වර්ථමාන තොරතුරු සංනිවේදන භවිතාව වෙතට එන්නට නියමිත මීලග වඩාත් පෙරලිය 5G වනු ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ fiber ආකාරයේ වෙගයක් ගෙන අද ගෙවමින් සිටින ජංගම තොරතුරු දිවියේ මීලග සංධිස්ථානය එය වනු ඇති බවයි. Samsung ආයතනයද මේ වන විට නිවේදනය කර සිටින්නේ තමන්ද සාර්ථකව වානිජ මට්ටමේ 5G භාවිතාව වෙතට අවශ්‍ය මාවතට සාර්ථකව පැමිනෙමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ 5G RF Integrated Circuit (RFIC) නැතිනම් “commercial readiness” වෙතට සාර්ථකව පිවිසෙන්නට තමන්ගේ අත්හදා බැලීම් සාර්ථකව අවසන් කරමින් සිටින බවයි. එලබෙන තෙවසර වන විට 5G mobile networks සාමාන්‍ය භාවිතවට පැමිනීම ක්‍රමයෙන් ඇරබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර Internet of things වැනි භාවිතාවල සිට මොබයිල් සංනිවේදන භාවිතාවේ සියලු කඩ-ඉම් සදහා නව යුගයක් ගෙනෙන්නට සමත්වනු ඇති බවට දැනටම බලාපොරොත්තු පලව තිබෙනවා. මෙම මසය අගට නියමිත Mobile World Congress වලදී බොහෝ ආයතනයන් ගෙන් එම එලබෙන යුගයේ 5G සදහ තමන්ගේ සූදානම පිලිබඳව තොරතුරු හෙලි වනු ඇති බවටයි අපේක්ෂාව වන්නේ.
