ඔබේ පරිගණකයේ දෘඩාංග පරිසරය විධිමත්ව තබා ගැනීම මෙන්ම මෘදුකාංග පරිසරය හොඳින් පවත්වාගෙන යාම වේගවත් මෙන්ම ආරක්ශිත පරිගණක භාවිතාවකට අත්‍යාවශ්‍ය කටයුත්තකි. Windows පරිසරයකදීනම් මාසිකව පැමිනෙන යාවත්කාලින නිකුතුව සමග නිතර භාවිතාවන මෘදුකාංග කිහිපයක් සදහා යාවත්කාලීනයන් පැමිනියද සමස්ථත මෘදුකාංග පරිසරය යාවත්කාලීනව තබ අගැනීම ඉතා වැදගත් වේ. SUMo යනු මේ අවශ්‍යතාවය වඩාත් විධිමත්ව සපුරා දෙන්නට නොමිළේම පැමිනෙන මෘදුකංගයක් වීම ඔබ සිත වඩාත් ආකර්ශනය කරවන කරුනක් වනු ඇත.පහත දැක්වෙන Link එක ඔස්සේ එම මෘදුකාංගයේ නවතම සංස්කරනය ඔබගේ පරිගණකය සදහාද ලබා ගන්නට හැකි වනු ඇත. මෙම මෘදුකාංගය ස්වංක්‍රීයව ස්ථාපිතව ඇති මෘදුකාංග සදහා යාවත්කාලීනයන් සොයා බලා updates / patches වැනි කටයුතු සිදුකරන අතර Beta versions වැනි අවස්ථාවලදී ඔබ වෙතට තොරා ගැනීමේ අවස්ථාවන් ලබදෙනු ඇත. Ignore list ඔස්සේ ඔබට අවශ්‍ය හා අනවශ්‍ය මෘදුකාංග යාවත්කාලීනයන් තොරා තබන්නට සහය වන අතර ව්‍යාජ යාවත්කාලීන වැනි දැ පිලිබදවද අවධානයෙන් කටයුතු කරනු ඇත.

http://www.kcsoftwares.com/files/sumo.7z