Microsoft සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 නිකුතුව ජූලි 29ට මේ වන විට සැලසුම්ව අවසන්ය. මෙතෙක් පැවති Microsoft සම්ප්‍රධාය වෙනස් කරමින් මෙම මෙහෙයුම් පද්ධතිය සදහා පෙර අත්හදා බැලීම් සංස්කරන පෙලක්ම වේගවත් නිකුතූන් ලෙසට පසුගිය කාලයේ පැමිනි අතර එයද අත්හදා බැලීමේ මට්ටමින් භාවිතාකරන්නන් දෙකොටසක් අතර ලොව පුරාවට විමසා බලන්නට කටයුතු කෙරුනා. වින්ඩෝස් දුරකතන මෙහෙයුම් පද්ධතියේ සිට ඩෙස්ක් ටොප් මෙහෙයුම් පද්ධතිය දක්වාම නව පහසුකම් රැසක සමග වඩාත් නම්‍ය සුවපහසු මෙහෙයුම් පද්ධතියක ගෙන එන්නට වන පොරොන්දුව සාර්ථක මට්ටමින් පවතින බව ලොවපුරා අත්හදා බලන්නන්ගේ අදහස් පලවෙමින් ඇති අතර Windows 7 වෙතින් පැමිනෙන්නට වඩාත් ආකර්ශනීය මෙහෙයුම් පද්ධතියක් වන බවට පැහැදිලි වෙමින් තිබෙනවා. Windows 8 භාවිතාකරමින් සිටින්නන් සදහා නොමිළේ භාවිතාවට පිවිසිය හැකි මෙහෙයුම් පද්ධතියක් වන බවට පොරොන්දුවන මෙය උපාංග අතර පහසුවෙන් භාවිතාකරන්නාට සරන්නට සහය මෙන්ම පොදු Apps සමග නම්‍ය භාවිතාවකට සහයවන මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවට පැහැදිලි කෙරෙනවා.