සීතාවක රාජධානී යුගයට පසුව එලබෙන යුගයේදී සීතාවක පුරවරය බොහෝ දුරට වැවිලි ආශ්‍රිත විශාල වතු යායයන් වලින් ගැවසගත් පෙදෙසක් බවට පත්වේ. මේ ආශ්‍රිතව බිහිවන ස්ථාන අතර තවත් සියවසක් පසුකල පූජ්‍ය භූමියක් වන්නේ උක්වත්ත ප්‍රදේශයේ පිහිටි St.Bamabas’ Church නැති නම් “ගල් ගසන්නා දේවස්ථානය” ලෙසටද හැදින්වෙන 1883 ජූනි 11 ආරම්භවූවායි සැලකෙන පල්ලියය. පසුගියදා වසර 110 සැමරුම පසුකරන මෙම දේවස්ථානය බිහිවන්නට හේතුවූවායි සැලකෙන්නේ ප්‍රදේශයේ පැතිරුනු තේ, රබර් වතුයායවල් වල සේවයකල කිතුනුවන්ගේ ආගම ඇදහීම සදහා ස්ථානයක් අවශ්‍යවීමත් සමග බවටයි සැලකෙන්නේ. ඉංග්‍රීසි ජාතිකයන්ට පමනක් සිමාවී තිබූ මෙම දේවස්ථානයට පසුව වතුවල සේවයකල දම්ළ සේවකයන්ටද සතියකට දෙවරක් මෙහි පැමිනෙන්නට අවසර ලැබුනු බවත් පල්ලියේ පැවත්ම සදහා වූ අරමුදල වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 360ක් අය කරන්නටද කටයුතු කරන ලද බවටයි විස්තර වන්නේ. පල්ලිය ආශ්‍රිතව එකල පාසැලක්ද වූ බවට පැවසෙන අතර පසුව එය පුවක්පිටිය වෙතට ගෙන ගියබවත් ඊට අමතරව අවට පාසැල් 47ක් පමන මෙම දේවස්ථානය ආශ්‍රිතව පාලනය වූ බවටයි විස්තර වන්නේ. මුලින්ම සරල සැලසුමක් අනූව ගඩොලින් හා දැවයෙන් නිමව තිබූ මෙම දේවස්ථානය 1940 මෙන්ම 1943 වර්ෂවලදී අලුත්වැඩියා වලට ලක්වූ අතර 1983 හා 1986 දීද හානියට පත්වූ බවත් 2014 වර්ෂයේදී මෙම දේවස්ථානය සම්පූර්නයෙන් නැවත ගොඩ නැගූ බවටත් සදහන්වේ.