Back to Top

Category: Tharu Minisa

මිනිස් කුලය ගැන වන සටහනකි.

සමහර රාත්‍රීන් මහත් නිහඬය..

සමහර රාත්‍රීන් මහත් නිහඬය . ආශ්‍රමයේදී මේ අත්දැකීම මහත් බරපතල සමාධියකට කැඳවාලයි. ටිබෙටියානු මිතුරා මෙවන් අවකාශයන් සදහා හොඳම මග පෙන්වන්නෙකි. කුඩා කල සිටම ජීවිතය තුල මහත් සමාධිගත දෙබසක් ඔහු අත්පත් කරගෙන තිබුනා විය යුතුය. බොහෝ විට එය ඔවුන්ගේ සංස්කෘතික උරුමයක් බව මගේ විස්වාසයයි. සොබාදහම හා සංස්කෘතිය අතර පරතරය මේ සදහා හොඳම නිර්වචනයයි.
Pubudu Siriwansa

Posted in Meditation, Tharu Minisa |

මිහිමත ආධිපත්‍ය

වඩාත් රෞද්‍රම හෝ වේගවත්ම සත්වයා නොවුනු ඔවුන් මිහිමත ආධිපත්‍ය අරගලය ජය ගත්තේ තම මනසේ දියුනු වූ හැකියාවන් ගෙනි. අප පසුකරමින් සිටින යුගය වන්නේ මෙම හැකියාවද යන්ත්‍රික කරදමන යුගයයි. එබැව්න්ම එලබෙන යුගය කවර අයුරු ගනීද යන්න තවමත් විවෘත පැනයක්ව තිබේ.
“Tharu Minisa”
– Pubudu Siriwansa

Posted in Lifestyle, Tharu Minisa |

නිහඬ රාත්‍රිය..

නිහඬ රාත්‍රිය ගැබුරු භාවනාවකි. කුටියේ කවුළුවෙන් පෙනෙන ඈත ගම්මාන කඳු මුදුනත වන නිවෙස්වල පහන් සිළු වල සුළු චලනයන් දෙනෙතට ඒකාග්‍රවන්නට මහගු නිමිත්තකි. නගරයෙන් ඔබ්බට වන කඳුමුදුනත ඔස්සේ වූ පා මාවත දිගේ ඔබ මොබ ගිය අනන්තවත් වාරගනන අපමන සංසාරය සේ මතකයට පැමිනෙන්නේ අවසන් නොවන බැදීමක් ලෙසටය. ඒ සංසුන් නගරයේ පහන් කනු අතර මධ්‍යම රාත්‍රිය ඉක්මවන තෙක් හුදකලා සක්මන මැවූ අපමන සහනශිලී මනෝභාවය සිත් පතුල සිට විටින් විට අවදිවන්නේ ජීවිත සංචාරයේ ගැබුරුම මතකය ලෙසිනි.
“Tharu Minisa”
Pubudu Siriwansa

Posted in Tharu Minisa |

දියුනු තරු අළු ගොනු..

ඔහු තත්වය පැහැදිලි කරන්නේ වඩාත් අපූරු ආකාරයටය. විශ්වයේ තවත් සිටිය නොහැකිද අපි වගේම ඉහලට එසැවුනු තරු අළු ගොනු. ස්වයංව චලන නිදහස දිනාගත් තරු අළු ගොනු, මතක තබා ගැනීමේ හැකියාවක් දිනාගත් තරු අළු ගොනු, එම මතකයන් නැවත සකසමින් වඩාත් දියුනු තීර්න ගතහැකි තරු අළු ගොනු. අවසානයේ තම සාර්ථක අත්පත් කරගැනීම් යාන්ත්‍රික කර දමන්නට සමත්වුනු දියුනු තරු අළු ගොනු.
“Tharu Minisa”
-Pubudu Siriwansa

