවුල වවාගෙන විප්ලව හිස්වැසුම පැලඳ අර්ථ දැක්වුවද වැඩක් වී නැති බවය. ඔබ පැලඳ ගෙන සිටින ටයිකෝට් වලට හෝ රතුකමිසයට අපගේ අසංස්කෘතික අඩුව වසා ලන්නට නොහැකි බවය.
– Pubudu Siriwansa

Posted in Politics, Social |

මිනිස් කථාන්දරයේ මීල පරිච්ඡේදය…

විශ්වය දෙසින් කථන්දරය කියවීමේදී වඩාත් අපූරු බවක් ගෙනෙනවා. හිතන්න, ප්‍රාථමික තරු අළු සෙලවුමකට අපමනක් අසමත්වීම් වලින් පසුව හැකි වෙනවා සොබා දහමෙන් වියුත්ත වන්නට. යම් ස්වධීනත්වයකට පත් වෙන්නට. තම ප්‍රාථමික ස්වභාවයන් වන කනබොන, අඳින පලඳින , ඉන්න හිටින හා කරන කියන කාරනා වටා ඔවුන් නිර්මාණය කරගන්නා අපූරු හා වඩාත් ආරක්ශිත මෙන්ම කාර්යක්ෂම සාධක වල මීලග තීරනාත්මක යුගය වන්නේ තම පසිදුරන්ගෙන් වියුත්ත දැනුමක් ඔවුන් වටා ‍රැස්කර ගැනීම විය යුතුය. කථන්දරය විදුලි වේගයෙන් සංස්කරනය වීම ආරම්භය මීලගට විය යුතුයි. එනම් කෘතීම බුද්ධියේ ආධිපත්‍ය ක්‍රමයෙන් පැමිනෙන්නට පටන් ගැනීමයි. ජීව ඉන්ජිනේරු විද්‍යාව ඔහුව ඇතුලතින් සංස්කරනය අරබනවා සේම කෘතීම බුද්ධි තාක්ෂනය ඔහු අවට ලෝකය වේගයෙන් විශ්ලේෂනය කිරීම අරබනවා.සමහර විටක එලබෙන දශක කිහිපය පෘතිවිය මත නිර්මාණය වූ පෙර කී සෙලවෙන තරු අළු සෙලවුම තව දුරටත් පෘතුවියට දැරිය නොහැකි තරම්ම අත්පත්කර ගැනීම් හා සංස්කරනය කර ගැනීම් වලට යාවි. පෘතුවිය මත නිර්මාණය වුනු මේ අපූරු සෙලවුම ඉදිරි ශතවර්ෂය තුල දී වත් ඔවුන්ව වසා ගෙන සිටින වලාකුළු ඉක්මවමින් තම ප්‍රධාන බැඳීම ඉක්මවා යාම මේ ප්‍රාථමික තරු අළු සෙලවුමක කථාන්දරයේ තවත් ප්‍රධාන පරිච්ඡේදයක ඇරබුම වේවි.
– Pubudu Siriwansa

Posted in History, Nature, Politics |

සංවෘත රටවල් තව දුරටත් දේශපාලනික ආන්තිකයන්ගේ මතයක් පමනයි.

