මිනිස් කථාන්දරයේ තවත් සංකීර්නතම යුගයක් පසුකරමින් සිටින සාමාජිකයින් කොටසක් බවට අප පත්ව ඇත. තම දිගු වංශ කථාවේ ඉතා ඈතින් හමුවන අභියෝගයක් ජයගැනීම සදහා ඔවුන් සතු අපූර්ව ජීවවිද්‍යාත්මක මෙන්ම සංස්කෘතික කුසලතා ඉල්ලා සිටින සමයක අප සිටින්නෙමු. මිහිමත ජීව කථාන්දරයේ අතීතය හා සැසදීමේදී මීට වඩා අපමනක් අභියෝග ජයගත් අප මේ අත්දැකීම මනාව කලමනාකරණය කරගනිමින් හෙට දිනට දෙසට තම ජීව සටහන ගෙන යන්නට ඔවුන් සමත් වනු ඇත. ඔවුන් සතු ජීවවිදයාත්මක හැකියා වන් මෙන්ම සංස්කෘතික නවතාවයන් ‍රැසක් මේ නව අභියෝගය යෝජනා කර ඇතුවාසේම හෙට දිනයේදී තවත් අත්පත් කරගනිමින් අප ඉදිරියට යනු ඇත. සැම බිඳ බැටීමක්ම ඔවුන් වෙත සහතික කර ඇති යෝජනා දෙකකි. එනම් ආපස්සට යාම හෝ වඩාත් පිරිපුන් නව ආරම්භයක් සදහා අවස්ථාවක් ලෙසට ඒවා වනු ඇත. විවාදයකින් තොරවම දෙවන ආකාරයේ නව හෙට දවසක් සදහා අප සූදානම් විය යුතුව ඇතියි මම සිතමි.

– Pubudu Siriwansa