Back to Top

Category: web site

2021 දී TikTok පලමු වෙබ් අඩවිය වේ.

Cloudflare පසුගියදා පවසා සිටියේ තම වාර්ථා අනූව 2021 වසර සදහා වඩාත් භාවිතාවක් ගන්නා ඩොමේනය වන්නේ TikTok බවයි. TikTok යනු video ඉලක්කගත social media වෙබ් අඩවියක් වන අතර එය Chinese company යක් වන ByteDance යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම ඉහලට පැමිනීම ඔවුන් වාර්ථාකරන්නේ February 17, 2021 දින දවසේ බහුල භාවිතාව වූ මෙම අඩවිය මාර්තු මැයි වන විට ක්‍රමයෙන් ස්ථාවර වූ බවත් Aug. 10 වාන් විට යලිත් පෙන්වූ ඉහල ප්‍රවනතාවය October , November වන විට ස්ථාවරම වූ බවයි. එම නව පෙල ගැස්ම තුල Facebook දෙවන ස්ථානයේ සිට තුන්වන ස්ථානයටත් Microsoft හතර වැනි තැනටත් Apple පස්වන තැනටත් පත් මෙන්ම පිලිවලින් Amazon හා Netflix මීලග ස්ථානයන්ටත් පත්ව සිටින බව ප්‍රකාශ වනවා. එසේම 2021 වසරේ ජනංප්‍රියතම වෙබ් අඩවි පෙලෙහි YouTube අට වන තැනටත් Twitte අඩවිය නමවන තැනටත් WhatsApp දසවන තැනටත් පත්වන අතර Instagram අඩවිය Top 10 අතරින් ගිලිහ තිබෙන බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් Cloudfare ට අනූව තවමත් TikTok වැඩිම traffic එකක් ලැබුවද ලොව වැඩිම භාවිතාකරන්නන් සිටින වෙබ් අඩවිය වන්නේ Facebook වන බවයි.
Pubudu Siriwansa

Posted in Social Networks, web site | Tagged |

භාවිතාකරන්නන්ගේ දත්ත අයිතිය නැවත තහවුරුවට අවධානය…

වෙබ් අවකශයේ නිර්මාතෲ (Sir Tim Berners-Lee) පවසන්නේ තමන් හා කන්ඩායමක් එකතුව වඩාත් සාධාරන වෙබ් අවකාශයක් සදහා කටයුතු කරමින් සිටින බවකි. ඔහු පැහැදිලි කරන්නේ ක්‍රමයෙන් වෙබ් අවකාශයේ ගැවැන දත්ත වල අයිතිය ක්‍රමයෙන් වඩාත් බලවත් අයතනයන් සතුවෙමින් තිබීම තමන් නිරීක්ශනය කරමින් සිටින බවයි. එතුමන් යෝජනා කරන්නේ භාවිතාකරන්නන් හට වඩාත් සධාරන ලෙසට තමන් ගේ දත්ත සමග කටයුතු කිරීමේ අයිතිය නැවත තහවුරු කරගන්නට අවශ්‍යවන කාලය පැමිනෙමින් ඇති බවයි. තමන් Massachusetts Institute of Technology (MIT) සමග කටයුතු කරමින් දැනටමත් මෙම නව ප්‍රවනතාවය තහවුරු කරන open-source project “Solid” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බවට පවසනවා.
ලොව පුරා හදාරන්නන් විසින් පෙනවා දෙමින් සිටින්නේ වේගයෙන් දත්ත වල පෞද්ගලික අයිතිය පුදගල අර්ථයෙන් බැහැර වෙමින් ඒකාධිකාරීන් වෙතට අත්වෙමින් තිබන අතර විටක ඒවායේ සාධාරන අයිතියට එරෙහිව පවා පහසුවෙන් ඒවා භාවිතා කිරීමේ හැකියාව නිර්මාණය වෙමින් තිබෙන බවයි. විවිධ ඇප් මෙන්ම වෙබ් අඩවි විසින් මෙම ප්‍රවනතාවය පෙන්වමින් සිටින බවට ඔවුන් පැහැදිලි කරනවා.   – Pubudu Siriwansa

www.rapidshare.com අඩවිය මාර්තු 15 සිට වසා දමන්නට නියමිතය….

     ගොනු හුවමාරු වෙබ් අඩවි වෙතට ගෙවීගිය වසර කිහිපය මුලුල්ලේම විවිද ආකාරයේ නෛතික ගැටලු පැමිනින. RapidShare අඩවිය මේ අතරින් තරමක පැවත්මක් දිනා ගත් වෙබ් අඩවියක වූවාය. පැමිනෙන නවතම නිවේදනයක් පවසන්නේ එලබෙන මාර්තු මස 15 වන විට එම වෙබ් අඩවියද සම්පූර්නයෙන් වසා දමන්නට නියමිත බවකි.ඔවුන් නිවේදනය කරන්නේ එම අඩවිය ඔස්සේ ගොනු බෙදා හදා ගැනීම කල භාවිතාකරන්නන් හට තම ගොනු backup කිරීමට කටයුතු කරන ලෙසටය. ඔවුන් පැහැදිලි කරන්නේ එසේ තම ගොනු වල පිටපත් ලබා නොගන්නා බාවිතාකරන්නන්ගේ දත්තයන් මාර්තු 31 වන විට සම්පූර්නයෙන් හා නැවත ලබා ගත නොහැකි වන ලෙසට අහිමි වීම සිදුවන බවකි.

Posted in internet, web site |

Google වෙතින් AMP pages අවධාන 2016 මුල සිට…

    Google පවසන්නේ තමන් 2016 මුල් කාලය වන විට mobile Web වඩාත් වේගවත් කිරීමේ ව්‍යාපෘතිය වෙතට වඩාත් ඉලක්ක වෙමින් සිටින බවකි. Accelerated Mobile Pages project.( AMP) ලෙසට වන මෙම ව්‍යාපෘතිය ඔක්තෝබරයේ නිවේදය වූ අතර, එම ආයතනය AMP pages වෙතට traffic කිරීම එලබෙන වසරේ මුල් භාගයේ අරබන්නට නියමිත බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනටමත් බාහිර ආයතනය වන project. comScore, Adobe Analytics, Parse.ly හා Chartbeat  වැනි බොහොමයක් මේ සදහා සහය පලකිරීමට හා AMP වෙබ් පි‍ටු සදහා දැඩි අවධානයකින් කටයුතු කරන්නට සහය පලකර තිබෙනවා. මේ වන විට සංවර්ධකයන් 4500 පමන මෙම ව්‍යාපෘතිය සමග කටයුතු කරන අතර google වෙතින් මෙම AMP ව්‍යාපෘති වෙතට sending traffic ඇරබීමත් සමග වැඩි අවධානයක් ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Posted in Google, web site |