Back to Top

Category: Software

Windows 10 මීලග ප්‍රධාන සංස්කරනයේ පැමිනීම …

Microsoft ආයතනයේ CEO වරයා පවසන්නේ මෙමස 24 නියමිත virtual event වලදී තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රවනතා හඳුන්වා දෙන්නට නියමිත බවයි. Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය හැඩයේ සිට එහි වඩාත් සුනම්‍ය ක්‍රියාකාරීතවය මෙන්ම වඩාත් පුලුල් වන හැකියා වපසරිය දක්වා දියුනු කිරීම් රාශියක් මෙම නව පැමිනීම තුල සමන්විත වන්නට සූදානම් බවටයි ඔහු පවසන්නේ. 2021 දේවන භාගයේදී පමන Windows 10 වල මීලග ප්‍රධාන සංස්කරනයක පැමිනීම නියමිත අතර Sun Valley සංකේථ නාමය යටතේ එහි මූලික සංස්කරනයන් ආයතනය තුල අංවර්ධය වෙමින් පවතින බවටයි නොනිල ආරන්චි පවසා සිටින්නේ. හදාරන්නන්ගේ අවධානය දිනාගත් Windows 10X ව්‍යාපෘතිය මේ වන විට Microsoft ආයතනය නවතා දමා ඇති අතර එහි වූ විශේෂිතතා ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග සමන්විතව පැමිනෙන්නට නියමිත බවටයි බලා පොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්….

  අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන Avast ආරක්ශක මෘදුකාංගය වඩාත් දියුනු කල ආරක්ශක අංගයන් කිහිපයකින්ම සමන්විතව පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.AutoSandbox පහසුව සැලසහිත ගොනු සදහා වඩාත් සාර්ථව හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුනු කරන ලද  cloud scanning පහසුව වෙගවත් යාවත්කාලීන නිකුත්කිරීමේ හැකියාව පමනක් නොව හානිකරයන් ඉවත්කිරීමේදී වැඩි දියුනු කරන ලද නව යාන්ත්‍රනය මෙහි ඇති කැපීපෙනෙන කාරනවලි කිහිපයක් ලෙසටයි දැක්විය හැක්කේ. මීට අමතරව web browser pluginsඔස්සේ වෙබ් සැරිය වඩාත් ආරක්ශා කර දීම  Do-Not-Track (DNT) පහසුව මෙන්ම  SafeZone ඔස්සේ අන්තර්ජාලය තුලදී වන ගනුදෙනු සදහා වඩාත් ආරක්ශිත අවකාශයක් නිර්මානය කරදීම පමනක් නොව පද්ධතිය හදිස්සි බිඳ වැටීමකදී භාවිතයට ගත හැකි Rescue disk භාවිතාකරන්නෙකුට පහසුවක් වනු ඇත. මෙම ආරක්ශක මෘදුකාංගයේ නවතම සංස්කරනයක් වන මෙහිදී හඳුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම නිවරදි කරන්නට කටයුතු කර ඇති බවටත් එම ආයතනය නිවේදනය කර සිටිනවා.(මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය අමතර මෘදුකාංග ස්ථාපනය වලකා ගැනීම සදහා කල්පනාකාරීව එහි පියවරයන් පසු කිරීම වැදගත් වනු ඇත. සමහර විට එම අනවශ්‍ය මෘදුකාංග කොටස් ස්වංක්‍රීයව ස්ථානයට හැකිවන සේ සැකසුම් වී එම පියවරයන් අතර වන බැවින් කල්පනා කාරීව සිට අනවශ්‍ය එකගවීම් (හරි ලකුනු වැනි) මග හරින්නට කටයුතු කල යුතුවේ.)