Posted in Tharu Minisa |

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට…

දිගු සැදැවන් උදාවන කාලය පැමින ඇත. සක්මලුවට ඔබ්බෙන් පිහිටි කුඩා ගල් කුල මතටවී නැගෙන හිර අහස්කුස අදුරින් පිරීයන අයුරු බලා හිදීම අපූරු භවනාවක් වැනිය. කැදලි කරා පියාබා යන නෙක පක්ශීන් ගෙන් ගැවසගත් අහස්කුස ලෝකයේ ජීව චක්‍රය ගැන අපූරු උදාහරනයක් මෙනි. බැදීම් මොනතරම් විසිතුරු ලෙස සංස්කෘතිය විසින් සරසා ඇද්දැයි සිතන විට සිතතුල නැගෙන්නේ මහත්වූ පහන් සංවේගයකි. කදුයායවල් දෙක තුනකට ඔබ්බෙන්වන නගරය මේ මොහොතේ මොනතරම් කාර්යබහුලව ඇතිදැයි සිතේ.
වරක් ජර්මනියේදීහමුවු අපූරු තරුනියක් මතකයට නැගුනේ නිතැතිය.ඇය දර්ශනය ගැන කථිකාචාර්යවරියක් වූවාය. අගේ ප්‍රියතම විනෝදාංශයවූවේ ඇය සතුවූ කුඩා ගිටාරයත් ගෙන අප සේවය කල විශ්වවිද්‍යාලයේ පි‍ටු පසින්වූ කදු මුදුනතට නැග අදුර අපවසා ගන්නා තෙක් සියුම් ස්වර කාංඩයන් වැයීමයි. බොහෝ විට ඇය බි‍තෝවන් වැනි අපූරු නිර්මාන කරුවන්ගේ ස්වර කංඩ ‍තෝරාගන්නට කැමතිවූවාය. ” වෙලවකට මට හිතෙනවා වචන කියන්නේ සංගීතය දෙව්ලොව ඉදන් පොලවට ඇදදමන ‍රැහැනක් වගේද කියලා” කිහිපවරක්ම ඇය එසේ මුමුනනු මට ඇසී තිබිනි. කදු පාමුල පිහිටි මාවත් දිගේ අදුරට කලින් නිවෙස් කරා කලබලයෙන් ඇදෙන මිනිසුන් දෙස බල සිටින්නට ඇය මහත්සේ ප්‍රිය කලය. “වෙලාවකට මට හිතෙනවා මම නතර වෙලවත්දෝ කියලා” ඇය කිහිපවිටක්ම මගෙන් ප්‍රශ්නකලා මතකය.

