Back to Top

Category: Reviews

ඔහු විද්‍යාව කලාව හා තාක්ශනය එකට මුසුකොට…

බොහෝ අයවලුන්ට වසර 5600 කාලයක් ලැබුනද කරන්නට තබා සිතන්නටත් නොහැකි තරමේ සොදුරු දායාදයන් කිහිපයක්ම ලෝකයට උරුමකල ඔහු වසර 56ක කෙටි ජීවන සංචාරය පසුගියදාක අවසන් කලාය. ඇපල් ආයතනයේ නිර්මාතෘතුමන් හට තම ගෞරවය පලකරමින් ලොව සිවු දෙසින් ඩිජිටල් පනිවිඩ මිලියනයකට වඩා තමන් වෙත ලැබී ඇති බවටයි ආයතනය පවසන්නේ. සියලුම ඇපල් හා සම්බන්දිත ආයතන පසුගියදා පැය කිහිපයකට වසා දමමින් එවායේ සියලුම සේවකයින්ට එතුමන්හට ගෞරවකරන්නට අවස්තාව සැලසූ බවටත් පුවත් පලවෙනවා. එතුමන්ගේ ජීවිත කාර්ය අගයමින් එන් අයෙක් යොමුකර තිබූ පනිවිඩයකින් කියවුනේ, ” ඔහු විද්‍යාව කලාව හා තාක්ශනය එකට මුසුකොට නිශ්පාදනයක් බවට පත්කලාය.එය සජීවි අංගයක් බවට පත්කර අපගේ එදිනෙදා ජීවිතවලට එකතුකලාය…” වැනි තේරුමකි.
– Pubudu Siriwansa

අද සටහන 2017/02/27

අපි දන්නවා පසු ගියදාක කිසියම් රූපවාහිනී නාලිකවක මේ දිනවල ලංකාවේ මේ දිනවල තිරගත වෙමින් තිබෙන සිනමා පටයක් සම්බන්දිතව, විවිධ කෝන කිහිපයකින් සමන්විත බව පෙන්වන්නට එම නාලිකාවට අවශ්‍ය වූ සාකච්චාවක් පැවත් වුනා. වර්ථමාන ලාංකික මාධ්‍ය අවකාශයේ සමාජ සිදුවිම් පිලිබඳව වන නාභිගත වීම් සම්බන්දයෙන් දක්වමින් සිට්න දුර්වල බව මනව පෙන්වන හෝ තමන් ඇත්තෙන්ම නිරතව ඉන්නේ අදාල සිදුවීම් වල වඩත් සංවේධී සමාජ අර්ථවල නොවන බව හෝ තමන්ට ඒ බව අනවශ්‍ය බවත් ඔනෑම සමාජ සිදුවිමක වන වඩාත් අලවිකල හැකි සංස්කරනය තම අභිප්‍රයාව බව ප්‍රකට කරවන ආකාරයෙන් සිදුවූ එම සංවාදයේ දී දැන හෝ නොදැන වර්ථමාන ලංකාවේ පවතින සැබෑ අධිපති මතවාද වල ව්‍යාකූල බව මතුපිටට පැමිනීමක් නම් දැකිය හැකි විය.
සිල්ලර වෙළඳාමේ අධිපත්‍ය දේශපාලනය, කලාව, ආර්ථිකය මේ සියල්ල මත අද වන විට සිටගෙන සිටින්නේ කොතරම් පෞර්ෂත්වයකින් ද යන්න එම හෝරා කිහිපය ප්‍රකට කරවූ වැදගත්ම කාරනාවක් වූ බව පැහැදිලිය. රටට, ජාතියට, ආගමට ආදරයවීම ගෞරව කිරීම ඒවායේ සැබෑ අර්ථවලින් මිදී මතවාදී අවකශයකදී තරම් නොවන නැතිනම් නොවිය යුතු ආධිපත්‍යයයක් අතව ට පත්ව ඇති ආකාරයද නො අඩුව පිලිබිගු කෙරෙනි. දේශපාලන අර්ථවලදී ද තරමක අමු බවක් දක්වමින් එම සමස්ථ ගලයාම තුල පැහැදිලි කරවන ස්ථාවරයක සිට ගන්නට තරම් නොහැකි වූබවක්ද පැහැදිලි විය.
මේ සමස්ථ අසමත් බව ප්‍රකට කරවන්නේ මේ මොහොතේ රටේ වන සැබෑවද වන බව මගේ මතයයි. රට, ජාතිය, ආගම, දේශපාලනය මෙන්ම ආර්ථිකය ගැන පවා අප පත්ව ඇති ව්‍යාකූලබව බව මගේ විස්වාසයයි. දේශපාලනිකව, සංස්කෘතිකව පමනක් නොව ආර්ථිකවද අද අප විදිමින් සිටින අවතැන්වීමේ ආදිනව යැයි මම සිතමි.