මෙතැනින් එම මෘදුකාංගයේ නවතම සංස්කරනය ලබා ගන්නට හැකි වනු ඇත

Posted in Software | Leave a reply

BleachBit 1.6 සමග Hard Disk නිදහස් කර ගනිමු…

  පරිගණකයේ දෘඩතැටිය(Hard Disk) පිරී යන්නේ ඔබගේ දැනුවත්ව සිදුකරනු ලබන ගොනු හුවමාරු වලින්ම පමනක්ම නොවේ. ඔබ විසින් කරනු ලබන බොහෝ ක්‍රියාවන් සමග තාවකාලික ගොනු(temporary files) , cache , cookies , Internet history , junk ආදී වන නෙක ආකාරගත් ගොනු වර්ග වලින් එය සිදුවේ. මේවයින් සමහරක් ගොනු වර්ග ඔබට ඉවත්කිරීමට මෙහෙයුම් පද්ධතිය විසින්ම ලබා දෙන Tool වලට හැකි වන නමුත් සමහර විටක එම ගොනු සැගව ඇති ස්ථාන සොයා ගන්නට පවා අපහසු විය හැක. තවත් විටක පැහැදිලි අවබෝධයකින් තොරව ඒවා මකාදමන්නට කටයුතු කිරීම අමතර ගැටලු ගෙනෙන්නට හේතුවක්ද විය හැක. BleachBit නම් මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ මෙවැනි අවස්ථාවල් වලදීය. Linux හා Windows මෙහෙයුම් පද්ධති සමග ක්‍රියාත්මක වීමට සූදානම්ව පැමින ඇති මෙම මෘදුකාංගය Firefox, Internet Explorer, Adobe Flash, Google Chrome, Opera ඇතුලු applications 90ක් සමග නිර්මානය වන එවන් ගොනු මකා දමන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවද මෙම මෘදුකාංගය සමග එන shredding files වැන්නක් ඔස්සේ recovery කරන්නට නොහැකිවන ආකාරයට ගොනු මකා දැමීම සිදුකරන්නටද හැකි වන බවටද පැවසෙනවා. නොමිළේ භාවිතා කල හැකි ආකාරයට එන විවෘත මෘදුකාංගයක් වන මෙහි නවතම සංස්කරනය පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ පිවිසෙන ඔබටද පහසුවෙන් ලබා ගන්නට හැකි වනු ඇත.

http://bleachbit.sourceforge.net/download/file?file=BleachBit-1.6-setup.exe

Posted in Software |

Eusing Cleaner 4.0 සමග පහසු පරිගණක භාවිතාවක්!!

   මෙම මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ system optimization හා privacy cleaner tool එකක් ලෙසටය. එය ඔබගේ පරිගණකයේ වන භාවිතා නොවන ගොනු, invalid registry entries, internet historyය මකා දැමීම, මෙන්ම අමතරව plug-in support සමග තවත් බාහිර වැඩස්ටහන් 150ක පමන history මකාදැමීමට සහය වන බවටයි ප්‍රකාශවන්නේ. ඔබට පහසුවෙන් එක Click කිරීමක් ඔස්සේ බ්‍රවුසරයේ වන cache, cookies, history, typed URLs, auto complete memory, index.dat වැනි තොරතුරු මෙම මෘදුකාංගය ඔස්සේ මකා දමන්නට හැකිවන අතර දත්ත නැවත ලබා ගන්නට නොහැකි වන ලෙසට overwrite කිරීම ඔස්සේ දත්ත සම්පූර්නයෙන් මකා දමන්නටද මෙහි තොරා ගැනීමක් අවස්ථාවක් වීම වඩාත් සිත් ගන්නා සුලු වනු ඇත. තවද registry cleaner සමග Windows registry වල වන invalid හෝ obsolete information සැකසීම ඔස්සේ වඩාත් නිවැරදි හා වේගවත් පරිගණක භාවිතාවක් ලබා දෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවදුරටත් මෙහි වන registry defragmentation ඔස්සේ Windows registry නැවත පිලිවලට සකසමින් නිවැරදි ක්‍රියා කාරීත්වයක් ඔබ වෙතට ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවටයි නිවේදනය වන්නේ.

Eusing Cleaner 4.0

Posted in Software |

Picasa සමග ඡයාරූ ගොනු පහසුවෙන් හසුරවමු!!