  • Pubudu Siriwansa
    www.avissawella.com
Posted in Short Notes, Tharu Minisa |

තිස් තුන්වන කොටස

ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. “මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත් පැහැදිලිව කිව්වොත් ජීවවිද්‍යාත්මක හා ප්‍රාතමික සංස්කෘතීන් මුලික ආකෘතියක සිට අපට අවශ්‍ය වෙලා තිබෙනවා වඩාත් සංකීර්න දියුනු ආකෘතියක් කරා යන්නට. කොටින්ම කිව්වොත් වඩාත් දියුනු මානසික තලයක සිට ක්‍රියාත්මක වන අවට ලෝකය මීට වඩා සාර්ථකව පාලනය කරන මිනිසෙක් නිර්මාණය කර ගන්නට.” ඔහුගේ විමසිලිමත් බැල්ම අපගේ දෙබස දිගේ වඩාත් ගැබුරට යන්නට මට ආරාධනවක් සේය. “මමත් හිතනවා., මට මතකයි වරක් අපේ හැදෑරුම් ආයතනයට පැමිනි සංචාරක දෙශකයෙකු මතුකල අපූරු අදහසක්. ඔහු කියනවා පාලනය කිරීම ඔස්සේ පරිසරයෙන් අපට එන බොහෝ ගැටලු වලට පලමු හේතුව තමයිලු ඒව හරිම ප්‍රාතමික විදිහට පාලනය කරන්නට උත්සාහ කිරීම. මම හිතනවා මේ ගැමියෝ වගේ විය යුතුයි කියලා. ඔවුන් පරිසරය සමග ගැටෙනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කරනවා. හරියට පෘතුවි ජීවදාමයේ ඉහලින්ම සිටින ජීවියා තමා උනාට ඒ ගැන වැඩිය ආඩම්බර නොවෙනවා වගේ ස්වභාවයක් ඔවුන් තුල තිබෙනවා. ඇත්තෙන්ම ඔවුනුත් තම පරිසරය වෙනස් කරනවා තමයි. හැබැයි හරිම සංයමයකින්. එරෙහිව නොවෙයි සහයෝගයෙන්. හරියටම කිව්වොත් ගැමියා කියන වචනයට පවා නව අර්ථයක් ඔවුන් ඇසුරේදී අපට අලුතින් සොයා ගන්නට සිදුවෙනවා”. අප සටහන වඩාත් අර්ථවත් තලයකට කැඳවන්නට අවශ්‍ය ප්‍රධාන කරුනු බොහොමයක් ‍රැස්ව ඇති බව පැහැදිලිය. ඇයගේ අපූර්ව සහයෝගය උනන්දුව සමග යලිත් උද්‍යානය, නගර කෙරවලේ වන කඳුමුදුනත, අවන්හල වැනි මිත්‍ර පරිසරයන් වඩාත් නිර්මාණශීලීව මේ සටහන් තබ අවසන් කරන්නට අපට සහය වනු ඇත. (68)
හිරු දවස ඇරබෙනවාත් සමග ආශ්‍රම ප්‍රධාන දොර‍ටුව පසුකරලන්නට හැකි විය. ප්‍රමානවත් වේගයක් රඳවාගන්නට හැකි වුවහොත් රාත්‍රිය සමග අඩුම තරමින් අවසාන ගම්මානයේ කදුමුදුනත පසුකරන්නට හැකි වනු ඇත. ගම්මානයේ රත්‍රිය ගතකරන්නට හෝ ගැම්වැසියෙකුගේ සහය ඇතිව ආපසු ආශ්‍රම භූමියට නැවත පැමිනීම එතරම් අපහසුවක් නොවනු ඇත. ප්‍රානවත් උදෑසන ප්‍රබෝධය හාත්පස පිරී ඉතිරී ඇතුවා සේය. ක්‍රමයෙන් වැඩිවන සියත් නාදය ගමන් වෙහෙස නිවාලන්නට ඔසුවක මෙනි. තම වගා බිම් කරා එන ගැමියන් එකිනෙකා හමුවීම සිත හුදකල බවින් මුදවන්නට වදනක දෙකක කුඩා දෙබස මහත් සහයකි.
” මා කෙටි කාලයකට හැදෑරීම් ආයතනය වෙතට ගොස් සිටී. එලබෙන කෙටි කාලයකින් නැවත අප නගරය වෙතට පැමිනෙන්නට සැලසුම්ව ඇත. මා ඉතා කැමැහ්තෙන් අප නැවත හමුව වෙතට බලාපොරොත්තු තබා සිටිමි. ඔබ යොමුලර තිබූ බොහෝ කරුනු පිලිබදව ආයතනයේදී කරුනු ‍රැස්කරගන්නට කටයුතු කරමින් සිටිමි. ඔබ ආශ්‍රමයෙන් පිටත්වූ වහාම මාවෙතට පනිවිඬයක් තබන්නට අමතක නොකරන්න”. බලපොරොත්තු වූ පරිදිම මහත් ධනාත්මක ප්‍රථිචාරයක් ඇය වෙතින් පැමින තිබේ. මදපමනක හෝ දෙගිඩියා මනස විසින් අඩපනකොට තිබූ උනන්දුව ක්ශනිකින් දැල්වූවා සේ දැනිනි. අවශ්‍ය වන පොත්පත් කිහිපයක් හා සටහන් කොල ආදී අඩුපාඩුකම් කිහිපයක් නගරයේ පොත්හල් වෙතින් මිලදී ගත් මා ලහි ලහියේ අදුරට පෙර ආශ්‍රම භූමිය වෙතට එන අටියෙන් ආපසු ගමන් ඇරබුවෙමි. දැල්වෙන බලාපොරොත්තු විසින් ජීවිතය අවධිකරවන ආකාරය පුදුමාකාරය. “ජීවිතයට නිරන්තරයෙන් බලාපොරොත්තු නොපැමිනීම තරම් භ්‍යානක අතරමංවීමක් තවත් නැත” වරක් අප අධ්‍යාන ආයතනයේ ‍රැඟ දැක්වූ අපූර්ව වේදිකා නාට්‍යයක තේමා සටහනක් සිතට පැමිනියේ නිතැතින්ය. බලපොරොත්තුවත් බව හා බලාපොරොත්තු අහිමිවීම අතර ජීවිතය දෝලනයවීම අතර මනා නාට්‍ය රසයකින් ප්‍රේක්ශක මනස රසවත් කරන්නට එම නිර්මානයට හැකිවිය.(69) Pubudu Siriwansa

