Back to Top

Category: Social Networks

2021 දී TikTok පලමු වෙබ් අඩවිය වේ.

Cloudflare පසුගියදා පවසා සිටියේ තම වාර්ථා අනූව 2021 වසර සදහා වඩාත් භාවිතාවක් ගන්නා ඩොමේනය වන්නේ TikTok බවයි. TikTok යනු video ඉලක්කගත social media වෙබ් අඩවියක් වන අතර එය Chinese company යක් වන ByteDance යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම ඉහලට පැමිනීම ඔවුන් වාර්ථාකරන්නේ February 17, 2021 දින දවසේ බහුල භාවිතාව වූ මෙම අඩවිය මාර්තු මැයි වන විට ක්‍රමයෙන් ස්ථාවර වූ බවත් Aug. 10 වාන් විට යලිත් පෙන්වූ ඉහල ප්‍රවනතාවය October , November වන විට ස්ථාවරම වූ බවයි. එම නව පෙල ගැස්ම තුල Facebook දෙවන ස්ථානයේ සිට තුන්වන ස්ථානයටත් Microsoft හතර වැනි තැනටත් Apple පස්වන තැනටත් පත් මෙන්ම පිලිවලින් Amazon හා Netflix මීලග ස්ථානයන්ටත් පත්ව සිටින බව ප්‍රකාශ වනවා. එසේම 2021 වසරේ ජනංප්‍රියතම වෙබ් අඩවි පෙලෙහි YouTube අට වන තැනටත් Twitte අඩවිය නමවන තැනටත් WhatsApp දසවන තැනටත් පත්වන අතර Instagram අඩවිය Top 10 අතරින් ගිලිහ තිබෙන බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් Cloudfare ට අනූව තවමත් TikTok වැඩිම traffic එකක් ලැබුවද ලොව වැඩිම භාවිතාකරන්නන් සිටින වෙබ් අඩවිය වන්නේ Facebook වන බවයි.
Pubudu Siriwansa

Posted in Social Networks, web site | Tagged |

සමාජ ජාලා මීට වඩා හිතකර විය යුතු බවට…

අන්තර්ජාලය තව දුරටත් තේරීම් අවස්ථාවක් නොවේ. එය ක්‍රමයෙන් අනිවාර්ය වෙමින් ඇත්තකි. ඒ නිසාම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ පැමිනිය හැකි යහපත් බව මෙන්ම අයහපත් බව තීරනාත්මක සාධකයක්ව තිබේ. සමාජජාල භාවිතය මෙහිදී වඩාත් කැපී පෙනේ. හදාරන්නන් පවසන්නේ ඒවායේ තාක්ෂණික පසුබිමේ සිට නිර්මාණය වෙමින් ඇති සංස්කෘතික පසුබිම දක්වා අපමන අවකාශයක් සවිංඥානිකව මෙන්ම අවිංඥානිකව අපට බලපාමින් ඇති බවකි. මෙම අවකාශ අතරින් Facebook සමාජජාලය කැපී පෙනේ. Instagram ඇතුලු ඔවුනගේ සමස්ථ සේවා අවකාශය පිලිබඳවම පසුගිය කාලයේ කථාබහට ලක්විය. මේ වන විට එම ආයතනය විශේෂයෙන් teenagers ලාගේ mental health ඉලක්කවන අංග කිහිපයක් තම සේවාවන් සමග සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින බව කියවෙනවා. එම නවාංග අතරට “reputational reviews.” මෙන්ම “Instagram Kids” වැනි අංග කිහිපයක් ගැනම කථාබහ වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa

