Microsoft හි Windows 10 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය “1709” සංස්කරන අංකයෙන් යුතුව Fall Creators Update භාවිත නාමයක් සමග පැමිනෙන්නට ආසන්න වෙමින් තිබේ. ප්‍රධාන ලෙසට සැලකීමේදී භාවිතයේ වඩාත් සුමට සහය ආරක්ෂිත බව දියුනු කර තිබීම මෙන්ම lock screen වල සිටම Microsoft account එකක් නැවත සංක්‍රියකර ගැනීමෙ හැකියාව ඇතුලු බොහෝ දේ පිලිබන්දව මේ වන විට බලාපොරොත්තු පලව තිබෙනවා. සාමාන්‍ය භාවිතාකරන්නන් වෙතට වඩාත් වැදගත් විය හැකි තවත් කාරනවක් වන්නේ කලක් සිට නොයෙකුත් සංස්කරන සමග භාවිතයට පැමිනි අංග කිහිපයක්ම නව සංස්කරන යේදී ඉවත්කරන්නට එම ආයතන සැලසුම් කරන බවට තොරතුරු පල වෙමින් තිබීමයි. ඒවා අතර
3D Builder
Apndatabase.xml
Enhanced Mitigation Experience Toolkit (EMET)
Outlook Express
Reader app
Reading List
Screen saver functionality in Themes
Syskey.exe
TCP Offload Engine
Tile Data Layer
Trusted Platform Module (TPM) Owner Password Management වනවා. මීට අමතරව දියුනු කිරීම් වලින් දැනට ඉවත්කර ඇති බොහෝ විට අවසාන සංස්කරනයෙන් නොපැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන අංග අතර
IIS 6 Management Compatibility
IIS Digest Authentication
Microsoft Paint
RSA/AES Encryption for IIS
Sync Your Settings
Screen saver functionality in Themes
System Image Backup (SIB) Solution
TLS RC4 Ciphers
Trusted Platform Module (TPM): TPM.msc and TPM RemoteManagement
Trusted Platform Module (TPM) Remote Management
Windows Hello for Business deployment that uses System Center Configuration Manager
Windows PowerShell 2.0 වනවා.
කෙසේ නමුත් ආයතනය පවසන්නේ මේ වා අතරින් සමහරක් සදහා වඩාත් සාර්ථක විකල්පම භාවිතයට පැමින තිබීම එක් හේතුවක් බවයි.