හයවන සටහන..

මෙහි ස්වභාවය එලෙසය. පැමිනෙන ආගන්තුකයෙකුට එක්වරම ආශ්‍රමයේ කුටියකට යාමට අවස්තාව නැත. එය බල කිරීමක් නොව ආරාධනයකි. ගබඩාකරු එඋඅ පැහැදිලි කර දෙන්නේ ආශ්‍රමයේ රිද්මයට සුසර වන්නට අවශ්‍ය කාලය ලෙසටය. ලොකු ස්වමීන් වහන්සේවද වරක් දෙවරක් හමුවීමෙන් අනතුරුව ආශ්‍රමයේ ගැලපෙන කුටියකට ආරාධනාවක් ලැබීම සාමන්‍ය සිරිතය. වරක් මේ ස්වභාවය පැහැදිලි කරන ලෙසට අධ්‍යාන ආයතනයකදී හමුවූ මිතුරෙකු කල ඉල්ලීම මම මෙසේ පැහැදිලි කලෙමි. “ඒක හරියට වෙනම මෙහෙයුම් පද්ධයක් වෙතට පිවිසෙනවා වගේ වැඩක්. ඇයි ඉතින් මෙහෙයුම් පද්ධතිය වෙනස් කරන්නෙ නැතිව ඇප් එකක් වගෙ වුනොත්? තොරතුරු තාක්ශනය පිලිබදව වියත් ඔහු මගෙන් ප්‍රශ්න කොට සිටියාය. බැහැ…. දත්ත ගන්නා ස්වරූපයේ සිට ඒවා සමග කටයුතු කරන ආකාරය දක්වා සියල්ලම වෙනස්.කොටින්ම වෙනස්, සම්පූර්නයෙන්ම වෙනස්”. කෙනෙකුට මෙම වදන් වැල හාස්‍යයයක් ලෙසටද හැගෙන්නට පුලුවන. උපතින් ක්‍රිස්තියානු මහත්මයෙකු වූ ඔහු හට ඔහු වඩාත් ප්‍රිය කරන විෂය ස්වභාවයක් ඔස්සේ එය පැහැදිලි කිරීම වඩාත් පහසු වෙන්නු ඇති බවක් මම සිතුවෙමි.
මෙතෙක් කල් මා මිහිමත කල ජීවිත සක්මනේදී අපූරුතම දෑ කිහිපයක් හමුවී ඇත්තේය. තොරතුරු තාක්ශනය ඉන් එකකි. මා ජීවිත වරම් ලැබූ කාල වකවානුවෙහි එහි වැසියන්ගේ ජීවිත වඩාත් ප්‍රමෝදයට පත්කල විෂය එය යැයි මම සිතමි. අනෙක නම් සක්මන් මලුවයි. “මම” තුනී කර ගන්නට පමනක් නොව බුද්ධි අවකාශයෙහි නිදහසේ සරන්නටත්, නිර්මාන අවකාශයෙහි අපූරුදෑ සොයා බලා ගන්නටත් එය මහත් සහයක් ගෙනන සුලුය. බොහෝ විට ආගන්තුක අධ්‍යානයකට පැමිනි විගස නෙවාසිකාගාරය ලත් සැනින් සොයා බලන්නේ ඒ අවට ඇති ඔබ මොබ සක්මනට සුදුසු කුඩා බිම් තීරයකි. දේශනයකට පෙර අවසාන සූදානම රැගෙන එන්නේ ඒ මත කෙරෙන සක්මනක් සමගිනි. ආගන්තුක කුටියට ඉදිරියෙන් වන සුදුවැලි වැතිරූ සක්මන් මලුව සුපුරුදු සූදානමින් සිටින්නාක් වැනිය.
එහි කිසිදු වෙනසක් සිදුවී නැතිය. එහෙත් මහත් නැවුම් බවක් එහි ඇත්තේ කෙලෙසද යන්න ගැටලුවකි. සමහර විටක මෙහි වන අපූර්වත්වය මා සම්පූර්නයෙන් අත්පත් කර නැතුවා වීම එයට හේතුවක් වන්නට ඇත. අවට වන රූස්ස ගස් නම් නතර විටිනවා වැනිය. සක්මන් මලුව දෙපසින් වන කුඩා මලින් පිරි ගොමු නම් අතුපතර ලමින් වැඩී ඇත. කුඩා ගමන් මලුව පසක තබා ගබඩා භාරකාරතුමා විසින් පිලියල කොට තිබූ සයනයෙහි වැතිර ගන්නට සිත්විය. මහත් සුරක්ශිත බවක් සිත්පුරා දැනෙන්නට ගනී. යලිත් “ජීවිතය” නම් බර පොදිය පසක තබා ලන්නට අවස්ථාවක් පැමින ඇත. බොහෝ විට හමුවන තේරුම් නොමැති තරගයෙන් පසකට වන්නට අවස්ථාව පැමින ඇත. දිව්‍යවම සැහැල්ලු බවක් සිත්පුරා පැතිරේ.දවසේ වෙහෙස මෙන්ම ලත් සැහැල්ලුව සැහැල්ලු නිදිබර බවකට කැඳවනවා වියයුතුය. – Pubudu Siriwansa