සාම්ප්‍රධායික මාධ්‍ය අධිකාරී අවකාශය වෙතට …

සාම්ප්‍රධායික මාධ්‍ය අධිකාරී අවකාශය වෙතට අන්තර්ජාලය ප්‍රමුක සමාජ ජාලා යුගය ගෙනැවිත් ඇත්තේ අවසන් කල නොහැකි අභියෝගයකි. පෙර යුගයේ මාධ්‍ය මනස පාලනය කලේ වඩාත් ප්‍රමිතිගත පිලිගැනීම් ඔස්සේ පමනක් නොවේ. බොහෝ විට ඔවුන්ගේ පෞද්ගලික සිතුම් පැතුම්ද බාදාවකින් තොරව මුදා හරිමින් සිටිබව අප දනිමු. අනිත් අතින් “සියල්ලෝ හටම අවශ්‍ය නම් මාධ්‍යවේදීන්ද විය හැක” අවසර පත සමග සමාජ ගත වන අතිශය විනාශකාරී අදහස් උදහස් හා ක්‍රියාකාරීකම් සැලකීමේදී සමාන්තරව සාම්ප්‍රධායික මාධ්‍යවල පිරීහීමද බොහෝ සෙයින් වග කිව කිව යුතුව ඇත. ඉවරයක් නොමැති ව ගලායන නිවේදිකාවන්ගේ උන්මාදනීය සිනාවල සිට නිරන්තරයෙන් වන නිවේදයක්ගේ වාචික හිංසනයන් දක්වාත්, වැඩි අවධානය දිනා ගැනීම සදහා ඔනෑම දෙයක් කිරීම තරගකාරී ප්‍රමිතියක් ලෙසට මුදා හැර තිබීම දක්වාත් තත්වය බර පතලය. වඩාත් තරග කාරී වී ඇති ජාතිය ආගම මූලික කරගත් ආවේගශීලී අදහස් ඔස්සේ සෑම උදයකම සමාජය මත වඩාත් ආවේගකාරී සටහනක් තැබුවේ තමන් බව සහතික කරවා ගන්නට සාම්ප්‍රධායික මාධ්‍ය ගන්නා උත්සාහ හැදෑරීමේදී තත්වය වඩාත් පැහැදිලි වනු ඇත. – Pubudu Siriwansa

Posted in Social, Social Networks |

Facebook වර්ධන වේගය බෙහෙවින් අඩුවෙමින් ඇති බවට…

    Global Web Index අලුත්ම වාර්ථා හෙලි කරන්නේ මාසිකව භවිතාකරන්නන් බිලියන 1.35ක් යනෙන Facebook තවමත් ලොව විශාලතම සමාජ ජාලාව වූවද Tumblr ලොව වැඩිම වේගයකින් වර්ධනය (Growth in active users) වෙම්න් තිබෙන සමාජ ජාලාව බවය. එම වාර්ථා පැහැදිලි කරන්නේ පසුගිය මාස 6 සැලකීමේදී Facebook වල වර්ධන වේගය 2%ක් වන විට Tumblr වල වර්ධන වේගය 120% වන බවය. Pinterest හා Instagram පිලිවලින් 111%ක හා 64% ක වර්ධන වේගයක් දරමින් සිටින බවටයි එහි වාර්ථාවෙමින් ඇත්තේ. අනෙකුත් ප්‍රධාන සමාජජාලා සැලකීමේදී LinkedIn (54%), Twitter (26%), YouTube (25%) හා Google+ (16%) ලෙසටත් එම වාර්ථාව හෙලිකර සිටිනවා. Facebook වෙතට වන අවධානය අඩුවීම වාර්ථා වූ තවත් සටහනක් හෙලි කර සිටින්නේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය භාවිතාකරන්නන්ගේ 50%ක්ම 2013 වසරට සාපේක්ශව එහි පැමිනීම ඉතා අවම කරන්නට පටන් ගෙන ඇති බවයි. මේ අතර Facebook වෙතින් පලවූ තවත් නිවේදනයකට අනූව තමන් තම අඩවියේ පලවන ප්‍රවර්ධන වෙළඳ දැන්වීම් වල සංක්‍යාත්මක ප්‍රමානය අඩුකිරීමේ වැඩපිලිවලක් පිලිබදව මේ වන විට සලකමින් සිටින බවටයි දැක්වූවේ. ඉහත කී Global Web Index වාර්ථාව වැඩි දුරටත් හෙලි කරන්නේ නව සාමාජිකයින් පැමිනීමේ වේගයද 6%ක් වන විට Pinterest 57% Tumblr (45%), Instagram (36%), LinkedIn (27%), Twitter(18%) ලෙසට වාර්ථා වෙමින් ඇති බවයි.