    Picasa මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ පහසුවෙන් පරිගණකයේ වන ඡායරුවක් edit, share කරදෙන්නට මැදහත්වන මෘදු විසඳුමක් ලෙසටය. ඔබ මෙම මෘදුකාංගය විවෘත කරන හැම විටම එය ස්වංක්‍රීයව පරිගණකයේ වන pictures තොරා ගනිමින් ඒවා වර්ගකර පහසුවෙන් ඔබට තොරා ගන්නට හැකි වන ලෙස visual albums වෙතට ගොනු කිරීම සිදුකරනු ලැබේ. ඔබටද පහසුවෙන් ඒවා drag and drop ආකාරයට හසුරවමින් සකසා ගන්නට එය සහය වනු ඇත. එපමනක් නොව මෙම මෘදුකාංගය එම ඡායාරූප one-click fixes ආකාරයට සකසා ගන්නට සහය වන්නේ effects, advanced editing පහසුවෙන් එම ඡායාරූ මතට ගෙනෙන්නට සහය වෙමින්. එසේම ඒවා ඔබගේ වෙබ් අවකාශයකය නංවාලන්නට, CD එකක් මතට ගෙනයන්නට පමනක් නොව Email කරන්නට හෝ Print කරන්නටද සහය වනු ඇත.

Picasa 3.9 Build 139.161

Posted in Software |

Andy OS සමග මොබයිල් ලෝකය DeskTop මතට ගෙනෙමු!!

   මෙම මෘදුකංගය ඔබගේ සහයට එන්නේ desktop හා mobile computing අතර වන පරතරය සංහිඳවා ලන්නටය. සරලව පවසනේ නම් Android OS feature ඔබගේ PC හෝ Mac මත ධාවනය කර පෙන්වන්නට එය සහය වනු ඇත. මොබයිල් උපාංග සමග කටයුතු කරමින් සිටින විටදී වන බහුල අත්දැකීමක් වන සීමිත ඉඩකඩ ඉක්මව යමින් එහි වන ap අත්දැකීම් මෙම මෘදුකාංගය ඔසේ DeskTop වෙතට ගෙනෙනට සමත්වන අතර ඔබගේ Smart දුරකථනය දුරස්ථපාලකයක් ලෙසට සහභාගී කරගනිමින් එම අත්දැකීම වඩාහ් විසිතුරු කරගන්නට හැකි වනු ඇති බවට ඔවුන් පොරොන්ඳුවෙනවා. එසේම ඔබගේ ප්‍රියතම communication mobile apps ඩෙස්ක් ටොප් මතට ගෙනෙන්නට මෙම මෘදුකාංගය සහය වීම වඩාත් ආකර්ශනීය වනු ඇත.

Andy OS 0.43

Posted in Android, Software |

වේගවත්, ක්‍රමවත් PC ක්‍රියාකාරීත්වයකට Baidu Cleaner..

   Baidu Cleaner යනු CCleaner සඳහා පැමිනෙන විකල්ප විසදුමක් ලෙසට විස්තර කෙරේ. ඔවුන් එහි හැකියාව පැහැදිලි කරන්නේ clicks කිහිපයක් සමග system clutter, junk files ඉවත්කර දැමීම, පරිගණකය වේගවත්කරදීම මෙන්ම දෘඩ තැටියේ ඉඩකඩ සොයා දීම වැනි කටයුතු සදහා මැදිහත් වන්නට සූදානමින් සිටින මෘදුකාංගයක් බවයි. දියුනු කරන ලද cloud-based PC තාක්ශනයක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය සමග clean, organized පරිගණකයක් සහතික කර සිටිනවා. මීට අමතරව පැමිනෙන Software Uninstaller, Startup Manager, Large Files Cleaner හා Plugin Cleaner වැනි මෘදුටූලයන් සමගද වඩාත් නිවැරදි පරිගණකයක් සහතික කරන්නට ඔවුන් පොරොන්දු වනවා.

Baidu Cleaner 6.0.0.112568 Beta

Posted in Software |

KMPlayer සමග multimedia අත්දැකීම අපූර්ව කර ගනිමු..