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට…

..ගම්මාන හා විශාල වගා භූමීන්ගෙන් ගැවස ගත් තැනිතලා භූමිය මතින් වැටී ඇති මාවෙතහි ආරම්භයේ ඈතින් දිස්වූ කදුයාය පාමුලට ඔබ පැමිනෙන විටදී විශාල දැවයෙන් නිමවන ලද ආශ්‍රම භූමියට පිවිසුම් දොර‍ටුව හමුවනු ඇත.දෙපස පිහිටවා ඇති එම විශාල දැව කදන් දෙකෙහි එක් පසක “මෙතැනින් ඔබ ඇතුලුවන්නේ ඔබ තුලටය” කියාත් අනෙක් පස “කරුනාකර ඔබ ඔබ හැරෙන්නට වෙන කිසිවෙකු සොයා මෙහි නොපැමිනෙන්න” ලෙස සටහන්ව තිබෙනු දැකිය හැකි වනු ඇත. වසර සිය ගනනක් පැරනියැයි සිතෙන තරමේ විශාල වෘක්ෂයන් ගෙන් පිරුන මෙම ආශ්‍රම භූමියේ මද දුරක් ඉහලට නගින විට පලමුවෙන් හමුවනුයේ ගබඩා භාරකරුගේ කාර්යාලයයි. ඔබ ‍රැගෙන එනදැ අවම වන තරමට ඔහු ඔබට වඩාත් කැමති වනු ඇත.. – Pubudu Siriwansa

