Skype යනු VoIP (voice over Internet protocol) ආකාරයේ ක්‍රියාකාරීත්වයක් ගෙනෙන මෘදුකාංගයකි. ලොව පුරා අති මහත් භාවිතාවක් ඇති මෙම මෘදුකාංගයේ නවතම සංස්කරන නිතරම තම පරිගණකයේ වීම වැදගත් වන්නේ පහර දෙන්නන්ගේද වැඩි අවධානයක් නිතරම දිනා ගන්නා මෘදුකාංගයක් බවට එය පත්ව ඇති බැවිනි. ලොවපුරා සිටින අපමන භාවිතාකරන්නන් පිරිසක් පුද්ගලික මට්ටමින් මෙන්ම ආයතනික මට්ටමින්ද එකි නෙකා යාකරන්නට මැදිහත්වන මෙම මෘදුකාංගයේ නොමිළේ මෙන්ම වැඩි පහසුකම් සහිතව මිලදී ගත හැකි සේවාවක් ලෙසටද පවතී. භාවිතාකරන්නගේ mobile, computer හෝ TV වෙතට ස්ථාපිතව භාවිතා කල හැකි මෙම මෘදුකාංගය ඔස්සේ all phones, access WiFi, send SMS හා make group video calls ලෙසට වන පහසුකම් රාශියකින් සමන්විතය. මෑතකදී මිලදී ගතයුතු මට්ටමේ තිබූ හැකියාවන් කිහිපයක්ම නොමිලේ ලැබෙන සංස්කරනය සදහාද ලබා දෙන්නට කටයුතු කල මෙම සේවාව මේ වන විට පවත්වාගෙන යන්නේ Microsoft ආයතනය විසිනි. ලොවපුරා භාවිතාකරන්නන් මිලියන සිය ගනනක් වන මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටද ලබා ගත හැක.

Skype 6.22.64.107

Skype Offline Installer

Skype for Mac

Portable Skype