Twitter වෙතින් video.twitter.com

  Twitter යනු කෙටි පලකිරීම් සදහා සහය ලබා දෙන ලොව බහුල භාවිතාවක් ලබා ගත් Social Network එකක් ලෙසට ප්‍රකට වෙබ් අඩවියකි. පසුගිය කාලයේ ඔවුන් පිලිබදව පලවෙමින් තිබූ තොරතුරු වලින් සමහරකින් කියවුනේ Twitter සමග තවත් සේවාවන් කිහිපයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති බවකි. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පැහැදිලි කෙරෙන්නේ ඔවුන් Youtube සමග තරකකාරී මට්ටමක සේවාවකට සූදානම් වෙමින් තිබෙන බවකි. ප්‍රථමයන් බලාපොරොත්තු වූවේ video player හා video card සහයක් පමනක් වුවද video.twitter.com වෙතට පිවිසෙන්නෙකුට ඊට වඩා වැඩි සේවාවක් භුක්ති විඳින්නට අවකාශ සැලසෙන සේවාවක අත්විඳින්නට ඇරයුමක් ඉල්ලුම් කරන්නට හැකිවන බවටයි මේ වන විට හැගෙමින් ඇත්තේ. තවමත් ආයතනය මේ පිලිබදව වැඩි දුර තොරතුරු පැහැදිලි කර නැති වුවද විචාරනය වෙමින් ඇත්තේ advertisers සහය සපයන ඔවුන්ගේම Video library එකක මත ක්‍රියාත්මක වන උපරිමය විනාඩි 10කට අඩු Video සදහා upload පහසුව දෙන වඩාත් සුපැහැදිලි Video සදහා භාවිතාකරන්නන දිරි ගැන්වෙන තම Twitter subscribers සමග Vodeoවක් බෙදා හදා ගන්නට ඉඩ සැලසෙන සේවාවක පැමිනීම බලාපොරොත්තු විය හැකි බවකි.   – Pubudu Siriwansa

www.video.twitter.com 

Posted in Social Networks |

Twitter වල 140-character සීමාව DMs වලදී ඉවතට…

    අන්තර්ජාල භාවිතයේදී කැපී පෙනෙන අනන්‍යතාවයක් ලබා ගත් භාවිතාවන් අතර Twitter සේවාව ඔස්සේ සැලසෙන්නේ අපමන සේවාවකි. තීරනත්මක අවස්ථාවන් බොහොමයකදී පුද්ගල මට්ටමේන් මෙන්ම ජාතික මට්ටමමෙන් මෙම භාවිතාව මිනිසුන් වෙතට සහය වූ ආකරයන් බොහොමයක් පසුගිය අතීතතය තුල සටහන් විනි. මෙහි වන 140-character සීමාව විටක අපහසුවක ලෙසට හැගුනද එම සීමාව නිසාම වන සරල බව වේගවත් හා පහසු භාවිතාවක් සදහා මනා සහයක් බව පිලි ගැනේ. පසුගිය කාලයේදී මෙම සේවාව තුලට video පහසුවද ගෙනෙන්නට කටයුතු කල එම ආයතනයේ CEO වරයා පවසන්නේ තම භාවිතාකරන්නන් අතර වන Direct Messages සදහා ඉහතකී 140-character සීමාව ඉවත්කරන්නට තමන් කටයුතු කරන බවකි. එල බෙන ජූලියේ සිට මෙම පහසුව ක්‍රියාත්මක බවටයි පැහැදිලි කෙරෙන්නේ