   KMPlayer යනු භාවිතාකරන්නන් අතර ඉතා ජනංප්‍රිය ප්ලේයර මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ. බොහොමයක් ගොනු වර්ග (formats) සදහා සහය දක්වන media playerයක් මෙන්ම වඩාත් සුපැහැදිලි රූ රටා ගෙනෙන මෙන්ම හඬ රටා ගෙනෙන මෘදුකාංගයක් ලෙසට ඔවුන් එය අගයනු දැකිය හැකිය. මෙම මෘදුකාංගය සහය දක්වන Format අතර VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia හා QuickTime ඇතුලු තවත් බොහොමයක් වන අතර වඩාත් පුලුල් ආකාරවල subtitles සදහා සහය දැක්වීමද සිදුවේ. එසේම මෙම මෘදුකාංගය සමග audio, video වන් capture කර දෙන්නට හා screenshots ලබා දෙන්නටද එය සහය දක්වනු ඇත. තාක්ශනිකව ලබා ගත හැකි මීට අමතර බොහෝ පහසුකම් සමග එන මෙම මෘදුකාංගය Tablet උපාංග සමගද, ස්පර්ශකතිර සහය වැනි මෙහෙයවීම් අවශ්‍යතාවලට සහයද දක්වන මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ.

http://update.kmpmedia.net/player/download/52

Posted in Software | Leave a reply

VLC Media Player නවතම සංස්කරනයක් පැමිනේ…

    කවර මට්ටමක භාවිතාකරන්නන් අතර වුවද පොදු මෘදුකාංග අවශ්‍යතාවයන් අතර Media Player මෘදුකාංගය වැදගත් තැනක වේ. audio මෙන්ම video ගොනුවක ධාවනය බොහෝ විට මේ සියල්ලන්ටම වන අවශ්‍යතාවයක් වීම මෙයට හේතුවේ. මීලගට හමුවන ගැටලුව වන්නේ බොහෝ විවිධාකාර ගත් ගොනු රටා සදහා එකම Player එකක් නොසෑහීමය. සමහර භාවිතාකරන්නන් මේසදහා විසදුම ලෙසට යොදාගන්නේ විවිධ ගොනු සදහා සහය දක්වන Players කිහිපයක් තම පරිගණකයේ ස්ථාපනයට කටයුතු කිරීමයි. මෙම භාවිතාවද ගැටලු සහගත වන්නේ මේවා අතර මතුවිය හැකි සංකීර්නතා මෙන්ම ඒවා යාවත්කාලීන වීමට ස්වංක්‍රීයව ක්‍රියාත්මකවීම වැනි කාරනා බොහෝ විට මතුවීමය. සාමානය භාවිතාකරන්නෙකුට මේ සදහා වන හොඳම විසඳුම වන්නේ වඩාත් වැඩි ගොනු වර්ග ප්‍රමානයකට සහය දක්වන Player මෘදුකාංගයක් තොරා ගැනීමය. Vlc Player යනු මේ සදහා ඇති ප්‍රධානතම තොරා ගැනීමක් ලෙසටයි පිලි ගැනෙන්නේ. streaming server දක්වා වන බොහෝ පහසුකම් සහිතව එන මෙම Playerය MKV/Opus/VP9, H.265, Ogg/VP8, CAF, raw H.265 වැනි නවීන ගොනු වර්ග සදහාද හොඳින් සහය දක්වන බවටයි දැක්වෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ එම වෙන් අඩවිය වෙතට පිවිස එම මෘදුකාංගයේ නවතම සංකරනය දැන් ලබා ගන්නට ඔබට හැක.

