Back to Top

Category: Skype

win 10 වෙතට Skype සංයුත්ත වීම November update වලදී…

    Microsoft ආයතනය එය පැහැදිලි කරන්නේ ‘The Consumer Preview of Skype Integration for Windows 10’ ලෙසටය. පැමිනෙන ‘November update’ සමග එහිදී සිදුවන්නේ messaging, calling හැකියාව මෙන්ම emoticons ආදිය මෙහෙයුම් පද්ධතියට සංයුත්ත වීමය. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ ඇප් දෙයාකාරයකින් ඒවා පැමිනිනෙන්නට සැලසුම්ව ඇති බවකි. Preview of Skype video ඔස්සේ call Skype contacts සමග Windows 10 address book සමග භාවිතාකරන්නාගේ සබඳතා අවදිකරවා ගැනීමෙ අහැකියාවය. දෙවන ඇප් පෙර නිකුතුව සමග -Windows 10 Messaging on PCs plus Skype – පැමිනෙන හැකියාවන් අතර text-based Skype messaging සමග emoticon support වන අතර Voice හා video calls ආරම්භකිරීමේ හැකියාවද වේ. quick reply feature එක සමග Windows 10 pop-up notification ඔස්සේ පහසුවෙන් සංවාදයකට එලබීමෙ හැකියාවද වේ. සමස්ථයක් ලෙසට සැලකීමේදී skype හැකියාව windows 10 මෙහෙයුම් පද්ධතියට සංයුත්ත වීම සිදුවන අතර පැමිනෙන්නට නියමිත windows 10 මොබයිල් සංස්කරනය වෙතටද මෙම දියුනු කිරීම පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව පලවන්නේ.

Posted in Skype |

‘Skype for Web’ අත්හදා බැලීමේ මට්ටමින්…

   ලොව පුරා මහත් භාවිතයක් ලබන වෙබ් සේවා අතර Skype වෙතට ඇත්තේ ඉහලම පිලිගැනිමකි. දුර බැහැරක වෙසෙන හිතවතෙකු සමග සංවාදයේ යෙදෙන්නට මෙන්ම ව්‍යාපාරික මට්ටමේ අදහස් හුවමාරුවක දක්වා වන ඔනෑම සංවාදයකට Skye භාවිතාව කදිම විසදුමක් ලෙසට මේ වන විට පිලිගැනේ. භාවිතය සදහා ස්ථාපනය කර ගන්නවා වෙනුවට web version නැතිනම් ‘Skype for Web’ ලෙසට නම් වන බ්‍රවුසරය සමග විවෘතවන පෙර මෙන් ස්ථාපනයට අවශ්‍ය නොවන Skype වල නව සංස්කරනයක බීටාවක් මේ වන විට අත්හදා බැලීමේ මට්ටමින් සිමිත පිරිසක් වෙතට නිකුත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත් මූලික මට්ටමේ chat, video, chat, voice calls වලට පමනක් සීමාවන මෙම සේවාව අනාගතයේදී ස්ථපනයට ඉඩ නොදෙන සැකසුම් ඇති පරිගණක මෙන්ම පොදු පරිගණක භාවිතාකරන්නන් සදහා මහත් පහසුවක් වනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ.

Posted in Skype |