Posted in internet, Social Networks |

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය වේගයෙන් වියැකෙමින් ඇති බව හදාරන්නන්ගේ මතයයි. ක්‍රමයෙන් ඔවුන් නවීන ලෝකයේ මිත්‍රත්වය දෙසට නැබුරු වෙමින් සිටිනවා, ඔවුන් පවසනවා. “සමාජජාලා විසින් ලෝකය නැවත ලියන්නට කටයුතු කරමින් සිටීම තව දුරටත් මත්වාදයක් නොව අප අත්විඳිමින් සිටින්නක්.” ඒ ඔවුන්ගේ අදහසයි. සැබැවින්ම අපගේ මිතුරු සබඳතාවල සිට ඉහලට වන තොරතුරු හුවමාරු හැකියාවන්, මිළඳී ගැනීම් හැකියාවන් , කන්ඩයම් ගතවීමේ හැකියාවන් අදී මෙකී නොකී බොහෝ දේ සදහා ඉලෙක්ට්‍රොනික අනන්‍යතාවය ප්‍රමුක සමාජ ජාලා මැදිහත්වීම වේගයෙන් සිදුවෙමින් ඇත. තාක්ශනිකව මෙන්ම භාවිත පලපුරුද්දෙන් මේ වන විට ව්‍යාජ අනන්‍යතා සමග ගැටලු ඇති වීම ක්‍රමයෙන් පහත වැටෙමින් තිබීම මේ සදහා එක් ප්‍රධාන හේතුවක් වනවා විය යුතුය.
තම 12 වන සමුරුව හමුවේ Facebook හි  Mark Zuckerberg  පවසා සිටියේ 2030 වන විට ලොව බිලියන 7ක් වන පිරිස අතරින් බිලියන 5ක් තම සමාජ ජලා වෙබ් අවකාශය වෙතට ගෙන්වා ගන්නට තමන් සැලසුම් කරමින් සිටින බවටයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ කලකට ඉහතදී පැවති මතයක් වූ සමාජ ජලා විසින් සැබෑ මිනිස් සබඳතා අවසන් කරමින් සිටිනවා යැයි චෝදනාව මේ වන විට වෙගයෙන් විය කෙමින් ඇති බවයි. උදා හරනයක් ලෙසට Oxford University  හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ සාමාන්‍යයෙන් ඔබගේ සමාජ ජාලා මිතුරන් අතරින් 15 දෙනෙකුවත් ඔබගේ ගැටලු වෙනු වෙන් emotional support මට්ටමින් ඉදිරිපත්වීමක් සිදු වෙමින් ඇති බවයි.
තවමත් නොමග යැවීම් ඔස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට මෙන්ම හානිකර අදාල භාවිතාකරන්නාගේ උපාංගය වෙතට යවන්නට වන පොලබවාලීම් ක්‍රියාත්මක වූවද තාක්ශනික මෙන්ම භාවිත පලපුරුද්දෙන්  පෙරට වඩා ඒවා සාර්ථකත්වය අවම වෙමින් තිබෙන අතර දැනුමින් මෙන්ම වගකීමෙන් කටයුතු කරන්නට කැමතිවන භාවිතාකරන්නන්ගේ සංක්‍යාවද වේගයෙන් ඉහල යමින් තිබෙන බවටයි මේ වාන් විට දක්නට ලැබෙන්නේ.

Google Plus සරල පහසු කරයි…

                     Google Plus යනු ගූගල් සමාගම විසින් හඳුන්වා දෙන ලබන සමාජ ජලාව වේ. ආයතනය එය හඳුන්වා දීමේදී බලාපොරොත්තුවූ භවිතාකරන්නන්ගේ අවධානය අඩුමට්ටමක පැවතිම හේතුකොට ගෙන මෙම මාර්තු මාසයේදී එයට සංයුත්තව තිබූ Google+ services Hangouts, Photos, හා Streams වැනි අමතර අංගයන් ඉවත්කර දමන්නට එම ආයතනය කටයුතු කරන ලදී. සමහර හදාරන්නන් පෙන්දා දෙමින් තිබුනේ Google ආයතනය තම Google Plus සේවාඅ නවතා දමන්නට බෙහෙවින් ඉඩ තිබෙන බවකි.  නමුත් මේ වන විට Google ආයතනය තම සමාජජාලාව වඩාත් සරල හා පහසු භාවිතාවකට උචිත වෙනස් කම් සමග ප්‍රථිසංස්කරනය කර තිබෙනවා. නව භාවිතාව ප්‍රධාන වශයෙන් “Communities” හා “Collections.” ස්වභාවයට එනම් භාවිතාකරන්නන් අතර ඔවුනගේ ප්‍රියතම topics වලට සංවාදීව එක්වීමට හා ඒවාට අදාල වන photography ආකාරයේ තොරතුරු වැඩි වැඩි යෙන් එකට එක් කරන්නට පොලබවන ආකාරයට බවටයි පැහැදිලි කෙරෙමින් ඇත්තේ. එසේම එම වෙබ් අඩවිය iOS නැතිනම් Android වැනි භාවිතාවන් සදහාද වඩාත් නම්‍ය වන ලෙසට වන දියුනු කිරීම් රාශියක් ගෙනැවිත් ඇති බවායි පෑඑදිලි කෙරෙන්නේ. Google PluS වල මෙම නව සංස්කරනය ඉදිරියේදී ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙතට මුදා හරිමින් තිබෙන බවටයි වර්ථා කරන්නේ.

