මෑත කාලයේ අවධනයට ලක්වූ email scam එකකින් කියවුනේ අදාල ඊමේල ලබන්නා වෙතට ඔවුන්ගේ අවසර පදයක් එවමින් පහර දෙන්නන් විසින් තම ගිනුම් වෙතට අනවසර පිවිසීමක් කර ඇති බවත් ඒවා යේ තොරතුරු හෙලි නොකරන්නට නම් අදාලෛඉමේල් ලබන්නන් විසින් මුදලක් ලබා දෙනවාට අමතරව ඔවුන්ගේ අසැබි දර්ශන අන්තර්ජාල ගතකරන්නටද තමන් කටයුතු කරන බවකි. හදාරන්නන් පවසන්නේ බොහෝ විය වසර 10 කටත් වඩා පැරනි අවසර පද පවා මෙම පහර දෙන්නන් භාවිතාකරමින් මෙම අකටයුත්ත සිදුකරන බවයි. ඔවුන් පෙනවා දෙන්නේ මෙම sextortion scam භාවිතාව සදහා ඉතා පැරණි තොරතුරු භාවිතාකරමින් ඉලක්ක කරන්නන් අපහසුතවයට පත්කරන්නට කටයුතු කර බවකි. බොහෝ විට එම තොරතුරු මේ මොහොත වන විට වලංගු නොවන ඒවාද විය හැකි බවට පෙන්වා දෙනවා. එසේම ඔවුන් තර්ජනය කරන භාවිතාකරන්නන්ගේ වෙබ් කෑම් ඔස්සේ ඔවුන්ගේ හැසිරීම් වීඩියෝගත කරගෙන ඇති බවත් ඒවා අන්තර්ජාලය වෙතට මුදා නොහරින්නට නම් මුදලක් ලබා දියයුතු බවකි. බොහෝ විට මේවා ව්‍යාජ ප්‍රකාශ වන සේම භාවිතාකරන්නන් විසින් අනවශ්‍ය වෙලාවල් වලදී තම පරිගනකයේ වෙබ් කෑම් ආදිය අවරනය කර තබන්නට හෝ වෙනතකට යොමු කර තැබීම යෝග්‍ය බවට උපදෙස් දෙමින් සිටිනවා. email filtering service පවසන්නේ මේ ආකරයේ phishing scams ඊමේල 600000 පවන වලකන්නට තමන් කටයුතු කර ඇති බවකි.
සුපුරුදු ලෙසට භාවිතාකරන්නන් විසින් තම මෙහෙයුම් පද්ධති යාවත්කාලීනව තබා ගැනීමත්, අනවශ්‍ය හෝ සැක සහිත ඊමේල සමග වන Links අවදි නොකරන්නටත්, අනවශ්‍ය පෞද්ගලික මට්ටමේ තොරතුරු සමාජජාලා ඔස්සේ පල නොකරන්නටත් උපදෙස් ලැබෙනවා. විශේෂයෙන් තම ඊමේල් ගිනුම ආරක්ෂිතව තබා ගැනීමද වැදගත් වනවා. මේ ස්වභාවයේ තර්ජනයන් මේ දිනවල වැඩි භාවිතාවක ඇති බවත් ඒවයේ ස්වරූපයන් විවිධ වන්නටද ඉඩ ඇති බවටත් වැඩි දුරටත් පැහැදිලි කෙරෙනවා.
– Pubudu Siriwansa
