අන්තර්ජාලය නිරන්තරයෙන් තොරතුරු ගලායන විසල් අවකාශයකි. අයෙකුට මෙහි විත් තමන් ප්‍රියකරන හෝ අදාල වන තොරතුරු එකින් එක වෙන වෙනම ඒවායේ අඩවි වලට ගොස් සොයා බලන්නට කාලය මදිවීම සුලබ අත්දැකීමකි. මේ සදහා පැමිනෙන හොඳම විසදුමක් ලෙසට RSS feeds පිලිගැනේ. විශේෂයෙන්ම news වැනි අවස්ථාවකදී මේ පහසුව වඩාත් අදාල වන්නේ ඒවා අන්තර්ජාලයට පැමිනෙන හැකි ඉක්මනින් දැන ගැනීම ඔස්සේ ඒවයෙන් වැඩිම ප්‍රයෝජනයක් අත්පත්කර ගන්නට හැකි වන නිසාය. තෙවසරක් වන මෙහි මුල්ම සංස්කරනය පැමිනීම සමරන මෙම මෘදුකාංගය භාෂා රාශියකට සහය දක්වන සියලුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති සමග සහයෙන් කටයුතු කරන බහුල භාවිතාවක් දිනා ගත් මෘදුකාංගයක් ලෙසට සැලකේ. පහත දැක්වෙන බැදුම ඔස්සේ එම මෘදුකාංගයේ නවතම සංස්කරනය ඔබටද ලබාගන්නට හැකි වනු ඇත.

QuiteRSS 0.17.2 Portable Windows

QuiteRSS 0.17.2 Installer Windows

QuiteRSS 0.17.2 Mac OS X