LinkedIn ද Microsoft යටතට…

    ප්‍රධානතම වෘතිකයන්ගේ මට්ටමේ ජාලාවක් ලෙසට ගැනෙන LinkedIn සමාජ ජාලය මිලියන 433ක භාවිතාකරන්නන්ගෙන් සමන්විත වනවා. Microaoft ආයතනය මෙම සමාජ ජාලය ඩොලර් බිලියන 26.2 ක වටිනාකමකට මිළඳී ගැනීමකට සැරසෙමින් සිටිනවා. Microsoft හි CEO වරයා වන  Satya Nadella පවසන්නේ තමන්ගේ අවධානයක් දිනා ගත් ආයතනයක් ලෙසට මෙම සමාජජාලාව දීර්ග කාලින හැදෑරීමක් සිදුවූ බවයි. දැනට සිදුවන එකගතා වලට අනූව එහි ප්‍රධාන විධායක Jeff Weiner  ඉදිරියටද එම තනතුරෙහි සිටින්නට නියමිත අතර  නව සැලසුම් වලදී පුද්ගල මට්ටමේ මෙන්ම ආයතන මට්ටමේ තව තවත් භාවිතාකරන්නන් මෙම සමාජ ජාලයට කැදවා ගැනීමට බලාපොරොත්තු වන අතර ඉලක්කගත දැන්වීම් කරනය ලාභ ලැබීමේ ප්‍රධාන අංගය ලෙසට යොද අගන්නට නියමිතව තිබෙනවා. දැනට ඩොලර් 196ක කොටස් මිළක් මෙම ආයතනය සදහා වන අතර 2011දි ඩොලර් 45 ගනනේ වන කොටස් මිළකට කොටස් වෙළඳ පොලට පිවිසෙනට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය මට්ටමේ අනුමැතියෙන් අනතුරුව LinkedIn ආයතනය Microsoft හි වෙළඳ ධාරාවට එක්වනු ඇත.

Posted in Microsoft, Social Networks |

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත.

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් හා සමීප සමාජ ව්‍යුහයේ නිරන්තර ‍රැකවරනය පුරුදු නව යොවුන් දියනිය විටක සමස්ථ සමාජය මතටම අසීමිතව විවර කරන්නට එය සමත්ව ඇත. සැබෑව නම් ලමා තරුන වැඩිමහලු ඔනෑම කෙනෙක් සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයේ අතරමං කරවන්නට තරම් එයට ශක්‍යතාවයක් මුල් ස්වභාවයෙන් ලැබී ඇතුවා සේය. එක් දිසාවකින් පුපුරවමින් සිටින සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයත්, තවත් දෙසකින් වඩ වඩාත් බලත්මක වන ප්‍රාග්ධන ක්‍රියාවලියේ විසිතුරු බවත් සමස්ථ පෘතුවි සමාජයම අන්ද මන්ද කර ඇතුවා සේය. විටක එය නව ලෝක රටාවක් ලෙසට “විශ්ව ගම්මානය” තුලට අපව වඩ වඩාත් සිරකරන ගමන්ම, තව දිසාවකින් පුද්ගල අවකශය තුල ඔවුන් තව තවත් අතරමං කරවමින් සිටී. “ඔබ” ඔබම නොවන බව පවසන්නට පමනක් නොව “ඔබ” නොවන ඔබ නිර්මාණය කරන්නට දැනටමත් කටයුතු ආරම්භව ඇත. සරලව පවසන්නේ නම් ඔබ නොදන්නා ඔබේ ආශා පද්ධතිය නිර්මාණය කරන ඔවුන් සැබෑ ඔබව මුන ගස්වන වගකීම භාර ගැනීම වැඩි ඈතක නොවුනු ඇත. – Pubudu Siriwansa

චීනය සමාජජාලා භවිතයටද වැටකඩුලු ගෙනේ!!

