හදාරන්නන් පෙන්වා දෙන්නේ කිතුදහම සීතාවකපුරය මත ස්ථාවර වීම සීතාවක මායා දුන්නේ රජු සමය දක්වා දිවෙන බවකි. සීතාවක රාජසිංහ රජතුමන් පානදුර, ගොරකන, සරක්කාමුල්ල වැනි ප්‍රදේශයන් ගෙන් ගෙන්වා ගත මුර සෙබලුන් පිරිසක් ගුරුගල්ල ප්‍රදේශයේ රදවා සිටි බවත් එම කඳුරුවල සිටි පියතුමන්ලාගේ ආභාශයෙන් ගුරුගල්ල වාසීහු කිතු දහම වැලද ගත් බවත් පෙන්වාදේ. අදද මේ පිරිසගෙන් පැවත එන්නන් කැළණි ගඟෙන් එගොඩ තරාල ප්‍රදේශයේ වන බවට ඔවුන් පෙන්වා දේ.1656 වන විට ලංකාව ආක්‍රමනය කරන ලද ලංදේසීහු පෘතුගීසීන් පලවා හැරීම හා කතෝලික දෙව්මැදුරු විනාශකරමින් අදහන්නන් මරණීය දන්ඩනයට නියම කරන්නට වූ විට මුහුදු බඩ ප්‍රදේශවල සිටි කිතුනුවන් ක්‍රමයෙන් රට අභයන්තරයට පැමිනෙන්නට පටන් ගැනීමත් එ සදහා බහුලව භාවිතාවූ අවිස්සාවේල්ල හරහා කන්ද උඩරටට වූ මාර්ගය භාවිතාවූ බවටත් පිලි ගැනෙන අතර එසේ පැමිනි පිරිස අතරින් කොටසක් සීතාවක රාජධානියේ නතර වන්නට පටන් ගත් බවත්, සිහල රජවරුන්ගෙන් මොවුන් වෙතට සහනශීලී පිලිවෙතක් පලවීම මෙයට වඩාත් හේතුවක් වූ බවටත් ඔවුන් පෙන්වා දේ.1692දී සිතාවක ප්‍රදේශයට පැමිනි ජුසේවාස් පියතුමා මෙම අදහන්නන් සදහා වඩාත් උත්තේජකයක් වූ බවටත් ඔවුන් පැහැදිලි කර සිටී.
ඉන් පසුව 1806 දී පමන තෝමස් මෙට්ලන්ඩ් ආන්ඩුකාරතුමා කතෝලික ආගමට එරෙහිව වූ සියලු බාදක ඉවත්කරන්නට කටයුතු කරන ලද අතර 18 වන සියවස මුල් භාගය වන විට අවිස්සාවේල්ල ආශ්‍රිතව මීසමක් පිහිටවන්නටද කටයුතු කරන ලද බවට පිලි ගැනේ. 1863 වන විට අවිස්සවේල්ල මීසම මූලිකව ප්‍රධාන දෙව්මැදුරක් තනා ධර්ම ප්‍රචාරක කටයුතු සදහා ක්‍රමවත් අඩිතාලමක් දමුනු බවටත් කියවෙන අතර 1890 දශකය අවසන් වන විට බුරුතවලින් නිමවන ලද අඩි 4.5ක දේවමාතා ප්‍රථිමාවක් සවිකල බවටත් එය වර්ථමාන දේවස්ථානය ස්ථානය වනතෙක් පැවති බවටත් තොරතුරු කියවේ. 1912දී පමන නැවත අවිස්සවේල්ල නමින් මීසමක් ස්ථාපනය කල අතර සී.එම් කර්බෝ පියතුමන් (1912-1914) මෙහි සේවයට එක්වූ පලමු පියතුමන් ලෙසට ලේඛනගතව ඇත.
