Microsoft සමාගම තම Windows 10 සමග වේගවත් නිකුතූන් පෙලකට පැමිනෙන ලදී.  Windows 10 Insider Preview build ඔස්සේ දිග හැරෙන මෙම නිකුතූන් පෙල ඔස්සේ නිරන්තරයෙන් නවතම සංස්කරන පැමිනීම සිදුවන අතර ලොව පුරා වන විශාල භාවිතාකරන්නන් පිරිසක් තම දෛනික භාවිතාවන් ඔස්සේ වඩාත් සාර්ථක නිකුතුවක්සදහා සහය දෙමින් සිටී.  මෑතකදි පැමිනි මේ ආකාරයේ පෙර සංස්කරන දෙකක් සසදමින් භාවිතාකරන්නන් අතර මතුවූ සංවාදයක් වූවේ මෙම සංස්කරන අතර ගෙනෙන වෙනස් ඉතා අවම මට්ටමක පවතින් බවයි. කෙසේ වෙතත්  Windows 10 Insider Preview build 11099 හා 11102  අතර ලෙසට දැක්වුනු මෙම සංසන්දනය ගෙන හැර දක්වමින් Microsoft සම්බන්ධිත අයකෙගෙන් පැමිනෙන පැහැදිලි කිරීමක් හෙලිකර සිටියේ එම සංස්කරන දෙක අතර වන වේන් කිරීම් ප්‍රමානය 1200 තරම් ඉහල අගයක පවතින බවකි. හදාරන්නන් අතරින් පැමිනි චෝදනාවක් වූවේ Edge බ්‍රවුසරයේ forward buttons මත right click කොට jump-list ලබා ගැනීමේ හැකියාව හැරුන විට පෙනෙන මට්ටමේ වෙනසක් ගෙනෙන්නට නව සංස්කරනය අසමත්ව ඇති බවකි. එසේම එම ආරන්චි මාර්ග පැහැදිලි කර සිටියේ UX level දියුනු කිරීම් රාශියක් ඉදිරි සංස්කරන සමග පැමිනෙන්නට නියමිත බවකි.