Posted in Tharu Minisa |

– “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” –

මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. “ඔබ නොදන්නවා උනාට ඔබට පෙනෙන ඔය ගස් වැල් වැලිකැට පස් ගල් පර්වත අතරින් නිරන්තරයෙන් සරන තවත් ජීවයක් තිබෙනවා. සුලග, ආලෝකය, ජලය ගලා යාම ඒ ශක්තිජීවියාව නිර්මානය කරනවා. සමහර විටක විසුලු බවක් පෙනුනද මද හෝ සංවේදී පරිසරයේ කරන සමහර වෙනස් කම් ඔස්සේ ඔබට ඒ අත්දැකීම ලබන්නට පුලුවන් වේවි. ෆෙන්ශූයි, තයිචි වැනි බොහෝ නම් වලින් මිනිසුන් මේ රිද්මයට ලංවෙන්නට උත්සාහ කරලා තිබෙනවා…” ආශ්‍රම භුමියද එවැන්නකැයි මම සිතමි.
කලාතුරකින් සිදුවන අපූර්ව ශක්ති සංයුතියක් මෙහි ගොනුව ඇතැයි මට හැගෙන සුලුය. ලොව නෙක බොහෝ පරිසරයන් කොතැනකදී වත් මෙවන් ශාන්තිමත් තැන්පත් පරිසරයක් මට හමුවී නොමැත්තෙමි. පලමු ආශ්‍රම ගමනේ පලමු දින දෙක තුන ගතවන විටදීම මේ ජීවිත සංචාරයේ නවා තැන වෙතට පැමිනියා වැනි හැගීමක් ඇති විය. දිගු සංසාර ගමනේ මිත්‍රයා හමුවීමක හැගීම ගෙනෙන්නට ටිබෙටියානු මිත්‍රයා සමත්විය. කදුමුනතට වන්නට වූ කුටියෙහි ගෙවූ කාලය දිව්‍ය අත්දැකීමකැයි නොසිතන්නට කිසිසේත් බැරුවා සේය. විටක අඟුරු කැටයකින් විටක සුසුදු වැලි තලය මත ඇගිලිතුඩකින් ඔහු නිමවන සරල රේඛාමය සිතුවම් නෙතද, විටක ආශ්‍රම භූමියේ බටහිර බෑවුමේ පහලින් ගලා යන විශාල ගංගාව අසබට වන්නට විත් වැලි තලය මත වැතිර ඔහුගේ අපූර්ව ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය ගායනා සවනටද ගෙන ආ වින්දනීය බව එම පරිසරය තුලදීම හැරෙන්නට ලොව අන් කිසිම තැනකදී නැවත සිදුවේවි යැයි මට විශ්වාස කල නොහැකිය. ආත්මීය දිව්‍ය අවකාශයට පිවිසෙන්නට තව ඇත්තේ පියවර කිහිපයකි. නොදැනීම පය ඉක්මන් වන බවක් දැනෙන්නට ගැනේ

ආශ්‍රමයේ පිවිසුම සුපුරුදු පරිදිමය. නෙතට හුරු පුරුදු එහි වන සටන් පෙලවල් එලෙසමය. ගබඩාකරුගේ කුටිය හා කාර්යාල ගොඩ නැගිල්ල කාලයෙන් වියුත්තව වෙනම කාල රටාවකට යටත්ව සිටිනවා වැනිය. එහෙත් සුපුරුදු අපූරුවත් බව නම් අඩුවක් නොමැතිවා සේම එලෙසමය. “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” එනම් වෙනස අහිමිවන විටම මානසික වියවුලක් නැගෙන සුලුය. පුදුමයකි කිහිප විටක්ම පැමින බොහෝ කලක් ගතකල මෙම පරිසරය තවමත් පලමුදා මෙන්ම අපමන නැවුම්ය. තැන තැන වන විශාල රුක්ශයන් පවා දැහැනකට සමවැදී නතරවා සිටිනවා වැනිය. නැවත නැවතත් මනස අවදිකරවා ගෙන විමසා බලන්නට තැත් කලෙමි. සියල්ල එලෙසමය.
– Pubudu Siriwansa

මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට …….

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. “ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි…. මම බීටාව. – Pubudu Siriwansa

Posted in Future, Sony, Tharu Minisa |

පස්වන සටහන..

