You Tube පවසන්නේ ඉදිරියේදී තමන් හිංසාකාරී දර්ශන ඇතුලත් වීඩියෝවන් වලට එරෙහිව හා ඒවා තම අවකශය වෙතට අප්ලෝඩ්කරන භාවිතාකරන්නන්ගේ ගිනුම් වලටද එරෙහිව කටයුතු කරන්නට සූදානම් බවයි. ආසන්නතම උදාහරනයක් ලෙසට පැවසෙන්නේ මෑතකදී youtube වල දක්නට ලැබුනු ජපන් සියදිවි නසා ගැනීම් දර්ශන පෙලක් සහිත වීඩියෝව ඉවත්කිරීම මෙන්ම අදාල ගිනුම අක්‍රියකර දැමීමයි. සත්ව හිංසනයට එරෙහි පියවර ගැනීම වැදගත් ලෙසට ඔවුන් සලකමින් සිටින්නේ සතුන්හට මරනීය පීඩා කර දර්ශන ගත කර බෙදාහැරීම ඔස්සේ අන්‍යයන්ටද ඒ සදහා පොලබන්නට කටයුතු කල අවස්ථා බෙහෙමයක් මෑතකදී හදුනා ගෙන තිබූ නිසාවෙනි. මෙසේ පොදුවේ සමාජ මනස වෙත තම රෝගී මනස බෙදා හදා ගනිමින් අනෙකුන් වෙතටද ඒ සදහා පොලබවන කොටස් සදහා තම වීඩියෝ වෙතින් ලබන දැන්වීම් ලාභයන් මෙන්ම ඒවා වෙතට යුටිටුබ් ඔස්සේ ස්වංක්‍රීයව ලැබිය හැකි ඉහලට පැමිනීම්ද වලකන්නට තමන් සූදානම් බවටද ප්‍රකාශ වෙනවා.
– Pubudu Siriwansa
