Windows 10 නිල නිකුතුව සිදුවූවේ මෙම වසරේ ජූලි 29 දාය. නිකුතුවෙන් මාස තුනක් නික්මන වන එහි භාවිතාව මිලියන 120 ඉක්මවමින් ඇති බවටයි වාර්ථා වූවේ. Gartner Inc වල හැදෑරීම් වාර්ථාවක් පෙන්වා දෙන්නේ Windows 10 යනු වඩාත්ම ස්ථාපිත windows මෙහෙයුම් පද්ධතිය වනු ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Xp හා windows 7 මීලගට වන භාවිතාවන් වනු ඇති බවකි. නවම මෙහෙයුම් පද්ධතිය සමග free upgrade හැකියාව පැමිනීම මෙම ආකර්ශනයට ප්‍රධාන හේතුව ලෙසට පෙන්වා දෙන අතර 2015 අවසන් වන වන විට තව තවත් භාවිතාවක් ලබන්නට හැකි වනු ඇති බවට බලාපොරොත්තු පල කරනවා. ආයතනික මට්ටමින්ද සැලකීමේදී නව මෙහෙයුම් පද්ධතිය දෙසට භාවිතාකරන්නන් කැදවා ගැනීමේ හැකියාව සාර්ථක බවක් පෙන්වමි ඇති බවට පෙන්වා දෙන අතර 2020ට නියමිතව ඇති windows 7 සදහා නිල සහය දැක්වීම අවසන් වීමද windows 7 පරිසරය සමග හොඳින් කටයුතු කිරීමේ හැකියාව windows 10 රැගෙන විත් තිබීමද මෙම ප්‍රවනතාවයට අමතර හේතූන් ලෙසට පෙන්වා දෙමින් තිබෙනවා. මෙම ආයතනය 2018 දක්වමින් වැඩි දුරටත් හෙලි කරන්නේ touchscreens භාවිතය සමස්ථ notebook භාවිතයෙන් තුනෙන් එකක් දක්වා වැඩි වනු ඇති බවත්ය.