Back to Top

Category: Short Notes

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට…

දිගු සැදැවන් උදාවන කාලය පැමින ඇත. සක්මලුවට ඔබ්බෙන් පිහිටි කුඩා ගල් කුල මතටවී නැගෙන හිර අහස්කුස අදුරින් පිරීයන අයුරු බලා හිදීම අපූරු භවනාවක් වැනිය. කැදලි කරා පියාබා යන නෙක පක්ශීන් ගෙන් ගැවසගත් අහස්කුස ලෝකයේ ජීව චක්‍රය ගැන අපූරු උදාහරනයක් මෙනි. බැදීම් මොනතරම් විසිතුරු ලෙස සංස්කෘතිය විසින් සරසා ඇද්දැයි සිතන විට සිතතුල නැගෙන්නේ මහත්වූ පහන් සංවේගයකි. කදුයායවල් දෙක තුනකට ඔබ්බෙන්වන නගරය මේ මොහොතේ මොනතරම් කාර්යබහුලව ඇතිදැයි සිතේ.
වරක් ජර්මනියේදීහමුවු අපූරු තරුනියක් මතකයට නැගුනේ නිතැතිය.ඇය දර්ශනය ගැන කථිකාචාර්යවරියක් වූවාය. අගේ ප්‍රියතම විනෝදාංශයවූවේ ඇය සතුවූ කුඩා ගිටාරයත් ගෙන අප සේවය කල විශ්වවිද්‍යාලයේ පි‍ටු පසින්වූ කදු මුදුනතට නැග අදුර අපවසා ගන්නා තෙක් සියුම් ස්වර කාංඩයන් වැයීමයි. බොහෝ විට ඇය බි‍තෝවන් වැනි අපූරු නිර්මාන කරුවන්ගේ ස්වර කංඩ ‍තෝරාගන්නට කැමතිවූවාය. ” වෙලවකට මට හිතෙනවා වචන කියන්නේ සංගීතය දෙව්ලොව ඉදන් පොලවට ඇදදමන ‍රැහැනක් වගේද කියලා” කිහිපවරක්ම ඇය එසේ මුමුනනු මට ඇසී තිබිනි. කදු පාමුල පිහිටි මාවත් දිගේ අදුරට කලින් නිවෙස් කරා කලබලයෙන් ඇදෙන මිනිසුන් දෙස බල සිටින්නට ඇය මහත්සේ ප්‍රිය කලය. “වෙලාවකට මට හිතෙනවා මම නතර වෙලවත්දෝ කියලා” ඇය කිහිපවිටක්ම මගෙන් ප්‍රශ්නකලා මතකය.

  • Pubudu Siriwansa
    www.avissawella.com
Posted in Short Notes, Tharu Minisa |

වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට…

  වඩාත් අපූරු තොරතුරු තාක්ෂන දවස හෙට වනු ඇති බවට වන බලාපොරොත්තුව තවමත් වලංගුය. හදාරන්නන් අනාවැකි පලකරන්නේ මෙතෙක් ලොව පහලවූ කිසිඳු තාක්ෂනයක් අත්පත් කර නොගත් තරමේ භාවිත අවකාශයක් එය දැනට මත් අත්පත් කරගෙන තිබෙන මුත් එහි හැකියා වපසරිය තවමත් නව යොවුන් වියේ වෙමින් වඩාත් පැහැබර අනාගතය හෙට වනු ඇති බවට නෙක ආකාර ලෙසින් බලාපොරොත්තු දෙමින් සිටින බවකි. ජීවිතය වටා වූ බොහෝ කාරනාවන් සදහා එය පැහැදිලිවම සාර්ථක මැදිහත් කරුවෙකු වෙමින් සිටිනවා සේම හෙට දිනයේ මිනිස් සිරුර මෙන්ම මිනිස් මනස විනිවිද යන්නට ඇගිලි ගනිමින් සිටින බවකි ඔවුන්ගේ යෝජනාව වන්නේ. තවමත් සමහර දෑ සිනමා වැනි නිර්මාණකරුවන්ගේ සීමාවේ වන මුත් පෙරදී මෙන්ම වෙනත් තාක්ෂණයන් වලදී මෙන් ඒවා දස වසර සංක්‍යාවලින් පැමිනීමේ දින මැනීම මෙම විෂයේදී වලංගු නොවන බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. විටක අයෙක් නිඳි යහනට ගොඩවන විටක වන සිහිනයක් සැබෑ භෞතිකයක්ව පවතින ලොවකට අවදිවීමේ හැකියාව තවදුරටත් සිහිනයක් නොවන බවට ඔවුන් පැහැදිලිවම කියා සිටිනවා. – Pubudu Siriwansa