Microsoft වෙතට Android devices ගෙනෙන්නේ ප්‍රබල අභියෝගයකි. ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Android හමුවේ Windows Phones තම අනන්‍යයතාවය ‍රැක ගන්නට ප්‍රබල උත්සාහයක යෙදෙමින් සිටී. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ special ROM එකක් හරහා Android ධාවනය වන උපාංග වෙතට Windows 10 ගෙන ඒම සාර්ථකව අත්හදා බලා ඇති බවකි. චීන ස්මාර්ට් දුරකථන සමාගමක් වන Xiaomi සමග ඔවුනගේ Mi4 flagship සමග මෙම උත්සාහය සිදු වෙමින් ඇති බවටයි වැඩි දුරටත් පලවන්නේ. මෙහෙයුම් පද්ධති අතර සරලව හුවමාරු වීමේ හැකියාව පසුගිය කාලයේ සිට වැඩි අවධානයක් දිනා ගත් කාරනාවක් වූ අතර වඩාත් තරගයට අවතීර්නය වෙමින් Microsoft සමාගමද එක් ප්‍රමානයකට වඩා අඩු උපාංග සදහා Windows මෙහෙයුම් පද්ධති නොමිළේ ලබා දෙන්නටද තීර්නය කරන ලදී.   – Pubudu Siriwansa