Windows 10 වල ආයතනික අභ්‍යන්තර නාමය Redstone 4 වන්නට බොහෝ දුරට ඉඩ ඇතුවා සේම හදාරන්නන් පවසන්නේ එහි වෙළඳ නාමය Spring Creators Update ලෙසට අනුමාන කල හැකි බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Creators Update නිකුතුව 2016 ඔක්තෝබරයේ නිවේදනය කර 2017 මාර්තු වල නිකුත්වූ අතර Anniversary Update නිකුතුව 2016 මාර්තුවේ නිවේදනය වී එම වසරේම අගෝස්තුවේ නිකුත් වෙන ලදී. තම මීලග windows 10 නිකුතුව පිලිබඳව කිසිදු නිල නිවේදනයක් නිකුත්කරන්නට Microsoftආයතනය කටයුතු කර නැතත් ලබෙන මාසයේ අවසානය වන විට ඒ පිලිබඳව අවසාන සැකසුම් එම ආයතනයේදී සිදුවන්නට නියමිත බවයි.