           එම අධ්‍යන ආයතනය සමග එලබතිබූ වසරක එකගතාවය දීර්ඝ කර නොගැනීමට මට සිදුවිය. ලොව වෙනත් කෙරවලක හැදෑරීම් අවකාශයකට යන්නට සිදුවීම කෙදිනකවත් මා නොවිදි අපහසුවක් වන්නාක් සේ මට දැනිනි. අපහසුවෙන් හෝ සමුගෙන යන්නට සිදුව තිබිනි. “අපූර්ව මිතුදම් වලින් සමුගන්නට වීම වඩාත් වේදනා කාරීය. එය හුදු එකිනෙකා මත යැපීමක් හෝ ලාභයක් මත නොව එකිනෙකාට ගරුකිරීම, ප්‍රියකිරීම වැනි සාධක මත ගොඩ නැගෙන නිසාදෝ වඩාත් සිත්පත්ල ආමත්‍රනය වන අවස්ථාවකි”. එම හැගීම එවකට දින සටහනේහි මාතැබූ එක් ආකාරයක් ලෙසට මතකට නැගේ. ඇයගේ සමරු සටහහක් සදහා ආරාධනාවක් ලැබිනි. එම සටහන කඳුලු වසා ගන්නට ගත් අසීරු සටහනක් විය. “අප සමුගෙන යා යුතුය. වඩාත් නැවුම් නැවත හමුවකට නම් සමුගෙන යා යුතුවම ඇත. එම සිදුවීම ඔබට දැනෙන්නේ වේදනාවක් ලෙසටද වඩාත් විවෘත බලාපොරොත්තුවක් ලෙසටද යන්න ඉහත වන තේරීම මත වනු ඇත”. සුපුරුදු අවන්හලෙහි සිකුරාදාවක සැදෑවක් එම අවසන් හමුවට වෙන් වෙමින් පැමින තිබිනි. ඉන්දියානු විස්මිත ස්වර පබදින්නෙකුවූ රවීශන්කර් සංගීත වේදියානන්ගේ දියනියගේ රසවත් තත් හැඬුම් වලින් එම සැංදෑව රසවත්ව තිබිනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වන තුරු අප එහි ‍රැදී සිටියෙමු. රාත්‍රියේ මාගේ නේවාසිකාගාරයේ දොරකඩ අසලමට ඇයගේ රියෙන් මා අරලවා ලන්නට පැමිනිනි. වසරකට ආසන්න කාලයක් පුරාවට පැවති අපේ මිතුදම සදහා විරාමයක් කරා පැමින තිබුනෙමු. මිතිරන් ලෙසට හමුවූ අප මිතුරන් ලෙසටම සමුගෙන යා හැකිව තිබිනි. “ජීවිතය අපූරු අත්දෑකීමකි.” එදින රාත්‍රියේ එම මිතුදම ගැන සංෂිප්ත සටහන වචන දෙක තුනකට ගොනු කර තැබුවෙමි.

                          “මම හිතුවා ඔබතුමා මේ පැත්තටවත් එන්නට ඇතැයි කියලා. සමාවෙන්න ටිකක් ප්‍රමාදවුනා. මම ආවේ ඔබ තුමාගේ ආගන්තුක කුටියත් ලක ලෑස්තිකරලමයි” ගබඩා භාරකරුගේ හඬින් අතීත මතකයන් ඔස්සේ ඇවිද ගිය සක්මන සිතින් ක්ෂනයෙන් මැකී ගියේය. “අපි යමු කාර්යාලය දිසවට” ඔහුගේ ආරාධනයෙන් නැගිට ගත් මම ඔහු සමග එක් විය. “ලොකු ස්වාමීන් වහන්සේ හැන්දෑවේ හමුවීම හැදෑවට වඩාත් සුදුසු වේවි කියලා හිතුවා,එහෙම හොඳද?” ගබඩාකරුගේ කාරුනික වදන් හැසුරුම සිත්ගන්නා සුලුය. කෙනෙකුට මග හැරියද නිහැකි වන සුලුය. වැදගත්ම කාරනය නම් එම වදන් හැසිරවීම කෘතීම එකක් නොව ඔහුගේ මුල් ස්වභාවයෙන් ගලා එන්නක් ලෙසට දැනීමය. – Pubudu Siriwansa

