හොඳයි අපිට මෙහෙම හිතන්න පුලුවන්. Windows 10 ගැන ඇති නෙක ආකාර ගත් විවරන අතර වඩාත්ම විප්ලවකාරී අර්ථ දැක්වීමක් වන්නේ එය Windows 8 වලින් ඇරබුනු ඔබගේ පරිගනකට යනු තවදුරටත් එහි භෞතික සීමාව නොවේ යන්න අවසන් වශයෙන් තහවුරු කර සිටින්නක් යන්නය. හිතන්න XP යුගය ඔබේ සමස්ථ පරිගණක හැකියාව එහි දෘඩ තැටිය ප්‍රමුක ව සීමා වෙනවා වුනාට Widows 8 වන කොට Live Tiles වල ඉදලා One Drive වැනි නැතිනම් Office 360 වැනි නෙක හැකියාවන් ඔස්සේ විශාල වුනා. Microsoft ගිනුමක් ඔස්සේ පිවිසෙන ඔබට පහසුවෙන් ඔබගේ අනන්‍යතාවය තව Windows 8 පරිගනකටකට නැතිනම් Phone එකකට පහසුවෙන් ගෙන යන්නට හැකි වුනා. ඔබ දැනටමහ් දන්නවා Windows 10 වලදී පැමිනෙන Cortana වැනි හැකියාවක් එක්ක වඩාත් පුලුල්ව ඔබගේ Digital අනනයතාවය සර්වර ගත වෙනවා. පෙර පරිදි ඔබගේ ලිපි ද්‍රව්‍ය සබඳතා වැනි සීමාව ඉක්මවමින් ඔබගේ සිතුම් පැතුම් වල සිට කරන කියන සෑම දෙයක් දක්වාම එය විහිදෙනවා. සමහර විටක Microsoft ආයතනය Windows 10 පරිගණකයේ දෘශ්‍ය කැපී පෙනුම අඩු වන ලෙසට සැලසුම් කරන්නට තීරනය කරන්නේද දැන් එය ඔබගේ Digital අනන්‍යතාවයට එබෙන කවුලුවක් විනා තීරනාත්මක සාධකය නොවෙන නිසා වෙන්නට පුලුවන්. අමතක කරනට එපා ඔබ Windows 10 යුගයට එනවිට නිරන්තරයෙන් අවදිව තබා ගත යුතු අවධානයන් අතරට දත්ත භවිතාවද තබා ගත යුතු බව. සාමාන්‍ය මට්ටමේදී එය අභ්‍යන්තරවම විශාල දත්ත ප්‍රමානයක් ඔබට නොතේරීම  ලබා ගන්නවා. ඒනිසා ඔබේ උපාංගයේ බැටරිය වාගේම එහි දත්ත භාවිතාව පිලිබදවත් කලපනා වෙන් නොසිටීම ලොකු වැයකට මග පෙන්වාවි.
Windows 10 වන විට තව දුරටත් ඔබට ගෙනෙන සීමාවක් වන්නේ ඔබට වඩාත් විනය ගත වන්නට අනිවාර්ය වීමයි. ඔන ඔබගේ දත්ත උපාංගය ඔස්සේ කරන කියන දෑ බොහොමයක් ඔබ නොදැනීම සර්වරගත වන්නට වැඩි ඉඩ කඩක් වනවා. එම ආයතනය  තම නව මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන ගමන් මතක කල කාරනයක් තමයි තමන් තව දුරටත් මෘදුකාංග ආයතනයකට වඩා සේවා ආයතනයක් දෙසට චලනය වෙමින් තිබෙන බව. ඒ කියන්නේ සේවාවක් වන විට ඔබට කොහොමත් ඔවුන්ගේ සර්වරයන් එක්ක වැඩි විවෘත වීමක් දරන්නට වනවා. මේක ඔබගේ දේශපාලන, පෞද්ගලික වැනි නෙක සීමා එක්ක මොන ආකාරයට අර්ථ නැගුනද අනිවාර්යෙන් ඔබට එකග වන්නට වන කොන්දේසියක්.