මිනිසා වඩාත් ලෝකවැසියෙකු වීමේ අනිවාර්ය සාධකය තව දුරටත් මග හැරිය නොහැකි බව මේ මොහොතේ වඩාත් සත්‍යයයකි. හදාරන්නන් පෙන්වා දෙන්නට කැමති වන්නේ අප පසුකරමින් සිටින යුගයේ මිනිස් ගොඩ නැගීම් තව දුරටත් හුඳු රටවල් මට්ටමින් විසඳා ගැනීමට නොහැකි තරමේ බරපතල ඒවා බවයි. උස් ගිරිදුර්ග, රළු සාගරයට තව දුරටත් මිනිස් සංස්කෘතිය බෙදා තබන්නට නොහැකි බව පමනක්ම නොව ඒවා තරනය කොට එකි නෙකා යාවීම මහා ධනවත් අයගේ ක්‍රියාකාරකම් පමනක් වීමේ පැරණි සත්‍යය අප වේගයෙන් පසු කරමින් සිටිනවා. නෙක පැහැගත් මිනිස් සංස්කෘතීන් තව දුරටත් එකි නෙකට එරෙහි වන්නට අනවශ්‍ය වන තරමට එකිනෙකාට පැහැදිලි වන්නට පටන් ගැනීම වඩාත් ආකර්ශනීය කාලපරාසයක් ගෙනෙමින් තිබෙනවා. අන්තර්ජාලය අනාගත මිනිස් සංස්කෘතියට අපූරු ආකෘතියක් යෝජනා කර සිටිනවා. එකි නෙකා මත නොයැපෙන මුත් සරලව එකි නෙකා හමුවන අපූරු ආකෘතියක් අප අද වන විට අත්හදා බලමින් සිටීම අන්තර්ජාලය ගෙනැවිත් ඔප්පු කරමින් සිටිනවා.
සංවෘත රටවල් තව දුරටත් දේශපාලනික ආන්තිකයන්ගේ මතයක් පමනයි. සාධාරනවන ආකාරයේ එකිනෙකා මත යැපීම හෙට දවසේ අභියෝගය වනු ඇති බව වඩාත් ආකර්ශනීය හා තාර්කික කාලීන මතයයි. වඩ වඩාත් තාක්ෂනික වන ලෝකය මේ සදහා මාර්ගය නිර්මාණය කරමින් සිටින බව පැහැදිලි කෙරෙනවා. සජීව අන්තර් භාෂා පරිවර්ථනය සාර්ටහකම ආරම්භයක්. අපගේ වසර දහස් ගනනක් පැරනි ජාන ගත පුරුද්දක් වන අනෙක් ගෝත්‍රිකයන් සැක කිරීම අනෙක් පසින් වන ප්‍රධාන බාදකයක්. අනෙකාට ගොදුරු නොවන මෙන්ම අනෙකාව ගොදුරු නොකරගන්නා ලෝක එකගතාවයක් ගොඩ නැගීම කිසිදාක අවසන් නොවන මිනිස් කථාන්දරයේ මීලග පරිඡ්චේදය වනු ඇත.
– Pubudu Siriwansa

තාක්ෂනික දේශපාලනයේ හැඩය

තාක්ෂන අර්ථ වලින් නිර්වචනය වන පුද්ගලයගේ සිට සමාජය දක්වා වන නව යුගය ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇත. තොරතුරු තාක්ෂනයේ සිට ජාන තාක්ෂනය වැනි බොහෝ දිශානති දක්වා එය විහිදෙමින් ජීවිත, සමාජ භාවිතාවන් නව තලයකට කැඳවීම ආරම්භ වෙමින් තිබේ. පරම්පරා අර්ථවලින් පංති අර්ථ වලට ගිය චලනය එලබෙන්නේ තාක්ෂනික අර්ථ වලින් සංශෝදනය වන නව යුගයකට වීම බොහෝ මතවාද, භාවිතාවන් කලබන සුළු කොට ඇත. සරල මෙහෙයුම් පද්ධතියක සිට සංකීර්න AI භාවිතාවක් දක්වා එය දිගුවෙමින් ඇති අතරම අර්ධ මිනිසුන්, මිනිස් පිටපත්, මනස පිටපත් වීම වැනි තවමත් සංකල්පීය වුවත් සැලකිය යුතු විස්වාසනීය මට්ටමක වන නිර්මාණ දක්වා දිගු පරාසයකට කථාන්දරය පිවිසෙමින් ඇත.

පැමිනෙමින් ඇති නව තාක්ෂනික දේශපාලනයේ හැඩය ඇමරිකානු පසුගිය මැතිවරණයේ කල සටහන තවමත් හදාරමින් සිටින ඇත්තකි. රූපවාහිනියෙන් මිදෙන නව මාධ්‍ය යුගය මනස සමග කරන ගනුදෙනුවේ ස්වභාවය තවමත් හැදෑරීම ආරම්භ කරන තරමේ ආගන්තුක විෂයක්ව ඇත. පසුගිය කාලයේ රටේ සිදුවූ ජාතීවාදී ගැටලුවේදී සමාජජාලා සිදුකල හානිය වෙගයෙන් අවධානයට ලක්වෙමින් ඇතුවා සේම ඊට කලකට පෙර මතුවූ දරුනු ගංවතුර අවස්ථාවේදී සිදුකල සේවාව ද අපමනය. ආකෘතියල් ලෙසට මෙන්ම පහසු භාවිතාවක් ලෙසට සැලකීමේදී මිනිසුන් සතු මෙවන් පහසුකම් සලසන සේවාවක් තවමත් දැකිය නොහැකි තරම්ය.         – Pubudu Siriwansa

