AMD වල graphics drivers හා Windows 10 preview builds අතර ඇතිවී ඇති ගැටලුව තමන්ගේ අවධනයට ලක්ව ඇති බවත් එහිවන compatible නොවන ප්‍රශ්නය සමනය කිරීමට තමන් කටයුතු කරමින්සිටින බවටත් එම ආයතනය නිවේදනය කරනවා. Windows 10 හි 9926 build නම් වන නවතම නිකුතුව සමග එම උපාංගය හඳුනා නොගැනීමේ ගැටලුවක් වාර්ථා වන අතර එය Device Manager වල “code 43” ලෙසට දැක්වෙන බවටයි සටහන් වන්නේ. Twitter ඔස්සේ මුලින්ම මෙම ගැටලුව මතුපිටට පැමිනි අතර AMD ආයතනය මේ පිලිබදව පැහැදිලි පිලිතුරක් නොදුන්මුත් පසුව Microsoft සමාගමේ විමසුමකට පිලිතුරු සපයමින් AMD වල ඉහල නිලධාරියෙක් priority basis ආකාරයට මෙම ගැටලුව සදහා කටයුතු කරමින් සිටින බවට පැහැදිලි කර සිටින ලදී. මෑතදී Windows 10 පෙර සංස්කරනය සමග අත්හදා බැලීමට වැඩි පිරිසක් පෙලබෙමින් තිබෙන බවට හැදෑරුම් වාර්ථා පෙන්නමින් ඇති අතර AMD වෙතින් පැමිනෙන update ඔස්සේ දැනට එමසංස්කරනය සමග ගැටලු සහිත වාන් භාව්තාකරන්නන්හට සහනයක් වනු ඇති බවට බලපොරොත්තු වෙනවා.