West London වල මහල් 27 කින් යුත් නිවාස සංකීර්නයක විශාල ගින්නක් වෙලාගෙන තිබෙනවා. ගිනි නිවන භටයන් මේ වන විටත් තත්ව්යා පාලනයට කටයුතු කරමින් සිටින නමුත් දරුනු හානියක් පෙනෙන්නට තිබෙනවා. උදෑසන 1.50 ට පමන හටගන්නට ඇති බවට සැලකෙන ගිනි දළු උදෑසන 5.00 පමන වන මේ වන විටත් සම්පූර්නයෙන් පාලනයට අසමත්ව තිබෙනවා. ඇසින් දුටු වාර්ථා පවසන්නේ ඉහල මහල් වල කවුලු වලින් පිටතට පනින මිනිසුන් දැක ඇති බව වන අතර තවමත් හානියෙන් වූ ජීවිත හානීන් හෝ තුවාල කරුවන් පිලිබඳ තොරතුරු නිකුත්ව නැහැ. දෙවන මහලේ සිට සිට ඉහලට මෙම ගින්න පැතිර යන්නට ඇති බවටයි දැනට පැහැදිලි වන්නේ.
මීටර 100 කින් උස් මෙම ගොඩනැගිල්ලේ නිවස්න 120 පමන තිබෙන බවට සැලකෙන අතර දැනට දෙදෙනෙකුට පමන ප්‍රථිකාර ලබා දී ඇති බවට වාර්ථ වෙනවා. ගිනිනිවන භටයන් 200 කින් යුත් බලකායක් තත්වය පාලනයට කටයුතු කරමින් සිටින අතර ලන්ඩන් වල නගර ප්‍රධානියා මේ වන විටත් සිදුවීම ප්‍රධාන ගනයේ සිදුවීමක් ලෙසට නම් කර ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. ආරක්ශන පද්ධති ක්‍රියත්මක නොවීමක් පිලිබඳව මත පලවෙමින් තිබෙන අතර පිරිසක් තවමත් ඉහල මහල් වම සිරව් අසිටිනවා විය යුතු බවටයි සැක කෙරෙන්නේ.