දැනුම තව දුරටත් අගමික කාරනාවක් නොවීම සේම….

දැනුම තව දුරටත් අගමික කාරනාවක් නොවීම සේම පසුකාලීන භුක්තිවිඳි දේශපාලනික ස්වභාවයේ නොවීමද මග හැරිය නොහැකි ඇත්තකි. එය වෙළඳ පොලට විත් ඇති සේවාවක් පමනි. මෙවන් පරිසරයකදී රජයකට හැකිවන්නේ ඒවායේ ප්‍රමිතිය ‍රැකීම හා අනෙකුත් නෛතික හා සදහාචාරාත්මක වටිනාකම් පවත්වාගෙන යාම පමනක් වීම පැහැදිලිය. ගැටලු පැමිනෙන්නේ එම යුතුකම් නිසිලෙස ඉ‍ටු කරන්නට රජයන් අසමත්වීමෙන්ම පමනක්ම නොවේ. පෙර කී ව්‍යුහතුල තත්වයන් පවත්වාගෙන යාම පදනම් ව නීමාණය වී ඇති සමජ, ආර්ථික හා සංස්කෘතික අවකාශයන්ගේ විරෝධතවයන්ද ප්‍රබල වීමය. ඔවුන් තම සංස්ථාවල මතවාදී හා ක්‍රමවේදවලට අවශ්‍ය යාවත්කාලීනයන් නිර්මාණය කරගන්නවා වෙනුවට පහසු ආවේගශීලී විරෝධතාවයන්ට පිවිසේ. එක දෙසකින් දැනුම යාන්ත්‍රික වීම මෙන්ම ඒවායේ භාවිතාවේ ප්‍රවීන බවත් වෙගයෙන් යාන්ත්‍රික වෙමින් ඇති අතරම අනෙක් දෙසින් පෙර වටිනාකම් මත පැවතීම ඉල්ලා සිටිම වඩාත් මාරාන්තික වෙමින් තිබේ.
– Pubudu Siriwansa

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි.

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි. එක් අතකින් සියල්ලන්ම මාධ්‍යවේදීන්ද වන තරම, තවත් දෙසකින් සියල්ලෝම පාහේ මධ්‍ය රූකඩ බවට පත්වීමද මේ යුගයේ ස්වභාවය වී ඇත. මාධ්‍ය අවකාශයන් ඔබගේ හඳවත මෙන්ම මනසද ඔබගෙන් ගලවාගෙන ගොස් අති අතර ඔබගේ සිතුවිලි රටා මෙන්ම හැඟීම් රටා ඔවුන් විසින් යෝජනා කරමින් සිටී. ඒ අකාරයෙන් සැලකීමේදී තත්වය වඩාත් සරලව ඇත. විවිධ රූපවාහිනී චැනල මෙන්ම වෙබ් අවකාශ ඔස්සේ ඔබට වඩාත් සුව ගෙන දෙන අවකාශයකට ඇතුලු වන්නට අවස්ථාව දී ඇති අතර එලබෙන යුගයේදී ඔබගේ ප්‍රියතම වීරයා තව දුරටත් වීරයෙකු සේම පවත්වාගෙන යනවාද, නැතිනම් නව වීරයෙකු අතින් “රීප්ලේස්” වනවාද යන්නද තොරා ගැනීමේ අවස්ථාව ද සූදානම් බවටයි විවරනය කරමින් සිටින්නේ. ඔබගේ ගම්මානය හා ලෝකය අතර පරතරය ශ්‍රව්‍ය දෘශ්‍ය දෙයාකාරයට පනක් නොව එලබෙන දශක දෙක තුන අවසන් වන විට වර්චුවල් ස්පර්ශීය ආකාරයටද ඔබේ ආලින්ඳයට ගෙනැවිත් දෙන බව පොරොන්දු වෙමින් තිබේ.
යෝජනා වන්නේ ඔබ සැබෑවටම විවරව ඇත්තේ පෘතුවි වැසියෙකුගේ භෞතිකයට මුත් අවශ්‍ය නම් වර්චුවල් ආකාරයේ ප්‍රදේශීය සංස්කෘතික දේශපාලනික ආර්ථික අර්ථවල ජීවත්වන්නට කිසිදු බාදාවක් නැති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ සමකාලීන බොහෝ නායකයින් මේ බව දන්නා මුත් පහසු පාලනයක් සදහා පාලිතයන්ව මේ වර්චුවල් අවකාශයේ රඳවා තබන්නට කටයුතු කරන්නට කැමති වන බවකි. සායනික අර්ථවලින් සැලකීමේදී මේ දෙබිඩි බව නඩත්තුව වඩ වඩාත් මනස විසුරුවන ගැටලුවක් ලෙසට පැමිනීම නොවැලැක්විය හැකි අතර යෝජනාවන වඩාත් අතාර්කික විසදුම වන්නේ තව තවත් වර්චුවල් වන ලෙසය. නිර්මාණය වන මේ “කැමැත්තෙන් මිය යෑමේ” ගැටළුව ඉදිරි කාලයේ හමුවන ප්‍රධානතම අභියෝගයක් වනු ඇත.
– Pubudu Siriwansa

