Back to Top

Category: Sony

මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට …….

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. “ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි…. මම බීටාව. – Pubudu Siriwansa

Posted in Future, Sony, Tharu Minisa |

SONY ගෙනෙන 4.9mm ප්‍රමානයේ BRAVIA televisions පෙල

  වසරේ අපූර්වතම ඉලෙක්ට්‍රොනික නිමැවුම් පෙල එකිනෙක හමුවන “Consumer Electronics Show” වලදී Sony වෙතින් පැමිනෙන “BRAVIA” නම් රූපවාහිනී නිෂ්පාදන පෙල දැනට ලොව පවතින සිහිනිතම(thinnest) රූපවාහිනි නිකුතූන් ලෙසට සටහන් වනවා. එහි වන X9000C මෝස්තර පෙලෙහි 4.9mm සිහින් නැතිනම් iPhone 6 සමග සසදද්දී තුනෙන් එකක තරම් සිහින් අඟල් 55-, 65-හා75- ප්‍රමානයේ නිකූත් පිලිබදව Sony වෙතින් හැදින්වෙන්නේ “a new Floating Style” ලෙසටය. 5.0 Lollipop ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් සංක්‍රිය වන මෙම නිෂ්පාදනයන් සමන්විත වන්නේ වඩාත් තීව්‍ර contrast හා colour ගෙනෙන්නට සමත්වන sony නිපැයුමක් වන ‘4K Processor X1’ ප්‍රොසෙසරයකින් වන අතර මෙම රුපවාහිනී පෙල voice interactions සහය, Google Play ecosystem සහය මෙන්ම third-party apps සහය පමනක් නොව multiplayer cross-device gaming හැකියාවද වන බවට පැහැදිලි කෙරෙනවා. කෙසේ වෙතත් තවමත් මෙම මෝස්තර පෙලෙහි මිලගනන් හෝ අලවි නිකූතුන් ලිපිබදව තොරතුරු SONY ආයතන ප්‍රකාශයට පත්කොට නැත.

Posted in Digital life styles, Sony |