Posted in Reviews | Leave a reply

US භාවිතාකරන්නන් අතර Google පරදා Yahoo පෙරට

  පසුගිය දිනවල Mozilla නිවේදනය කර සිටියේ තම බ්‍රවුසරයේ default search provider ලෙසට Google වල සිට Yahoo! වෙතට ගමන්කරන්නට තීර්නය කර ඇති බවකි. බහුලතම භාවිතවක් සේම ආදායමක් උපයන සෙයුම් යාන්ත්‍රන ලොකයේ මෙම වෙනස Google වෙතට මොන ආකාරයක බලපෑමක් කරාවිද යන්න එහිදී කාගේත් අවධානය ලබා ගත්තකි. Firefox තම නව default search provider වන Yahoo සමග කටයුතු අරබා දෙමසක් ගත වෙමින් ඇති මේ වන විට පැමිනෙන නවතම වාර්ථා පවසන්නේ 2008න් පසුව Google හි search market share වල අගය 75% දක්වා පහතට පැමින ඇති බවකි. Bing වල සැලකිය යුතු වෙනසක් නොපෙන්වද්දී Google අව වෙනස නොපෙන්වද්දී, Yahoo වල වර්ධනයක් එම සටහන් වල පැහැදිලිව පෙනෙමින් තිබෙනවා. තොරතුරු ‍රැස්කර ගැනීම මෙන්ම advertisements ඔස්සේ විශාල ආදායමක් උපයන මෙම සෙයුම් යාන්ත්‍රන භාවිතාවේ Yahoo ඉදිරියට පැමිනීම Bing වෙතටද වාසියක වන්නේ Yahoo!’s search පි‍ටුපසින් සිටින යෙයුම් යන්ත්ර්ෆනය වන්නේ Bing වන බැවිනි. දැනට ඇමරිකානු භාවිතාකරන්නන් අතරට පැමින ඇති මෙම ප්‍රවනතාවය ඉදිරියේදී කිනම් ආකාරයක් ගනීවිද යන්න හදාරන්ගේ දැඩි අවධානය ලබාගනිමින් සිටින බවටයි වාර්ථා වන්නේ.

Posted in Google, Microsoft, Reviews |

HP Stream 11 සරල මට්ටමේ පරිගණක භාවිතාවකට අඩු මිලැති විසදුමකි..

