Samsung ආයතනය CES 2022 සදහා තම නිපැයුම් ලෙසට නව monitors 3 ක් පිලිබඳව මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒවා නම් Odyssey Neo G8, Smart Monitor M8, සහ High Resolution Monitor S8 ලෙසන නම් වන අතර අවසාන මොඩලය 27” හා 32” ලෙසට පැමිනෙන බව පවසා සිටිනවා.
Odyssey Neo G8 පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ 32” 1000R curved display / 4K resolution (3,840 x 2,160) ලෙසට වන අතර Smart Monitor M8 පිලිබඳව පැහැදිලි කෙරෙන්නේ 32” display / ultra-slim thickness of 11.4 mm. ලෙසටයි. මෙම උපාංග පරිගණක සමග භාවිතාවකරවා සේම සංයුත්තව පැමිනෙන Smart TV හා productivity apps භාවිතාව මෙන්ම movable magnetic SlimFit Cam සමග VoIP භාවිතාවටද සූදානම් බව කියවෙනවා.
අවසානයේ Samsung High Resolution Monitor S8 ගැන පැවසෙන්නේ creators හා designers ලා ඉලක්ක වන එකක් බවයි. කාර්යාල පරිසරයකට වඩාත් උචිත මෙය ලොව පලමු Underwriter Laboratories-verified Glare Free monitor එකක් ලෙසට නම් වන අතර පරිසරයට වඩා උචිත කරගත හැකි නම්‍යතා රාශියක් මෙම මොඩලය සමග වන බවට ප්‍රකාශ වනවා.
Pubudu Siriwansa