  තොරතුරු ලෝකයේ නිදහස් ගලායාම සදහා නෙක ආකාරගත් අවහිරයෙන් විටින් විට විවිධ රටවලින් පලවීම සාමාන්‍ය ක්‍රියාවක්ව ඇත. ඇමරිකානුවන්ගේ තොරතුරු අනවසරයෙන් එක් ‍රැස්කරන බවට වූ චෝදනාව පසුගිය කාලයේ මහත් අවධානයක් ලබා ගත්කාරනාවක්ව පැවතුනි. චීනය මෙවන් ගැටලු සදහා නිරන්තරයෙන් කියවෙන නමකි. පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ Facebook, Twitter , Tumblr වැනි සමාජ ජාලා සදහාද තම Great Firewall of China ක්‍රියාත්මක කරවීම අරබා ඇති බවකි. පසුගිය දින වලදී චීනය Google services වලට එරෙහිවද තම e වාරනයන් ගෙනෙන්නට කටයුතු කල අතර එරට සමහර පුරවැසියන් මෙම බාදකය ජය ගැනීම සදහා VPN ආකාරයේ භාවිතාවන් සදහා කටයුතු කරන්නට පුරුදුව සිටි මුත් පලවන නවතම තොරතුරු පැහැදිලි කරන්නේ එරට රජය තම censorship system වල නව දියුනු කිරීම් සමග ඒවා bypassing හැකියාව අවම කර දමන්නට සමත්ව ඇති බවකි.

Facebook හි Android ,iOS App සදහා app usage tracking පහසුවක්….

  පසුගියදාක පලවූ නවතම ගනන වාර්ථාවක්ද Facebook වල පැවැත්ම පිලිබදව කුතුහලාත්මක තොරතුරු ගෙනිනි. එම ගනනයන් පැවසුවේ Facebook වල ජනංප්‍රියතාවය අඩුවීමක් පෙන්නුම් කරමින් සිටින බවකි. වැඩි භාවිතාව තුලම ස්වභාවයෙන්ම එන ගැටලුකාරී තත්වයන් නොසැලකුවද වෙළඳ ප්‍රවර්ධනයන් සදහා වැඩි ඉඩක් වෙන්වීම , ආදුනික භාවිතාව තුල පහසුවෙන් අනවශ්‍ය ලෙසට අනවශ්‍ය භාවිතාකරන්නන් හට විවරවීමේ හැකියාව වැනි බොහෝ හේතූන් මේ සදහා කලක් ඇබ්බැහියක ස්වරූපයෙන් වේගයෙන් පැතිර යන මෝස්තරයක පෙනුම ගත් මෙම භාවිතාව වෙතට යොමු වීමේ වේගය වේගයෙන් පහල යමින් තිබෙන බවටයි විචාරනය වන්නේ. Facebook ආයතනය තම භාවිතාකරන්නන්ගේ ආරක්ශාව පිලිබදව සැලකිලිමත් වෙමින් privacy check-up toolයක් හඳුන්වා දෙමින් වඩාත් පහසුවෙන් තම පල කිරීම් විවෘතවීම පාලනය කිරීමේ හැකියාව භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට කටයුතු කරන ලදී. ආයතනය පවසන නවතම නිවෙදනයක් හෙලි කරන්නේ භාවිතාකරන්නාගේ තොරතුරු වඩාත් පාලනයට ඔවුන්ට ඉඩ සලසමින් Android ,iOS app ඔස්සේ සිදුවන app usage tracking සදහද දැන් පහසුකමක් ලාබදෙමින් සිටින බවකි.