බොහෝ භාවිතාකරන්නන් විමසන ගැටලුවක් වන්නේ Windows 10 හොඳින් ක්‍රියාත්මක වනවාද යන්නය. තමන්  Windows 10 වෙතට පැමිනීම දැනට පවත්වාගෙන යනු ලබද භාවිතාවනට හානියක් නොවේද යන්නය. පිලිතුරද ඉතා සරලය. Windows 10 මෙහෙයුම් පද්ධතියක් ලෙසට සාර්ථක බවය. එය නිවැරදිව ස්ථාපනය කර ගැනීමත්  (මෙහිදී සාමානයයෙන් භාවිතාකරන්න හට විශාල වගකීමක් නොපැමිනෙන ආකයට නිමවී ඇත.) අදාල drivers වැනි සහය මෘදුකාංග නිවැරදිව ක්‍රියාත්මක නොවෙන්නේ නම් පමනක් හා අනෙකුත් මෘදුකාංග නිවැරදිව ක්‍රියාත්මක නොවේන්නේ නම් ඒවා යාවත්කාලීන (මෙම ක්‍රියාවලියද Windows 10 වලදී බොහෝ දුරට ස්වංක්‍රීයව සොදුවේ) කර ගැනීම සමග පහසු භාවිතාවක් එය ගෙනෙනු ඇත. සමහර ආරක්ශක මෘදුකාංග වල windows 10 සදහා යාවත්කාලීන කිරීම් මේ වන විට භාවිතාකරන්න වෙතට නිකුත් වෙමින් ඇති අතර අනෙකුත් මෘදුකාංග භාවිතාවන් සදහාද මෙම පහසුව ඉක්මනින් පැමිනෙමින් ඇත. ඔබගේ භාවිතාව සංකීර්න හා තීරනාත්මක මට්ටමේ එකක් නම් නිවැරදිම පියවර වන්නේ තවත් කෙටිකාලයක් microsoft වෙතට තම නව මෙහෙයුම් පද්ධතිය වඩාත් සුසර කරන්නට අවස්ථාව ලබා දිමය. ඔවුන් දැනටමත් පවසා ඇති පරිදි windows 7 හා  windows 8.1 වල සිට නොමිළේ ඉහල නංවා ගන්නට වසරක කාලයක් ලබා දී ඇති නිසා එය ගැටලුවක් නොවනු ඇත.
අනෙකුත් ගැටලුව වන්නේ භාවිතාකරන්නන් දැනට හුරුව ඇති භාවිතාව සමග නව මෙහෙයුම් පද්ධතියේ සැකසුම් වෙනස් වී ඇත්ද යන්නය. සැබවින්ම නව මෙහෙයුම් පද්ධතිය windows 8 වලට වඩා XP පෙනුමට හා ක්‍රියාකාරී කරවීමේ හැකියාවට කිට්‍ටුය. cortana වැනි පැමින ඇති නව හැකියාවන් නැතිනම් නොටි‍ෆිකේෂන් නව කවුලුව පෙර සුපුරුදු භාවිතාවට හානියක් නොවන ලෙසට සැලසුම් ල්=කරන්නට ඔවුන් සමත්ව ඈත. පැහැදිලිවම සහතික කල හැන්නේ windows 8 වල දී මෙනම් ගැටලුකාරී මුහුනදීමකට windows 10 සමග ඔබට සිදු නොවනු ඇති බවය.