Sony ආයතනය නිවේදනය කරන්නේ දැනට වන ලොව වේගවත්ම SD කාර්ඩ් පත නිකුතුවට තමන් සූදානම් වෙමින් සිටින බවයි. එය write speeds 299 MB/s හා read speed 300 MB/s දක්වා වෙගවත් භාවිතාවක් රැගෙන එන්නට සූදානම් බවටයි එම ආයතනය පවසන්නේ. අධිසුපැහැදිලි මට්ටමේ රූ ගත කිරීමකට අවශ්‍ය වෙගවත් බව මෙන්ම කෙටි buffer Time අවශ්‍යතාවය නිසා පහසු බවක් ගෙනෙනට සමත් බවටයි පැහැදිලි කෙරෙන්නේ. 32GB, 64GB හා 128GB ධාරිතාවකින් යුත් මෙම මතක පත් higher-resolution images හා 4K video භාවිතාවන් වලදී මනා සහයක් ගෙනෙන බවට පැවසෙනවා. මෙම ආයතනය විසින් දියුනු කරන ලද algorithm භාවිතයෙන් එම high-speed shooting භාවිතාව ගෙනෙනවා සේම water-proof හා anti-static බව භාවිතාකරන්න වෙතට වඩාත් ආකර්ශනීය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මීට අමතරව ආයතනය විසින්ම දියුනු කර ලබා දෙනු ලබන මෘදුකාංග File Rescue software හරහා වාඩාත් විස්වාසනීය බවක්ද ගෙනෙන බවට සහිතක කර සිටිනවා. දත්ත හුවමාරුවේදී USB3.1 Gen1 මුහුනත සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සමත් මෙම නිමැවුම Spring 2017 වලදී පැමිනෙනු ඇති බවටද බලාපොරොත්තු වෙනවා.