  අඩු මිලැති පරිගණක භාවිතාවකට වූ ඉල්ලුමද නිරන්තරයෙන් පවතින්නකි. Netbooks පැමිනීම බොහෝ දෙනාගේ අවධානයක් ලබා ගත්තේ ඒ නිසාවෙන් විය යුතුය. කෙසේමුත් අඩු බලැති ප්‍රොසෙසර් හැකියාව , බැටරි බලය මෙන්ම තොරතුරු ගබඩා හැකියාව වැනි හේතූන් සමග ඒ සදහා වූ අවධානය වේගයන් අඩුවීම සිදුවිය. HP වෙතින් නැවතත් වෙළඳ පොලට Stream 11 නිකුත්වන්නේ අඩු මිලැති පරිගණක භාවිතා ඉල්ලුමට නව විසදුමක් ‍රැගෙනය. ඩොලර් 200ක මිළක් සමග entry-level අවශ්‍යතාවය ඉලක්ක කර ගනිමින් මෙම නිකුතුව පැමිනෙන්නේ Intel Celeron processor ( 2.16Ghz), 2GB RAM හා 32GB තොරතුරු ගබඩා හැකියාවක් සමග USB ports (1 x 3.0 and 1 x 2.0), full size HDMI port, full size SD card reader, headphone/mic jack වැනි අනෙකුත් පහසුකම් සැලකීමේදී මෙම නිකුතුව සැලකිය යුතු මට්ටමක නිකුතුවක් ලෙසට පිලිගන්නට හැකිවන බවටයි විචාරනය වෙමින් ඇත්තේ.bright blue වර්ණැතිව plastic ආවරනයකින් පැමිනෙන මෙම නිකුතුව සතු 1366×768 displayය එහි මිල සමග සැලකීමේදී සාධරන බවටයි හැගීම වන්නේ. Windows 8 සහය මට්ටමින් වන මෙහි low resolution සමග සමහර විටක එලිමහන් භාවිතාවේදී අපහසු බවක් ගෙනෙන බවද අමතක නොකල යුතුය.
Windows 8.1( fully-featured OS) හැකියාව සහිත අතර තාක්ෂනිකව ඔනෑම Windows හිතැති application මිත්‍රව පැමිනෙන මෙම නිකුතුව ප්‍රායෝගිකව PhotoShop වැනි බ‍රැති මෘදුකාංග භාවිතාවකදී ගැටලු සහිත විය හැකි අතර නොමිළේ එන Office 365 හා 1 TB OneDrive පහසුව වසරක කාලයක් සදහා වේ. මෘදුකාංග කිහිපයක් එක වර ධාවනය කිරීමේදී ඇතිවන අපහසුතවය මෙම මට්ටමේ උපාංගයකින් බලාපොරොත්තු විය යුතු අතර 5.5 hours බැටරි ආයුකාලය ද ඒසාම නොසලකා හරින්නට සිදුවනු ඇත. browsing the web, YouTube, social media වැනි සරල මට්ටමේ භාවිතාවන් සදහා වඩාත් හිතැති මෙම නිකුතුව වෙළඳ පොල වෙතට ඇති ආරම්භක මට්ටමේ පරිගණක භාවිතාවට වන ඉල්ලුම සදහා හොඳ විසඳුමක් වනු ඇති බවටයි බලාපොරොත්තු විය හැක්කේ.

Posted in Reviews |

Withings හඳුන්වා දෙන Activité Pop $150 ක analog smart watch නිකුතුවකි.

    පසුගිය වසරේ වඩාත් අවධානය දිනා ගත් කාරනා අතරට Apple Watch, Samsung’s wearables, the Moto 360, Fitbit’s fitness trackers හා Microsoft Band පැමිනේ. මෙම smart watch ‍රැල්ල මෙම වසර කරා ද පැමිනෙනු ඇති බවට අනාවැකි පලවූ අතර එලබෙන කාලයේ වඩාත් වැඩි අවධානයක් ලබා ගන්නා උපාංගයක් වනු ඇති බවටත් බලාපොරොත්තු පල විය. මේ අතර Withings වෙතින් $150 මිලකට වන analog smart watch එකක්( Withings Activité Pop ) නිවේදනය වී තිබෙනවා. මෙම fitness tracker උපාංගය සදහා PVD-coated metal, pedestrian glass, silicone strap භාවිතාවෙන් නිර්මානය වන අතර 30 meters (98 feet) දක්වා ජල රෝධයට සූදානම් මෙන්ම එක් බැටරි භාවිතාවක් මාස 8ක ආයුකාලයක් ලබන උපාංගයක් ලෙසට නිවේදනය වනවා. දෛනිකව වන ඔබගේ steps ප්‍රමානය කියවා දෙන්නට , sleeping time ගනනය කර දෙන්නට මෙන්ම vibration ඔස්සේ ඔබව අවදිකරවන්නට වැනි සහයන් සමග පැමිනෙන අතර iOS හා Android වලට සහය දක්වන app නිකුතුවකින්ද එය සමන්විත බවටයි පැහැදිලි කෙරෙන්නේ. Bright Azure, Shark Gray, Wild Sand වර්ණ වලින් පැමිනෙන මෙම නිකුතුව $150 මිලැතිව වනු ඇති බවට තොරතුරු හෙලි වනවා

