Windows 7 හා Windows 8.1 වල සිට windows 10 වෙතට නොමිළේ පැමිනෙන්නට Microsoft වෙතින් ලබා දි තිබූ කාලය 2016 ජූලි වන විට නිමවන්නට නියමිතය. එසේම Microsoft වෙතින් Windows 10 නිකුතුව සමග බලපොරොත්තු පලකරනු ලැබුවේ  පලමු වසර තුන ඇතුලත බිලියනයක භාවිතාකරන්නන් පිරිසකගේ පැමිනීමකි. පැමිනෙන නවතම වාර්ථා පෙන්වා දෙන්නේ මේ වන විට Windows10 භාවිතාව මිලියන 200 ඉක්මවා ඇති බවයි. නිකුතුවෙන් මාස පහක් ගතවන විට මෙම භාවිතාව අත්පත් කර ගැනීම සැලකීමේ දී මසකට මිලියන 40ක වෙගයකින් නව භාවිතා භාවිතාකරන්නන් කැදවා ගන්නට සමත්වීම හදාරන්නන් පෙන්වා දෙන්නේ ආයතනයේ ඉලක්ක වෙතට ලගා වන්නට වැඩි  ඉඩක් ඇති බව පෙන්වමින් සිටින බවකි.
එලබෙන වසරේදී windows 10 වෙතට තවත් ප්‍රධාන යාවතාකාලීනයක් පැමිනෙන්නට නියමිත අතර Windows 10 Mobile මෙහෙයුම් පද්ධතියේ තොරතුරු තවමත් පැහැදිලි නොවන මට්ටමක පවතී. බොහෝ විට 2016 මුල් අවදියේ දී මෙහි න්ජිල නිකුතුව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.