Microsoft වෙතින් දැනට වන අවසන් නිකුතුව ලෙසට වන Windows 10 විශාල උපාංග වපසරියකට සූදානම්ව පැමි නෙන්නෙකි. එය desktop PCs හා notebooks, පමනක් නොව smartphones, tablets, 2-in-1s, smart TVs, set-top boxes, dongle-style ‘PC sticks’, point-of-sale machines, Internet of Things devices වැනි දෛනික භාවිතාවේ වන සියලුම උපාංග මාදිලි සදහා සූදානම්ව පැමිනෙන්නෙකි. ආයතනය පසුගිය සතියේ නිකුත්කල අවසන් තොරතුරු යාවත්කාලීනයට අනූව දැනට මෙම මෙහෙයුම් පද්ධතිය ලොවපුරා උපාංග මිලියන 200 ඉක්මවමින් භාවිතාවේ යෙදෙමින් ඇත. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙම සංක්‍යාව තුල මිලියන 22ක් වන  enterprise හා education අවකාශයේ වන උපාංගද වන බවකි. එසේම enterprise මට්ටමේ වන භාවිතාකරන්නන් ගෙන් 75% ක් පමන නව මෙහෙයුම් පද්ධතිය අත්හදා බැලීමේ මට්ටමින් භාවිතයට පිවිස ඇති බවයි.
ආයතනය පැහැදිලි කරන ආකාරයට නව මෙහෙයුම් පද්ධතිය වෙතට වන ප්‍රසාදය හුදෙක් සීමිත කාලයක් තුලදී එය භාවිතාවට win 7 හා win 8 වල සිට නොමිලේ ඉහල නංවා ගන්නට වන අවස්ථාව නිසා පමනක් නොව දැනට මෙහෙයුම් පද්ධතියක් අත්හදා බලා ඇති වැඩිම කාලයක් ඔස්සේ එනම් 11 billion පැය සංක්‍යාවක් මෙම මෙහෙයුම් පද්ධතිය ලොවපුරා භාවිතාකරන්නන් අතින් අත්හදා බැලීමට ලක් කිරීම ඔස්සේ වඩාත් නිවැරදි කරගන්නට අවස්ථාව සලසා ගැනීමද වන බවට පැහැදිලි කෙරෙනවා.