Posted in Reviews |

Dell Venue 8 7840 සිහිනිතම tabletය වෙළඳ පොලට..

  Dell වෙතින් පැවසෙමින් තිබූ සිහිනිතම tabletය මේ වන විට වෙළඳ පොලට පැමින ඇති බවටයි නිවේදනය වන්නේ. 6.4mm ගනකමකින් යුත් මෙම tabletය Dell Venue 8 7840 ලෙසට ඩොලර් 399ක් මිලැතිව high-end මට්ටමේ hardware සමග නිකුත්ව තිබෙන බවට නිවේදනය වනවා. අඟල් 8.4OLED display(2,560 x 1,600 resolution) සමග quad-core CPU(Atom Z3500-2.3 GHz ) ප්‍රොසෙසර් බලයක් හා 2GB ‍රැම් බලයකින් මෙන්ම 16 GB දත්ත ගබඩා හැකියාවකින්ද microSD card slot, 8 MP පසු කැමරා හැකියාවක්ද 2 MP ඉදිරි කැමරා හැකියාවක්ද මෙය සමන්විතවේ. සබඳතා හැකියාවන් සැලකීමේදී Wi-Fi ac මෙන්ම Bluetooth 4.0 සමන්විත වන අතර Android 4.4 KitKat ස්ථාපිතව පැමිනෙනු ඇත. 215.9 x 124.2 x 6.1mm; ප්‍රමානාත්මකවකව හා 305g​ බ‍රැති මෙම නිකුතුව මේ වන විට US වලදී ලබා ගත හැකි බවටයි නිවේදනය වන්නේ.

Posted in Reviews |

TAP-R2 Wireless Router ය touch display ද සමග වේ…

  මීලග පරම්පරාවේ Wi-Fi Router එකක් කෙබඳු පහසුකම් ‍රැගෙන එන්නක් විය යුතුද කියා විමසීමේදී වඩාත් වෙගවත් හා වැඩි ප්‍රදේශයක් ආවරනය වන හා වැඩි ආරක්ශිත බවක් ‍රැගෙන එන්නක් වියයුතු බවට යෝජනා වනු ඇත. Amped Wireless පවසන්නේ තමන් ඔවුනගේ මීලග TAP-R2 Wi-Fi Routerය සදහා මීට අමතරව touch display එකක්ද සංයුත්තව එවන්නට කටයුතු කරමින් සිටින බවකි. තවමත් වෙළඳ නිකුතුවක් සිදුව නැති මෙම උපාංගය සමග තුන් ගුනයක Wi-Fi coverage එකක් සමග අභ්‍යන්තරව හා බාහිරව පවතින high gain antennas දෙකක් සමග 800mWක Wi-Fi output බලයක්ද සමන් විතව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ. touchscreen සමග වන පහසු සැකසුම් හැකියාව භාවිතාකරන්න වෙතට වඩාත් මිත්‍රබවක් ගෙනෙනු ඇති බවටයි ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ. ඔබේ නිවස වෙතට අඩුම dead spots සමග පහසු සැකසුම් හැකියාවැති මෙම Wi-Fi Router ය දැනට පෙර ඇනවුම් සදහා $160 මිලැතිව අවස්ථාව වන අතර 2015 පෙබරවාරි මුල් භාගයේ මෙහි නිකුතුව දැනට නියමිත ඇති බවටත් නිවේදනය වේ.

