හකුරුගල විහාරස්ථානය වලගම්බා රජ දවස දක්වා දිවෙන අතිතයක සටහන් වලින් ගැවස ගත් ඓතිහාසික මෙන්ම ආගමික පමනක්ම නොව ස්වාභාවික වටිනාකම් වලින් පුරුනු පුද බිමකි. මෙහි එක් කෙරවලකින් ගලා බසින දියදහර මේ පුදබිම වෙත ගෙනෙන්නේ මනහර විසිතුරු බවකි. සමහර හදාරන්නන්හට අනූව මෙහි ජලය වඩාත් ඛනිජ බවින් වැඩි ඒවා බවටද මතයක් වේ. විහාරස්ථානයට පසුබිමෙන් වන විශාල ගල් කුළු වලින් ගැවසගත් කඳුයාය සොබා දහමේ අපූරු බව මෙන්ම ඓතිහාසිකව රජදවස නෙක සිදුවීම් රාශියක නෑකම් ඇති බව කියවෙන ජනංප්‍රවාද රාශියකි. ගලින් නිමැවුනු පොකුනක් මෙන්ම බිසෝ පැන්න ගල ලෙසට නම් වන ස්ථාන ඒ අතර වේ,
කටාරම් කෙටූ ගල්ලෙන තුලවන විහාරස්ථානයේ 18 රියන් සැතපෙන බුදු පිලිමයක් මෙන්ම විහාරයේ බිත්ති අලංකාර සිතුවම් වලින් මෙන්ම තවත් අංග රාශියකින් සමන්විතය. හදාරන්නන්ට අනූව වලගම්බා රජ දවසින් පසුව 1811 දී මත්තමගොඩ දිසාව විසින් මෙම ස්ථානය ප්‍රථිසංස්කරනය කල බවක් කියවේ, එසේම මෙම අපූරුනාමය ගැන කියවෙන කථාවකට අනූව ප්‍රදේශයේ දරුවන්ට අකුරුකරවන්නට මූලික වූ විහාරයක්වූ නිසා මෙම නම ලද බවටද කියවේ.