http://www.videolan.org/

Posted in Software | Leave a reply

Windows phones සදහා වන VLC media player බීටාවට දැන් අයදුම් කල හැක…

  VLC media playerය භාවිතාකරන්නන් අතර වඩාත් සිත්ගත් මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. x86 devices අතර වඩාත් භාවිතා වෙමින් ඇති මෙහි windows 8 සදහා වඩාත් අපූර්ව සංස්කරනයක් “modern” style app එකක් ලෙසට පැමින තිබුනු. ARM devices මට්ටම මේ භාවිතාකරන්නන් සදහා පැමිනෙන සංස්කරනයක් පිලිබද විටින් විට නිල නොවන තොරතුරු පලවෙමින් තිබුනු මුත් මේ වන විට එහි නිපැයුම් කරුවන් Windows Phone සදහා වන VLC Media Player සංස්කරනයේ beta test සදහා සහභාගී වන්නට කැමති අය සදහා අයදුම් කරන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. අයඩ්ගුම් කරන්නන් මතක තබා ගත යුත්තක් වන්නේ මෙම සංස්කරනය පෙර අත්හදා බැලීමේ මට්ටමේ එකක වන බැවින් bugs මෙන්ම broken ගැටලු සදහා සූදානම්ව එය ස්ථාපනයට සූදානම් විය යුතු බවයි. ඒ සදහා පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිස අදාල Formය ඔස්සේ අයදුම් කල හැකි වනු ඇත.

Participate to the VLC for WP Beta

VLC දැන් සැබෑ Universal App (Windows) එකකි..

  දෛනික ජීවිතය තුලට දත්ත උපාංග එක්කට වඩා භාවිතයට පැමිනීම සාමාන්‍ය ස්වභාවයක් වෙමින් ඇත. මේ තුල හමුවන ප්‍රථම පංතියේ ගැටලුවක් වූවේ තමන් පෙර කටයුතු කරමින් සිටි ක්‍රියාකාරකම නව උපාංගය සමග ඉදිරියට ගෙන යන්නට ඇතිවු අපහසුතාවය විය. Microsoft සමාගම මේ සදහා යෝජනාකල විසන්දුම වූවේ Universal App සංකල්පයයි. මේ වන විට Windows Phone හා Windows 8.1 අතර සාර්ථකව භාවිතාවිය හැකි VLC media player app එකක් හඳුන්වා දෙමින් එය සාර්ථක Universal App තත්වයට පත්ව ඇති බවට වාර්ථාවනවා. Windows 10 සමගද මනාව සැසදෙන සංස්කරනයක් ලෙසට දියුනු කර ඇති මෙහි හදුනා ගෙන තිබූ දුර්වලතා රාශියක් සමනය කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.

Posted in Software |

VLC Player 2.2.0 නිකුත්වේ..

  ඔබ මොන ආකාරයක දත්ත උපාංග භාවිතාකරන්නෙකු වුවද Media Player ඔබ වෙතට වන ප්‍රධාන අනිවාර්ය අවශ්‍යතාවයන් වන්නේය. මේ සදහා මොනතරම් විසඳුම් වූවද භාවිතාකරන්නන් අතරවඩාත් සිත්ගත්, භාවිතාවක් දිනාගත් Media Player ලෙසට පිලි ගැන්නේ VLC Media Player ය. විවෘත ගනයේ මෘදුකාංගයක් ලෙසට ගැනෙන මෙහි VLC Media Player 2.2.0 සංස්කරනය පසුගියදා නිකුත්කරන්නට එම ආයතනය කටයුතු කරනු ලැබුවා. ආයතනය පැහැදිලි කලේ වසරකට වඩා කාලයක කටයුතු ඔස්සේ දියුනු කර ඇති මෙහි හඳුනා ගෙන තිබූ දුර්වලතා දහස් ගනනක් පිලිසකර කරන්නට මෙන්ම සහය දක්වන formats ප්‍රමානය වැඩි කරන්නට නව සංස්කරනය සමග හැකිව ඇති බවයි. මෙම නිකුතුව PC සංස්කරනයට අමතරව OS, Android, Android TV, WinRT, Windows RT, හා Windows Phone ලෙසට වනාශ්‍රිත සංස්කරනයන්ගෙන්ද සමන්විත වන බවට ඔවුන් පවසනවා.නව සංස්කරනය Ogg, MP4, හා WMV සමග කටයුතු කිරීමේදී වැඩි දියුනු කර ඇති අතර resume playback හා පෙර නැරබූ වීඩියෝවක් පහසුවෙන් නැවත විවෘත කිරීමේ හැකියාව ආදිය වන බවටත් පැවසෙනවා.

http://www.videolan.org/vlc/releases/2.2.0.html

Posted in Software |