Posted in Reviews |

Logitech K480 Bluetooth Multi-Device Keyboard (Sinhala Review)

  ඔබගේ computer, phone හා tablet යන සියලු උපාංග සදහා එකම (Multi-Device) Keyboardයක් භාවිතාවට අවස්ථාව Logitech K480 ඔස්සේ ලැනෙනු ඇත. Bluetooth සබදතාවයක් සමග එන මෙම Keyboardය සියලුම keys සමග එන full-size keyboard එකක නොවුනද වඩාත් හුරුබුහුටි පෙනුමක මෙන්ම භාවිතාවක් ඔබ වෙතට ගෙන එන බවට නම් සැකයක් නොමැත. මෙහි Esc key වලට ඉහලින් වන rubberized groove standව මත ඔබගේ mobile devices ‍රැදවීමට හැකි අතර වම් පසින් වන අංගයය ඔස්සේ අදාල devices 1,2,3 ලෙසට තොරා ගන්නට හැකි වන අතර එසේ තේරීම ඔස්සේ අදාල උපාංගය වෙතට Bluetooth ලෙසින් සම්බන්ද වීමට හැකි වනු ඇත. අඟල් 0.79 by 11.77 by 7.68 (HWD) ප්‍රමානකින් නිමව එන මෙහි Apple හෝ Android tablet නැතිනම් phone පහසුවෙන් groove stand මත රඳ වන්නට හැකි වන අතර 1.81 poundsක බ‍රැති බව නිසා වඩාත් desk මත භාවිතාවට හිතැතිව පැමිනෙන බවක් කිවයුතුමය. AAA battery දෙකකින් සමන්විත වන වන මෙම Logitech K480 කී බෝඩය එක් බැටරු ‍රැදැවුමක් සමග දෑ වසරක භාවිතකාලයක් ගෙනෙනු ඇති බවටයි නිෂ්පාදකයින් පවසන්නේ.
මෙම උපාංගය සහය දක්වන මෙහෙයුම් පද්ධති සැලකීමේදී Windows 7/8 or later, Mac OS Xවල සිට ඉහලට, Chrome OS, iOS 5හා ඉහලට, මෙන්ම Android3.2 සිට ඉහලට වන අතර මෙහි දැනට පැමින ඇති සංස්කරනය Windows Phone වෙතට සහය නොදක්වයි. Type කිරීමේදී premium ආකාරයේ පහසුවක් නොදැනෙන මුත් shortcut keys සහිත බව(Home button, multitasking button හා Search button මෙන්ම Previous, Pause/Play, Forward, Mute/Unmute, and Volume controls සහය ගෙනෙන multimedia controls වලින් ඒවා සමන්විතවේ. $49.99 මිලකට එන උපාංගයක් ලෙසට සැලකීමේදී ඔබගේ ඩිජිටල් භාවිතාවන්ට එය පහසුවක් ලෙසට සලකන්නට හැකි වන අතර full-size keyboard එකක් සදහා මෙන්ම portable tablet keyboard එකක් සදහාද විකල්පයක් ලෙසට නොවන මුත් උපාංග අතර පහසුවෙන් හුවමාරුවට හැකිවීම මෙන්ම බොහෝ බහුල භවිතාවක් ඇති උපකරන සදහා සහය දැක්වීම වැනි කරුනු ඔස්සේ සැලකීමේදී භාවිතාකරන්න වෙතට පහසුවක් කැදවා ගෙන එන පහසු මිලැති උපාංගයක් ලෙසට නම නොසලකා සිටින්න නොහැකි උපාංගයක් ලෙසට Logitech K480 Bluetooth Multi-Device Keyboardය හඳුන්වා දීමට අප කැමැත්තෙමු.

Posted in Reviews |