Microsoft සමාගම Windows 7 වල Service Pack 1 සදහා වන සහය කාලය ජනවාරි 13 වන විට අවසාන වන්නට නියමිත අතර ඉන් පසුව එලබෙන්නේ ‘extended suppor’ කාලය බවට මේ වන විට සැලසුම්ව තිබෙනවා. එම කාල වකවානුවද January 14, 2020 වන විට අවසන් වන්නට දැනට සැලසුම්ව තිබෙනවා. Desktop භාවිතාවෙන් වැඩිම ප්‍රථිශතයක් මේ වන විට Windows 7 විසින් අත්පත්කරගෙන ඇති අතර XP භාවිතාව ක්‍රමයෙන් අවම වෙමින් පවතින බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. Microsoft ක්‍රමවේදයට අනූව මෙම කාලසීමාව ඉක්මවීම යනු භාවිතාකරන්නන සදහා ප්‍රධාන මට්ටමේ ගැටලුවක් නොවන්නේ ඉදිරි වසර පහ තුලද patching මට්ටමේ යාවත්කාලීන නිකුත් වන මුත් නවාංග හා වැඩි දියුනු කිරීම් පැමිනීම පමනක් අවසන් වීමය.
මේ වන විට Windows 10 පැමිනීම මෙම වසරේ දෙවන භාගයට සැලසුම් ව ඇති අතර පෙර සංස්කරන මට්ටමේ සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන නිකුතුවක් මෙම මාසයේ අවසන් භාගයට මේ වන විටත් නියමිතව තිබෙනවා. දැනට හෙලිව ඇති නිල නොවන තොරතුරු පවසන්නේ දැනට Windows 7 භාවිතාකරන්නන් සදහා යම් ගෙවීමක් ඔස්සේ Windows 10 සදහා භාවිතාවට පිවිසෙන්නට හැකිවන අතර Windows 8.x භාවිතාකරන්නන් සදහා එය නොමිළේම වන්නට බෙහෙවින් ඉඩ ඇති බවකි. හදාරන්නන් යෝජනා කරන්නේ වැඩි දියුනු කරමින් තිබෙන web browser, Cortana වැනි Windows 10 සමග එන්නට නියමිත නව අංගයන් එම නව මෙහෙයුම් පද්ධතිය වෙතට භාවිතාකරන්නන් කැදවා ගැනීමේදී ප්‍රධාන හේතුවක් වනු ඇති බවකි.