තෙවන සටහන.. -TharuMinisa-

       දැනුම අපූර්ව උපකරනයකි. එහෙත් එයට පාදා දිය හැකිදෑ සීමිතය. ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ ඉන් ඔබ්බටව පවතී. ලොකු ස්වමීන්වහන්සේ දැනුම යන්න පහදා දෙන්නේ වඩාත් අපූර්ව ආකාරයට. විටක ආශ්‍රමය කරා පැමිනෙන තම දැනුම පිලිබද උඩගු වන්නන් හා වාදයට පිවිසෙන්නේ නැත. මද සිනාව උන් වහන්සේගේ වඩාත් සංකීර්න පිලිතුරක වනවාය. විටක ඔවුන් භෞතික විද්‍යාව පිලිබදව වියතුන් වන අතර තවත් විටක වෛද්‍ය විද්‍යාව පිලිබදව වියතුන්ය. ඔවුන් අතොරක් නැතිව පැහැදිලි කරන සංකීර්න කාරනා ලොකුස්වමීන් වහන්සේ බොහෝ විට ඇහුම්කන් දෙන්නේ සුපුරුදු මද සිනාව සමගය. එහි අපහාසාත්මක බවක්, උඩගු බවක් හෝ නොසලකා හැරීමක් නැතිවා වැනිය. වැඩි හිටියෙකු කුඩා දරුවෙකුගේ දගකාර හැසිරීම් දෙස මැදහත් සිතින් බලා සිටිනවා වැනිය.

                          ජීවිතයට හමුවූ අපූරු චරිත අතර වරක් ආසියානු අධ්‍යාන ආයතනයක සේවය කරන අතර නැවතී සිටි නේවාසිකාගාරයට ආසන්න නගරයේ පෞද්ගලික වෛද්‍ය ආයතනයකදී හමුවූ කුඩා වෛද්‍යවරිය මතකයට නැගේ. වයසින් මෙන්ම සිරුරෙන්ද සරල තරුනියකවූ ඇය අහබු ලෙසට වරක් දහවල ආහාරය සදහා නගරයේ අවන්හලක ගොඩව සිටියදී පලමුවෙන්ම හමුවිය. ඇය වඩාත් සිත් ගන්නා ලෙසට දෑ පහදා දෙන්නට සමත් එකියක වූවාය. සාමාන්‍ය වෛද්‍යවරියක ලෙසට සේවය කරමින් සිටින අතරම ඇය වැඩිදුර අධ්‍යාපනයේ නිරතව සිටින්නක වූවාය. තම විෂයෙහි වඩාත් නම්‍යව ඔබ මොබ සරමින් මා අසන ගැටලු පහදා දෙන විටක මා මනස ඉබේම ද්විත්ව ස්වරූපයක් කරා මෙහෙයවෙයි. එක් කොටසක් ඇය මාගේ විමසීම පහදන යුරු අවධානයෙන් සිටින අතර අනෙක් කොටසින් ඇය වඩාත් ලගන්නා හඬින් එම පැහැදිලි කෙරුම කරන ආකාරය වෙතට ඉබේම සමීප වේ. ඉතා වෙහෙසෙමින් තම වෘතීය අනාගතයක් ගොඩ නගාගන්නට වෙහෙසෙමින් සිටිය ඇය වෙතට මා සිත බෙහෙවින් ඇදී ගොස් තිබිනි. තම දැනුම අතර සිට නොව දැනුමට මදක් ඉහලින්වන අවකාශයක සිට දෑ දකින්නට පැහැදිලි කර දෙන්නට ඇයටවූ හැකියාව අපූරුය. මිනිස් සිරුර , මනස, ඒවායේ ස්වභාවය, ක්‍රියාත්මක වන ආකාරය විවිධ ආකාර ගත් ආසාධනයන් චතුර ලෙස පැහැලිකරමින් වටහා දෙන්නට ඇය කැමති විය. එම මිතුදම “හැදෑරිම් ප්‍රියයන් දෙදෙනෙකු” ගේ ලෙසට හැරෙන්නට වෙනත් ආකාරයකට ඒවකට මා භාවිතාකල දින සටහන්වලට අර්ථ ගන්වා ගන්නට මට නොහැකි විය. “මිනිසුන් එකි නෙකා ප්‍රියවීමේ පදනම ඉතා සරල කායික මට්ටමේ සිට අධ්‍යත්මික මට්ටම දක්වන වන වපසරියෙහි බොහෝ නෙක පැහැ ගන්නා අවස්ථා ඇති බව ” එවකට මා සටහන් කර තැබුවා මතකය.  – Pubudu Siriwansa