Windows භාවිතා කරන්නන් මෙන්ම Windows ලෝලීන් Windows 10 Creators Update වෙතට තබා ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. මේ වන විටත් Microaoft ආයතනය නිවේදනය කර ඇත්තේ එලබෙන ප්‍රධාන යාවත්කාලීන සංස්කරනයේදී මෙහෙයුම් පද්ධතියේ දියුනු කිරීම් වලට අමතරව නව අවකාශ කිහිපයක් වෙතටම තම මෙහෙයුම් පද්ධතිය විවර කරන්නට තමන් සූදානම් බවකි.එලබෙන අප්‍රේල් මාසයට දැනට බලාපොරොත්තු තබා ඇති මෙම නිකුතුව සමග දෑ පහසුවෙන් share කිරීමේ හැකියාව, app භාවිතාව වඩාත් සංක්‍රිය කරමින් start ෆෝල්ඩරය වෙතටත් සම්බන්ද වීම, default මට්ටමින් block වන Flash Playerය හා වැඩි දියුනු වන Edge බ්‍රවුසරය Xbox හැකියව Pc එක වෙතට වඩාත් සමීප වීම , නව ආරක්ශිත බවක් මෙහෙයුම් පද්ධහ්ටිය වෙතට එක් වීම මෙන්ම වඩාත් නිර්මානාත්මක භාවිතාවන් සදහා windows 10 සූදානම් වීම දැනටමත් නිවේදනය වී තිබෙනවා. එසේම අප බලාපොරොත්තු වන වා සේම Mobile භාවිතාව දෙසට Windows 10 වල Pc සංස්කරනය වඩාත් සමීප කරවීම බලාපොරොත්තු වන අතර මෘදුකංගයක් ලෙසට වඩා සේවාවක් ලෙසට දීර්ඝ ගමනක සටහනක් ලෙසට එය ගැන හදාරන්නන් බලාපොරොත්තු පලකරනවා. එසේම හදාරන්නන් පෙන්වා දෙන්නේ දැනටමත් මෙහි පෙර සංස්කරනයේ අවසාන අත්හදා බැලීමේ කාලයට පිවිස ඇති බවට පෙන්වන ලක්ෂන නවතම සංස්කරන පෙන්වමින් තිබීම එහි නිල නිකුතුවට වඩාත් ආසන්න බවකි