දේශපාලනය විශාලතම සාමූහික ක්‍රියාව වේ.

දේශපාලනය විශාලතම සාමූහික ක්‍රියාව වේ. ඔබ මා එකග වුනද නොවුනද උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ලේඛන ගත වීමේ සිටම මේ සාමුහික ක්‍රියාවේ සමාජිකයන් වේ. එසේම මෙම ක්‍රියාවලිය ස්තිථිකද නොවේ. ක්ශනික කාලගුන වෙනසක සිට සංස්කෘතික, ඓතිහාසික පසුබිම දක්වාම වන නෙක සාධකයන් මත වරනැගෙන සංකීර්න ක්‍රියාවලියකද වේ. තවත් අතකින් පුද්ගල මට්ටමේ සිට රටවල් ආකාර දක්වාම මෙම ක්‍රියාන්විතයන් හුදකලාද නොවේ. තවදුරටත් “රට” ලෙසට අර්ථ දැක්වෙන සීමාව ලොව වැසියන් කිසිවෙකුත් පාලනය වන සරල සීමාවද නොවීම මේ යුගයේදී පරම සත්‍යයකි. අවශ්‍යනම් මේ සත්‍යයයන් අමතක කර කටයුතු කල හැකි මුත් ඒවා අප වෙත බලපෑම නම් මග නොහැරෙනු ඇත.
අප භෞතිකව යාවත්කාලීන වන වේගය හා සැසදීමේදී සංස්කෘතිකව යාවත්කාලීන වේගය බොහෝ විට ශූන්‍යයට ආසන්නව නිතරම පවත්වාගෙන යාමට කැමතිව ඇතුවා සේය. ඉදහිටක මේ සංවෘත ස්වභාවයට ලිහිලක් ලෝකය දෙසින් පැමිනෙන්නේ වඩාත් දියුනු, කාර්යක්ශම, සාධාරන දේ සමග නොව වඩාත් ආවේග බහුල ප්‍රාථමික ස්වභාවයේ ඒවාට වීම සුලබව අප අත්විඳින්නෙමු. නිරෝගී ජීවිත අවකාශයක් නිර්මාණය වන්නට ජාතිය, ආගම වැනි සාධක පරම අවශ්‍යතාවයක් වුවද, අදක්ශ දේශපාලනික හා අර්ථික ව්‍යාපෘති සදහා උත්තේජක ලෙසට භාවිතාවීම රට, ජාතිය, ආගම විනාශ වීමේ ක්‍රියාවලියට සාර්ථකම දායකත්වය වේ.
– Pubudu Siriwansa

Posted in Politics | Leave a reply