විසල් වෙබ් අවකාශයේ නිරන්තරයෙන් එක්වන අපමනක් වූ තොරතුරු අතර ඔබට වඩාත් අවශ්‍ය හා වැදගත් වන තොරතුරු පහසුවෙන් එක් කවුලුවක් ඔස්සේ ලබා ගන්නට සහය වන තවත් මෘදුකාංගයක් ලෙසට RSS Guard 2.1 හැදින් විය හැකිය. එය RSS/RDF, ATOM වැනි බොහෝ feed formats සදහා සහය දක්වන්නක් වන අතරම open-source ගනයේ නිකුතුවක් හා Czech, Dutch, English, French, German, Italian වැනි භාෂා රාශියකට සහය දක්වන හා වෙනත් සෙවාවන් මත නොව ස්වාධීනව ක්‍රියාත්මක විය හැකි නිමැවුමකින් පැමිනෙන නිකුතුවක් වේ. මෙම මෘදුකාංගය Qt සහය දක්වන සියලුම මෙහෙයුම් පද්ධති එනම් දැනට භාවිතාවන සියලුම පාහේ ප්‍රධාන මෙහෙයුම් පද්ධති සමග කටයුතු කරන්නට හැකි නිකුතුවක්ද වේ. සරල මුත් ප්‍රබල ක්‍රියාකරීත්වයක් ඇති මෘදු නිකුතුවක් ලෙසට විචරක ප්‍රසාධය දිනා ඇති මෙම මෘදුකාංගයේ නවතම නිකුතුව පහත දැක්වෙන බැදියාව ඔස්සේ පිවිසීමෙන් ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත.
https://bitbucket.org/skunkos/rssguard/downloads/rssguard-2.1.0-win32.exe
(Portabal) https://bitbucket.org/skunkos/rssguard/downloads/rssguard-2.1.0-win32.7z